වියට්නාමයේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කෙරේ

වියට්නාමයේ හැනෝයි නගරයේ පිහිටි Vinh Trang Pagoda විහාරස්ථානයේ ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීමේ විශේෂ ආගමික වැඩසටහන පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දීර්ඝකාලීන බෞද්ධ හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පැවති මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගී විය.

මෙම පුණ්‍යමය අවස්ථාවට ශ්‍රී ලංකාවෙන් වැඩම කළ ගෞරවණීය මහා සංඝරත්නය මෙන්ම වියට්නාමයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාද එක්ව සිටියහ.

එමෙන්ම වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයේ සුවිශේෂී සංකේතයක් වන ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් වියට්නාම භූමියේ රෝපණය කිරීම දෙරට අතර බෞද්ධ ආගමික, සංස්කෘතික හා මිත්‍රත්ව සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

ශීතකරය පිරිසිදු කරන පහසුම ක්‍රමය Read Previous

ශීතකරය පිරිසිදු කරන පහසුම ක්‍රමය

භක්තියෙන් හා අභිමානයෙන් දුටු සෙංකඩගල මහා මංගල්‍යය Read Next

භක්තියෙන් හා අභිමානයෙන් දුටු සෙංකඩගල මහා මංගල්‍යය

Realted Post

Leave a comment