මගේ සැමිය තවත් පිරිමියෙක් එක්ක එතන හිටියෙ බැඳපු ජෝඩුවක් වගේ

 

පෙනෙන මානයේ ඇත්තේ වේගයෙන් ඇදෙන වාහන පේළිය. හිමිදිරියේ අවසන් මොහොත වුවත් හිරු නැග ඇත්තේ මු`ථ පළාතම දවාලමිනි. දෙනෝ දහක් දෙනා ඔබ මොබ ඇවිදිමින්, දිව යමින් සිටිති. මේ බොරැල්ල මංසන්ධියයි. සිය දහසක් සෙනඟ මැද්දේ තමන් තනිවී ඇති බැව් ‘මීනූ’ ට හැඟිණී. බිඳී විසිරී ගිය සිත එක්තැන් කරගන්නට ඕ බොහෝ වෙහෙසක් දැරුවාය. ජීවිතය ආරම්භ වූ තැනින් අවසන් කරන්නට ඈ මේ පැමිණ තිබුණේ බොරැල්ල පොලිසිය වෙතය.

“සර් මට පැමිණීල්ලක් දාන්න ඕන” පොලිස් නිලධාරියා ඉදිරියේ හිත හයිය කරගත් ඕ, දෙනෙතින් වැටෙන කඳු`ඵ සඟවමින් සිටියාය.

“මම දැක්කා දැන් ටික වෙලාවක ඉඳලා මිස් ඈත බලාගෙන අඬපු එකමයි කළේ. මොකක්ද වුණේ? මොකක්ද පැමිණිල්ල?”

ඔහු, අභිෂේක් මහීක බණ්ඩාර. දුටුවන්ගේ නෙත් මෙන්ම සිත් ද මොහොතකට නතර කර තමන් දෙසට නතු කර ගැනීමට ඔහුට ඇත්තේ සහජ දක්ෂතාවකි. අගනුවරට ආසන්න ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණීයේ නිලධාරියකු වන අභිෂේක්, මුලින්ම ‘මීනූ’ දකින්නේ කොළඹ පොත් ප්‍රදර්ශනයේදීය. මහ සෙනග ගොඩක් මැද දෙතුන් වතාවක්ම මීනූගේ ඇඟේ හැප්පුණු ඔහු “අනේ සොරි” කියමින් ඈ දෙස වැඩි විපරමින් බැලුවේය. ඇය ඔහුගේ ඒ බැල්ම හොඳින්ම දුටුවාය.

“ලස්සන කෙල්ලක්”

ධනවත් ව්‍යාපාරික පවුලක එකම දියණිය වන මීනු, විවාහ කර දීම සඳහා ඇගේ මවුපියන් ඔවුන්ගේ ව්‍යාපාර ලෝකයේම තවත් ව්‍යපාපාරික පවුලක පුත්‍රයකු තෝරාගෙන තිබිණී. මීනුගේ දැඩි නොකැමැත්ත මතම තනි තීරණයක් ගත් ඔහු ඇගේ නිවසට යන්නේ තම ආදරණීය පෙම්වතිය බිරිඳ කර ගැනීමට අවසර ඉල්ලීමටය.

එදා සිට දිනපතාම වාගේ ඔහු කුමක් හෝ බොරු දෙයක් කියාගෙන ඈ සොයා ආවේය. ඉඩ ලද සු`ඵ මොහොතක කෝපි කෝප්යක් සප්පායම්වීමට දහවල් ආහාරය ගැනීමට ඔවුන් නතර වූයේ අවන්හල්වලය. කාලය ඔවුන් දෙදෙනාව රැගෙන ගියේ දෙදෙනාටම අවශ්‍ය වූ ‘ආදරයක්’ වෙතය. වසරකට වැඩි කාලයක් එකිනෙකාගේ දුක සැප සොයා බලමින් සිටි මේ ආදරවන්තයින්ට මොහොතක් හෝ ඔවුන් නොදැක සිටින්නට නොහැකි විය.

පෞද්ගලික දුරකථන සමාගමක කළමනාකාරිනියක ලෙස සේවය කළ මීනුට, දෙවැනි වතාවට ඔහු හමුවන්නේ තම රැකියා ස්ථානයට පැමිණ සිටියදීය.

