රයිගම් ටෙලීස් 2023 හා කදිර දිව්යරාජා සිනමා සිත්තමේ දින 100 සපිරීමේ මාධ්‍ය දැක්ම

20 වැනි රයිගම් ටෙලීස් උළෙල සම්බන්ධයෙන් 2023 නෙැවැම්බර් මස 15 වැනි දින පැවති

මාධ්‍ය හමුවේදී නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි.

2023 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන 20 වැනි රයිගම් ටෙලීස් උළෙලේ පූර්වාරම්භය රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය සාඩම්බරයෙන් නිවේදනය කර සිටී.

පෙළගැස්ම

2023 නොවැම්බර් 15 - මාධ්‍ය හමුව හා අයදුම්පත් කැඳවීමේ නිවේදෙනය

2024 ජනවාරි 15 - 2023 වර්ෂයට අදාල අයදුම් පත් හා නිර්මාණ භාරගන්නා අවසාන දිනය

2024 මාර්තු 01 - නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල - බත්තරමුල්ල, වෝටර්ස්-එජ් පරිශ‍්‍රය

2024 මාර්තු 30 - සම්මාන රාත‍්‍රිය - කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී

මාධ්‍ය හමුවේ සහභාගීත්වය

ප‍්‍රධාන මේසය

ආචාර්ය රවී ලියනගේ             -  සභාපති, රයිගම් සමූහ ව්‍යාපාර

කිශාන් තියෝඩර් මහතා           -  කළමණාකාර අධ්‍යක්‍ෂක, රයිගම් සමූහ ව්‍යාපාර

ගණක අමරසිංහ මහතා           -  ජේ්‍යෂ්ඨ අධ්‍යක්‍ෂක, රයිගම් සමූහ ව්‍යාපාර

බුද්ධදාස ගලප්පත්ති මහතා      -  විනිශ්චය මණ්ඩල සභාපති

තාරක රන්වල මහතා              -  ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - අලෙවිකරණය හා පාරිභෝගික  සේවා, සම්පත් බැංකුව

අනුග‍්‍රාහකත්ව සංකේත හුවමාරු කිරීම සඳහා අනුගග‍්‍රාහකත්ව ආයතන නියෝජනය :

ෘස්කදට වෙනුවෙන් සහකාර කළමණාකරු ව්‍යාපාර සංවර්ධන - යසස්ශ‍්‍රී පෙරේරා මහතා,

අලියාන්ස් ඉන්ෂුවරන්ස් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කළමණාකරු - අලෙවි කළමනාකරණ අංශය

වරුණ හෑගොඩ මහතා ඉමැජින් එන්ටර්ටෙන්මන්ට් කළමණාකාර අධ්‍යක්‍ෂක - සජිත් කොඩිකාර මහතා,

රයිගම් ආර්යා ප්ලස් වෙනුවෙන් සහකාර සන්නාම කළමණාකාරිනී - නිරූෂී තියෝඩර් මෙනවිය,

සැලෝන් නයනා වෙනුවෙන් එහි ආරම්භක සභාපතිනී - නයනා කරුණාරත්න මහත්මිය,

ස්ටොන් ඇන්ඞ් ස්ටි‍්‍රං වෙනුවෙන් එහි මොස්තර නිමැවුම් හා ආයතනික කළමණාකාර - දීමාල් ජයසූරිය මහතා

රයිගම් ටෙලීස් - ජාතියේ ටෙලි සම්මාන

විවිධ කලා ක්‍ෂේත‍්‍රයන්හි නියැලි ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයන් ඇගයීම තුළ වඩාත් ඉහළ නිර්මාණශිිීලිී හා ගුණාත්මක නිර්මාන බිහිකිරීම උනන්දු කරවීම සඳහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන උළෙල රාශියක් පැවැත්වේ. 1964 මැයි මස 9 වැනි දින පැවති සරසවිය සිනමා සම්මාන උළෙල ශ‍්‍රී ලාංකික අපේ කු`ඵඳුල් දේශීය සම්මාන අත්දැකීමවූ අතර, පසුකාලීනව රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික සමාගම් විසින් සිනමා නාට්‍ය හා රූපවාහිනී සම්මාන උළෙල රැසක් එක්කළ අතර ඉන්  උළෙල  කිහිපයක් මේ වන විට නොපැවැත්වෙන අතර තවත් සමහර උළෙල වරින් වර පැවැත්වෙන බව දැකිය හැකිය.

මෙම තත්ත්වය යටතේ දිවයිනේ ප‍්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින්  2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උළෙල අඛණ්ඩව වාර්ෂිකව පැවැත්වේ. මේ වනවිට දිවයිනේ ප‍්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂනීය සම්මාන උළෙල බවට රයිගම් ටෙලීස් පත්වී ඇති අතර අඛණ්ඩව වර්ෂ 19 ක් ඉතා සාර්ථකව පවත්වා ඇත. විශේෂයෙන්ම නිර්මාණ විනිශ්චයේදී ඉහල ගුණාත්මක භාවයක් රඳවා ගැනීම, සෑම විටම නව්‍යකරනයෙන් යුත් සම්මාන උළෙලක් පැවැත්වීම සහ වැඩිම නාලිකා සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කිරීම  මෙන්ම සමාජ මාධ්‍ය තුළ ඉහල අවධානයක් දිනාගැනීම වැනි හේතුන් මෙම තත්ත්වය කෙරෙහි බලපාන ලද ප‍්‍රධාන සාධක වේ.

රයිගම් ටෙලීස්  - දේශීය සම්මාන උළෙල සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක නියැලී ඇත. විශේෂයෙන් ජාත්‍යන්තර  උළෙල සංස්කෘතිය හා යමින් ප‍්‍රධාන උළෙලට පෙරාතුව නිර්දේශිත නාම ප‍්‍රසිද්ධකිරීම ප‍්‍රථම වරට හඳුන්වා දුන්නේ රයිගම් ටෙලීස් වන අතර, සිය`ඵ නිර්දේශලාභීන්ට වටිනා රක්‍ෂණ ප‍්‍රතිලාභයක් සමග සම්මානලාභීන්ට ඉහල මුදල්ත්‍යාගයන් පිරිනමන ලද්දේ ද රයිගම් ටෙලීස් විසිනි.

රයිගම් ටෙලීස් උළෙල අඛණ්ඩව හා ස්වාධීනව  පවත්වාගෙන යාම ස්ථිර කිරීම සඳහා රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය නමින් වාණිජ පරමාර්ථයෙන් තොර ආයතනයක් ස්ථාපිතකර ඇති අතර ප‍්‍රවීණ හා විද්වත් උපදේශක මණ්ඩලයක් යටතේ එම ආයතනය ක‍්‍රියාත්මක වේ.

මේ රයිගම් ටෙලීස් 20 වන සංවත්සරය සමරන සුශේෂී සම්මාන උළෙලයි

රයිගම් ටෙලීස් හි සාර්ථකත්වය සඳහා සම්පත් බැංකුවේ හවුල් කාරීත්වයෙන් ලැබුණු ශක්තිය ප‍්‍රභල හේතුවක් විය.

අයදුම් කිරීමේ හා තෝරාගැනිමේ ක‍්‍රියාවලිය

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනිමේ ක‍්‍රියාවලිය ආරම්භවන්නේ අයදුම්පත් භාරගැනීම පිළිබඳ ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් හා නාලිකා වෙත යොමු කෙරෙන අයදුම්පත් කැඳවීමේ ලිපි මගිනි. සියලූ අයදුම්පත් අදාල නාලිකා ප‍්‍රධානී විසින්  සලකාබැලෙන වර්ෂයට අදාලව විකාශය වූ බවට සහතික කළ යුතුය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබයි.

