ගැරඬි, නයි මරලා පව් පුරෝ ගන්න එපා. මෙහෙම කියන්නේ ඇයි ?

මේක සර් ප කතාවක්. සර්පයන් සමඟ නිරතුරු දක්නට, සර්පයින්ට කුඩා කළ සිට ආදරය කළ ඔහු අද සත්ව උපාධිධාරියෙක්. ඔහු සර්පයින් ආරක්ෂිතව අල්ලා ඔවුන්ව නිදහස් පරිසරයකට මුදවා හරින්නත් වගබලා ගන්නෙක්. නමින් භාසුරු ප්‍රභාශ්වර. මේ ඔහු සමඟ සිදු කළ සාකච්චාවකි.

"වෙනත් රටවල සර්පයින් සම්බන්දයෙන් වැඩ කරන බොහෝ අය හිටියට, අපේ රටේ හැමෝම කැමති බල්ලෝ සහ පූසන්ට. සර්පයින්ට තියෙන කැමැත්ත මට පොඩි කාලේ ඉදලා තිබ්බ දෙයක්. සර්පයෝ භයානක නිසා මුලින් ගෙදරින් අකමැති වුණාට දැන් ගෙදර අය කැමතියි.  සර්පයෙක් අල්ලනකොට සතාගේ මගේ ආරක්ෂාව වගේම සතාගේ ආරක්ෂාවත් බලන්න ඕන. ". කතාවට මුල පිරුණෙ එහෙම. 

භාසුරු ඇල්ලූ මුල්ම සර්පයා ගැරඩියක්. ඒ ඔහුගේ අවුරුදු 12දී. "සර්පයෝ කියන්නේ හරිම ලජ්ජාශීලී සත්ව කොටසක්. එනිසා ඔවුන් නිතරම සැගවී සිටින්න උත්සහ කරනවා. මිනිසුන්ගේ ගැලවෙන්න උත්සහ කරනවා. බැරිම අවස්ථාවකදී දෂ්ඨ කරනවා. හිතන්න, අපිට කෙනෙක් ගැහුවොත්  ඇත්ම ආරක්ෂාවට අපි ගහන්න පුලුවන්. සර්පයිනුත් දෂ්ඨ කරන්නේ ආත්ම ආරක්ෂාවට. ගෙදරට එන සර්පයින්ව මරන්න එපා. ගැරඩින්ට භූමිතෙල් ගැහුවම, කොරපොතු පවා යනවා. 

ඔන්න ඕකයි, නයි මරලා, ගැරඬි මරලා පව් පුරෝ ගන්න එපා කියලා කියන්නේ. අපිට ඇසිඩ් ගැහුවා වගේ. මට හම්බ වෙනවා ගරාදි කොරපොතු ගැලවෙනවා එක පුදුම වේදනාවක්. පුදුමාකාර වේදනාවක් විදලා ඔවුන් මැරෙන්න. සර්පයින් මෙලෙස පැමිණෙන්නේ අපිරිසිදුකම නිසා බෝ වෙන ගෙම්බෝ, මීයෝ වැනි සත්තු අහාරයට ගන්න. ඒ නිසා තමන්ගේ පරිසරය පිරිසිදුව තබා ගන්න වග බලා ගන්න. 

"මරණයෙන් ගලවලා ඔවුන්ව නිදහස් පරිසරයකට නිදහස් කරනකොට ලැබෙන්නේ පුදුමාකාර සතුටක්". ඔහු ඔහුගේ කාර්ය සතුටින් ඉටු කරන්නේ ආදරයත් මුසු කරගෙන. එහෙම වුණාම එහි සාර්ථක නිමාවක් දකින්න හැකි වෙනවා. 

මේ වචනවල ලොකු බරක් තියෙනවා. ගෙදර එන සර්පයින් මරන්න එපා. බුමිතෙල් ගහන්න එපා. ඒක පුදුමාකාර වේදනාවක් එක්ක ලැබෙන මරණයක්. 
සර්පයකු නිදහස් කරනවා නම් ඔවුන්ට ජිවත් විය හැකි නිදහස් පරිසරයකට නිදහස් කරන්න වග බලාගන්න.

අද කතාවේ අන්තිමට මෙහෙම කියන්නම්. 
නිසි අධ්‍යනයකින්, පුහුණුවකින් තොරව සර්පයින්ව අල්ලන්නත් එපා, නිවසට සර්පයෙක් ආවා කියලා මරණනත් එපා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් මේ පරිසරය අයිතියි 

  • අශන්ති වරුනසුරිය.

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම් Read Previous

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම්

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment