“Kalopsia – කැලොප්සියා” රූගතකිරීම් අවසන්
ශ්‍රී ලාංකීය නවපරම්පරාව අධ්‍යක්ෂකයෙකු ලෙස විශිෂ්ට අත්දැකීම් ගොඩනගා ගෙන යන ධනුෂ්ක කුමාරතුංගගේ නවතම කෙටි චිත්‍රපට නිර්මාණය වන “Kalopsia – කැලොප්සියා” චිත්‍රපටයේ සියළු රූගතකිරීම් මේ වන විට සම්පූර්ණ කර තිබේ. මෙය ඔහුගේ දෙවැනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර, Canton Cinema නිෂ්පාදනයෙන් එළිදැක්වෙන නිර්මාණයකි.
“Kalopsia – කැලොප්සියා” තුළින් වර්තමාන සමාජය තුළ තාරුණ්‍යය දරණ සමාජීය, ආර්ථික සහ දේශපාලන බලපෑම් අවධාරණය වන අතර, නාගරික හා ග්‍රාමීය සමාජය අතර පවතින විශමතාවයන්ටද ගැඹුරු අර්ථ දැක්වීමක් ලබා දෙයි. කතාවේ දී ස්ත්‍රී-පුරුෂ මනෝභාවයන්, ආදරය, සෙනෙහස, ලිංගිකත්වය, නිදහස සහ පුද්ගලානුබද්ධ හැසිරීම් පිළිබඳ විවරණයන් ගොඩනැගී, තාරුණ්‍යයේ ආදර කතාවක් මූලික කරගෙන විචාරාත්මක සංවාදයක් බිහි කරයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නිපුනි ජයසිංහ, හේෂාන් මල්ලව සහ මධුශංක නුවන් ය. තවද, අධ්‍යක්ෂණය සහ පිටපත – ධනුෂ්ක කුමාරතුංග, සහය අධ්‍යක්ෂණය – රෝෂන ද සිල්වා, සංස්කරණය – සිසිල් මධුරංග, කැමරාකරණය – අසංග අඹගස්පිටිය, වේශ නිරූපණය – මධුශංක නුවන්, සංගීත අධ්‍යක්ෂණය – මලිත විරාජ් යන අයගේ දායකත්වයෙන් නිර්මාණය සම්පූර්ණය වී ඇත.
මේ අතර, චිත්‍රපටයේ තේමා ගීතය “ආදරේ හාස්කම්” ද යථා කාලීනව ජනගත කර ඇති අතර, එය මලිත විරාජ්ගේ මනෝහර ගායනයකින් සමන්විත වේ. ගීතයේ ගී පද රචනය ධනුෂ්ක කුමාරතුංග විසිනි. “ආදරේ හාස්කම්” ගීතය දැනට YouTube හරහා නරඹන්නට ලැබේ.
ඉදිරියේදී දේශීය සහ ජාත්‍යන්තර තරඟාවලියන් වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වන “Kalopsia – කැලොප්සියා” කෙටි චිත්‍රපටය, ශ්‍රී ලාංකීය නව පරම්පරාවගේ චිත්‍රපට අත්දැකීම් වලට අලුත් දැක්මක් ගෙන එනු ඇති බව සැලකේ.
Leave a comment