මෙවර 2023 වර්ෂයට අදාල අයදුම්පත් භාරගන්නා අවසන් දිනය  2024 ජනවාරි 15 ලෙස තීරණය කර ඇත.

උළෙල සඳහා ඉදිරිපත්වන සිය`ඵ නිර්මාණ නිපුණ හා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කෙරේ.

රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය

බුද්ධදාස ගලප්පත්ති මහතා - සභාපත’

මහාචාර්ය අජන්තා හපුආරච්චි- සාමාජික

මහාචාර්ය රෝහිනී පරණවිතාන - සාමාජික

ආචාර්ය හංසමාලා රිටිගහපොල - සාමාජික

ජයනාත් ගුණවර්ධන මහතා - සාමාජික

රංග දසනායක මහතා - සාමාජික

සමන් වික‍්‍රමාරච්චි මහතා - සාමාජික

සුදත් දේවප‍්‍රිය මහතා - සාමාජික

අබ්දුල් හමීඞ් මහතා  - සාමාජික

වසරේ ජනප‍්‍රියතම ටෙලි නාට්‍යයල ටෙලිනාට්‍ය න`ඵවාල සහ නිළිය පේ‍්‍රක්‍ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වඩාත්ම ජනගත ටෙලිනාට්‍යයල රූපවාහිනී වැඩසටහන සහ ප‍්‍රවෘත්ති විකාශය  දීප ව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක් මගින් තීරණය කරනු ලැබේ. විශේෂ ප‍්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මගින් සිදුකෙරේ.

රයිගම් - සම්පත් යුතුකම

වයස්ගතවීම හෝ සෞඛ්‍යමය හේතූන් මත අපහසුතාවයට පත්වන කලාකරුවන් සඳහා ශක්තියක් ලබාදීම අරමුණු කරගත් ‘‘රයිගම් - සම්පත් යුතුකම’’ වැඩපිළිවෙල පසුගිය වසරේදී හ`දුන්වාදෙන ලදි. ඒ යටතේ ප‍්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා සහ ප‍්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් මහතාගේ වෛද්‍ය වියදම් සඳහා ප‍්‍රථම මූල්‍යාධාර පිරිනමන ලදී.

මීට අමතරව නිර්දේශලාභීන් සඳහා වාර්ශික ජීවිත හා සෞඛ්‍ය රක්ෂණාවරණයක්ද පිරිනමන රයිගම් ටෙලීස් හුදෙක් වාර්ෂික සම්මාන උළෙලකට සීමා නොවූ දේශීය කලාකරුවන් උදෙසා බහුවිධ සත්කාරයක නියැලී සිටි.

සම්මාන කුලක හතක් සහ උළෙල දෙකක්

වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ප‍්‍රධාන උළෙල දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල - භදපසබ්එසදබ ෑඩැබසබට සහ අවසාන සම්මාන රාත‍්‍රියයි.

නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල

ඔස්කා වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙල වල ආභාෂයන් දේශීය සම්මාන උළෙල සඳහා ද යොදා ගනිමින් අවසාන සම්මාන රාත‍්‍රියේදී සම්මාන සඳහා නිර්දේශීත නාමයන් කලින් ප‍්‍රකාශ කිරීමේ උළෙලක් ප‍්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේ රයිගම් ටෙලීස් විසිනි. යම් කලා නිර්මාණයක් හෝ හැකියාවක් ඇගයීම ගුණාත්මක තීන්දුවක් වන අතර සමහර විටකදී නිර්දේශිතයන් තිදෙනාම එක හා සමාන දක්‍ෂයන් විය හැකිය. සම්ප‍්‍රදායික සම්මාන උළෙල වලදී සිදුවන්නේ එක් තැනැත්තෙක් පමණක් සම්මානය ලැබීමත් අනෙක් දෙදෙනාගේ දක්ෂතා නම් සඳහන් කිරීමකට පමණක් සීමා වීමයි.

