Janashakthi Life ජීවිත රක්ෂණයේ වයස් සීමාව අවුරුදු 80 දක්වා දීර්ඝ කරයි
මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වයස් සීමාව සම්බන්ධ සුවිශේෂී වෙනසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙතෙක් ජීවිත රක්ෂණ ලබාගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට එම අවස්ථාව උදා වනු ඇත. මෙය ජනතාවට ඔවුන්ගේ ජීවිතය පුරාම මූල්‍යමය රැකවරණය ලබාදීම සඳහා Janashakthi Life ගත් වැදගත් හා කාලීන පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
මෙම වෙනස මඟින් Janashakthi Life මෙරට ප්‍රථම වරට ජීවිත රක්ෂණ ලබාගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 65 – 70 සිට අවුරුදු 80 දක්වා දීර්ඝ කර ඇත. මීට අමතරව මෙම රක්ෂණය මඟින් වයස අවුරුදු 90 දක්වා ජීවිත ආවරණයක් සමඟ කල්පිරීමේ ප්‍රතිලාභ හිමි වේ. මෙය මෙරට දීර්ඝකාලීන මූල්‍යමය රැකවරණය සහ මූල්‍ය සේවා අඛණ්ඩතාව සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.
මෙම පුරෝගාමී හඳුන්වා දීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නවතම ජන විද්‍යාත්මක තත්වය සැලකිල්ලට ගනිමිනි. මේ වන විට ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂිත ආයු කාලය දීර්ඝ වෙමින් පවතින අතර රටේ වියපත් ජනගහනය ඉහළ යමින් පවතී. මෙම පිරිසට මූල්‍ය සුරක්ෂිතතාව, ආත්ම ගරුත්වය සහ ජීවන ස්ථාවරත්වය සහිතව ජීවිතයේ සැඳෑ සමය ගතකිරීමට අවස්ථාව සලසා දීමේ අවශ්‍යතාව මේ වන විට දැඩි ලෙස මතු වී තිබේ. Janashakthi Life විසින් මෙලෙස වයස් සීමාව සංශෝධනය කර ඇත්තේ එම අවශ්‍යතාව සපුරාලීමේ අරමුණිනි.
“ජනතාවගේ අපේක්ෂිත ආයු කාලය ඉහළ යාමත් සමඟම සමාජය තුළ ඇති වී තිබෙන සැබෑ තත්වයන්ට අනුව හැඩගැසීමට රක්ෂණ ක්ෂේත්‍රය නොපමාව කටයුතු කළ යුතු වනවා. Janashakthi Life හි අපගේ අරමුණ වන්නේ, ජීවිතයේ වටිනාම දෑ සඳහා රැකවරණය දෙන හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන අතරම සදාචාරාත්මකව සහ විනිවිදභාවයෙන් යුතුව ගනුදෙනුකරුවන්ගේ ජීවන තත්වය නඟාසිටුවමින් ඔවුන්ගේ සිහින බලගැන්වීමයි. මේ වන විට අප නවතම හඳුන්වාදීම් රැසක් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට දායාද කර තිබෙනවා. COVID ආවරණය, AIDS ආවරණය සහ හමුදා ආවරණය ආදිය ඊට උදාහරණ ලෙස දැක්වීමට පුළුවන්. මෙය ජනතාවගේ සැබෑ සහ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන රක්ෂණ සැලසුම් හඳුන්වා දීම සඳහා අප ගන්නා උත්සාහයට මනා සාක්ෂියක්.” Janashakthi Life හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය.
Janashakthi Life ආරම්භ වූයේ සැමට රක්ෂණ හිමිකර ගැනීමට අවස්ථාව උදා කර දීමේ අරමුණිනි. එම අරමුණ ඔස්සේ රට පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන අවශ්‍යතාවන්ට සැබැවින්ම ගැළපෙන රක්ෂණ විසඳුම් ලබාදීමට Janashakthi Life සමත් වී තිබේ.

Leave a comment