රයිගම් ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලූ නිර්දේශලාභීන් විශේෂිත උළෙලකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හඳුන්වා දෙන ලදි. මෙහිදි සෑම නිර්දේශිතයෙකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන  රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්‍ෂණයක් තිළිණ කෙරේ. මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කිරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබේ.

නිර්දේශනාම උළෙල සඳහා ෘස්කදට පූර්ණ අනුග‍්‍රාහකත්වය දරන අතර රක්‍ෂණ තිළිණ පිරිනමන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

අවසාන සම්මාන රාත‍්‍රිය

රයිගම් ටෙලීස් සම්මාන රාත‍්‍රිය ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනෙක් වඩාත් උනන්දුවෙන් අපේක්‍ෂා කරන උළෙලක් වන අතර, එය සම්මාන උළෙලකින් ඔබ්බට ගොස් ක්‍ෂේත‍්‍රයේ සහෘදයන්ට වසරකට වරක් මුණ ගැසී සතුටුසාමීචියේ යෙදෙන්නටද ලැබෙන මහ`ගු අවස්ථාවකි. සංවිධායකයන් විසින් සෑම විටම මෙම උළෙල විවිධ නවාංගයන් සහිතව උපරිම තලයකින් සිදු කිරීමට උත්සාහ ගන්නා අතර රූපවාහිනී චැනල පහක පමණ විකාශය සිදු වේ.  ඊට අමතරව සමාජ මාධ්‍යජාල ඔස්සේ ද ඉතා පු`ඵල් පදනමකින් සමාජ ගත වේ.

සියලූ සම්මාන ලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සම්පත් බැංකුවේ අනුග‍්‍රහයෙන් ”සම්පත් මුදල් තිළිණ” නමින් පිරිනමන අතර, අලියාන්ස් රක්‍ෂණ සමාගම විසින් පිරිනමන අලියාන්ස් රක්‍ෂණ තිළිණ සමග වටිනා රයිගම් ටෙලි සම්මානය සහ සහතික පත‍්‍රය පිරිනැමේ.

සම්මාන කුලක

රයිගම්  ටෙලීස්, ටෙලිවිෂන්  මාධ්‍යයේ සියලූ  අංශ පහතින් දක්වා ඇති පරිදි ආවරණය කරයි. 

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

රයිගම්  ටෙලීස්  උළෙලේ  සම්මාන පරාසය පුළුල් කළද  ටෙලි  නාට්‍ය  ස`දහා  ප‍්‍රදානය  කෙරෙන  සම්මාන  සංඛ්‍යාව  එලෙසින්ම පවත්වාගෙන  යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ සහ ටෙලි නාට්‍ය නිර්මාණ  කුසලතාවයන්  අගයමින්  වසරේ  විශිෂ්ටතම  ප‍්‍රාසාංගික,  ඒකාංගික  ටෙලි  නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප‍්‍රදානය කරනු ඇත.

රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

පුංචි තිරයේ ජනප‍්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද පේ‍්‍රක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප‍්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප‍්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප‍්‍රවෘත්ති නිෙවිදනය,  කාලීන  වැඩසටහන්, අධ්‍යාපන,  ළමා, සංගීත, රියැලිටි  හා  දේශපාලන  මෙන්ම  වැඩසටහන්  ඉදිරිපත්  කිරිමේ  (සම්ප‍්‍රවේෂකයන්* විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.

මෙම සම්මාන උළෙලේදී ප‍්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප‍්‍රවේශක ස`දහා සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප‍්‍ර‍්‍රදානය කෙරේ. නිවේදක හා සම්ප‍්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය ස`දහා නැවත අය`දුම් කළ නොහැක. ඒ අනුව මෙවර 2020, 2021 සහ 2022 උළෙලවල ජයග‍්‍රාහකයන්ට මෙවර අයදුම් කළ නොහැක.

ජනපි‍්‍රය සම්මාන

සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප‍්‍රියතම ටෙලි නාට්‍යය,  ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය පේ‍්‍රක්‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙලි නාට්‍ය වි`දින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලූවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ පේ‍්‍රක්‍ෂක ජනතාව එය වැළ`ද ගන්නේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප‍්‍රකාශ කිරීමේ සාධාරණය පේ‍්‍රක්‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප‍්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත. මේ ස`දහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිිවුඩ ීඵී ක‍්‍රමය ප‍්‍රථම වරට හදුන්වා දුන්නේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග‍්‍රහණය කරවීම ස`දහා තම මතය ප‍්‍රකාශ කිරීමට පේ‍්‍රක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.

ජනප‍්‍රිය සම්මාන ස`දහා මනාප ප‍්‍රකාශ කිරීම පහසු කිරීම ස`දහාත් උළෙල පිළිබ`ද යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම ස`දහාත්, ඍ්සට්ප ඔැකැ’ැි නමින් ජංගම දුරකථන යෙදවුමක් :ඵදඉසකැ ්චච* ද ක‍්‍රියාත්මක වේ. මෙම යෙදවුම ඡුක්හ ීඑදරු හරහා බාගත කර ගත හැක. 2024 මාර්තු මස 01 දින සිට 2024 මාර්තු මස 29 දින මධ්‍යම රාත‍්‍රිය දක්වා මෙම ීඵී මත විමසුම විවෘතව පවතී. ීඵී යොමු කළ යුතු දුරකථන අංක ජන මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ කරනු ඇත.

ජනගත සම්මාන කුලකය

වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක් මෑතකදී රයිගම් ටෙලීස් විසින් හඳුන්වා දෙන ලදි. වසරේ ජනප‍්‍රියතම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය න`ඵවා සහ නිළිය පාඨක මනාපය අනුව තීරණය කළද ජනතාව අතර වඩාත් මුල්බැසගත් නිර්මාණ ඒවා නොවන්නට ඉඩ ඇත. මේ අනුව වඩාත් ජනගත නිර්මාණ තීරණය කිරීම සඳහා ප‍්‍රවීණ ප‍්‍රජාවිද්‍යාවේදීයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්‍ෂමන් දිසානායකයන්ගේ අධීක්‍ෂණය යටතේ දීපව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක්  පැවැත්වෙනු ඇත.  මෙම නව කුලකය ශ‍්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ පාර්ශවකරුන් අතර ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන ඇත.

ජනගත කුලකයේ පහත දැක්වෙන සම්මාන සඳහා 2024 පෙබරවාරි මස 20 වන දිනට පෙර තම අයුදුම්පත් යොමු කරන ලෙස සියලූ රූපවාහිනී නාලිකාවන්ගෙන් ඉල්ලා සිටිමු.

නිර්දේශලාභීන්ට හිමිවන සියලූ වරප‍්‍රසාද වලට අමතරව, රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන ලාභීන් ස`දහා සම්පත් මුදල් තිලිණ ප‍්‍රදානය කරන අතර මෙවර එය රුපියල් ලක්ෂ 33 ක් දක්වා වැඩි කර ඇත.

පසුගිය වසර 13 මුළුල්ලේ උළෙලේ සම හවුල්කාරීත්වය දරණ සම්පත් බැංකුවේ දායකත්වය සහ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ අනුග‍්‍රාහකත්වය දරණ ෘස්කදට දායකත්වය ස්තුති පූර්වකව සිහිපත් කරමු.

උළෙලේ තාක්‍ෂණ සහය ඉමැජින් එන්ටර්ටේන්මන්ට් වෙතිනි. නිර්දේශලාභීන් ස`දහා රක්ෂණ ආවරණ තිළිණ කරන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

උළෙල නියෝජනය කිරීම ස`දහා සුදුසුකම් ලබන නිර්මාණයන් මෙසේය

ටෙලි නාට්‍ය - 2023  වර්ෂය තුලදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය වේ.

වෙනත් නිර්මාණ - 2023 වර්ෂය තුලදී ශ‍්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප‍්‍රථම වරට විකාශය වී තිබිය යුතුය. නැවත විකාශනය කළ නිර්මාණ සලකා නොබැලේ. තවද රියැලිටි වැඩසටහන් ආදිය අදාල අදියර :ීැ්ිදබ* අවසන් කර තිබිය යුතුය.

කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වු නිර්මාණ සහ හ`ඩකැවීම් ඇතු`ඵ කිසිදු විදේශ නිර්මාණයක් (හ`ඩකැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය ස`දහා හැර* මෙම උළෙල ස`දහා සුදුසුකම් නොලබයි.

වැඩසටහන් ඉදිරිපත්  කිරීම සහ නිවේදක නිවේදිකා අංශය ස`දහා අදාාල නාලිකාව ම`ගින් හෝ තනිව අයදුම් කළහැකිය.

ප‍්‍රවෘත්ති නිවේදක සහ සම්ප‍්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන  ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එම සම්මානය ස`දහා නැවත අයදුම් කළ හැක්කේ වසර 03 ක් ගතවීමෙන් අනතුරුවය.

අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම

රයිගම් ටෙලීස් 2023 උළෙල ස`දහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2023 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල ස`දහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් 074 4061 508 හෝ 074 4061 602 අංක ම`ගින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.

 උළෙල සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසිපරිදි සම්පූර්ණ කල අයදුම් පත‍්‍රයක්ද සමග යොමු කළ යුතුවන අතර අයදුම්පත් තම නාලිකාවලින්, ඉහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ අඅඅගර්සට්පඑැකැැිගකන වෙබ් පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

අයදුම්පත් සම`ග තම නිර්මාණ ඪධඊ හෝ ඵචැට වර්ගයේ සංයුක්ත තැටි :ක්‍ෘ* සංක්‍යාත වීඩියෝ තැටි :ෘඪෘ* ම`ගින් පහත ස`දහන් ලිපිනය වෙත භාරදිය යුතුය,

රයිගම් ටෙලීස් නිර්මාණ බාරගැනීමේ විශේෂ කාර්යාල,

රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය, අංක 23, වාලූකාරාම පාර, කොළඹ 03.

ත්‍දං ප‍්‍රදර්ශනාගාරය, හොරණ පාර, කොට්ටාව. (කොට්ටාව ණැැකකි ීමචැර ඉදිරිපිට*

ඛ්චරද ඔැජයබදකදටසැිල අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැගිල්ල,කොළඹ 03.

ශ‍්‍රී ලංකාවේ රුපවාහිනි ක්‍ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා අඛණ්ඩව 20 වන වරටත් පවත්වන රයිගම්  ටෙලීස්  පිළිබඳ පුවත  -  දහස් සංඛ්‍යාත රූපවාහිනී මාධ්‍ය සහ පිරිවර වෙතද, එහි ප‍්‍රතිලාභීන්වන ලක්‍ෂ සංඛ්‍යාත මහජනතාව වෙතද, ගෙනයාම සඳහා මුද්‍රිත, ගුවන් විදුලි, රූපවාහිනී මාධ්‍යයන්ගේ දායකත්වය රයිගම් ටෙලීස් ගෞරවයෙන් අපේක්‍ෂා කරයි.

වැඩිදුර තොරතුරු සඳහා

රෝහණ කුමාර   - 074 4061 508

ලහිරු පෙරේරා   - 074 4061 602

දු.ක: 011 4886777, 011 4886888

ෆැක්ස්: 011 753341-2

ඊ මේල්: [email protected]­­­

වෙබ්:  www.raigamtelees.lk

 

ඇසළ පුන් පොහෝ දිනය Read Previous

ඇසළ පුන් පොහෝ දිනය

මානෙල් දිවි ගමනට සමු දෙයි Read Next

මානෙල් දිවි ගමනට සමු දෙයි

Realted Post

Leave a comment