“ය(ර්)ස්. ගුඩ් මෝ(ර්)නින්. කැන් අයි හෙල්ප් යු ස(ර්) ?”

“මට වඩා වැඩියෙන් මොනවද මීනු විශ්වට තියෙන්නේ? මට ඕන ඔයාගේ ෆැමිලි එක නෙමෙයි ඔයාව. මගේ දේපල, වත්කම්, සැලරි එක, මේ හැමදේම ඔයා දන්නවා. ඔයා එපා කිව්වත් මම ඔයාගේ ගෙදරින් ඇවිත් අහන්නද?”

’‘සොරි පුතා. අපි තීරණයක් අරගෙන ඉවරයි. ඔයාට ඒක මීනු කිව්වේ නැද්ද? ඒගොල්ලේ අපේ බිස්නස් පාර්ට්නස්ලා.” ව්‍යාපාර ලෝකය හැර වෙනත් කිසිවක් නොදැන සිටි මීනුගේ පියා තම අවසන් කැමැත්ත එසේ ප්‍රකාශ කළේය. ’‘තේරුමක් නැහැ අභී. මම කිව්වා ඔයාට. ඒ ගොල්ලෝ ඉන්නේ ඒකමතික තීරණයක. මමයි දැන් මගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න ඕන.”

වසර විසි හතක් ඇති දැඩි කළ දෙමාපියන්ට සමුදුන් මීනු, එක්තරා දිනෙක හොර රහසේම ඔහු සොයා ආවාය. ඔහු ඈ පිළිගත්තේ තම සුවිසල් නිවසේ අති උත්කර්ශවත් සාදයක් සූදානම් කරමිනි. තම ස්වාමියාගේ හිත මිතුරන් සමාජයේ කෙතරම් ඉහළ පැලැන්තියේ උදවියදැයි මීනු දැනගත්තේ ඒ මොහොතේදීය.

විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු පැවැති එම සාදය අවසානයේ ඈ ඔහුගේ මනාලිය වූවාය. ආදරය මෙතරම්ම මිහිරිදැයි මීනුට කියා දුන්නේ අභිලාෂ්ය. ඔහු නොමැති එක තත්ත්පරයක්වත් ගෙවා දමන්නට ඇයට නොහැකි වූ අතර ජංගම දුරකතනයට පින් සිදුවන්නට මීනු නිතර නිතර ඔහු දැක ගත්තීය. “ළමයෝ මම මීට්න් එකක ඉන්නේ. ඔයා එක්ක හුරතල් වෙන්න බෑ පැටියෝ. පස්සේ ගන්නම්”

“ඉතින් මමත් වැඩ තමයි. සොරි සොරි ඉතිං”

කාලය පියාපත් ලැබ තවත් වසක් ගෙවා දැම්මේ දෙදෙනාගේ පළමු විවාහ සංවත්සරය සිහි ගන්වමිනි.

“අපි ග්‍රෑන්ඩ් පාර්ටියක් දාමු මීනු, මගේ කොල්ලෝ ටික පාර්ටි ඉල්ලනවා.” අභිෂේක් කීවේය. “අභී, ඔයාලගේ අම්මලා අහනවා හැමදාම මෙහෙම ද ඉන්න හදන්නේ කියලා.” දෙදෙනා තිදෙනකු වෙන දවස ගැන යන්තම් සිහිනයක සිටි ඈ, ඔහුගෙන් ඇසුවාය.

“බබා, කාගෙන්වත් වැඩක් නැහැ. ජීවිතේ විඳින්න තියෙන්නේ මේ කාලේ. අපි තව ටිකක් එන්ජෝයි කරමු. මගෙන් ඔයාට අඩුවක් තියෙනවාද? ආ?” ඔහු එසේ කීවේ මීනුව සිය තුරුළට ඇද ගනිමිනි.

රැකියා ස්ථානයේ හදීසි අවශ්‍යතාවක් වෙනුවෙන් දින කිහිපයක් විදේශ ගත වීමට අභිලාෂ්ට සිදුවූයේ මේ අතරවාරයේදීය. තම ආදරණීය සැමියා තමාගෙන් මොහොතක් හෝ වෙන්වන බව දැනගත් මොහොතේ සිට ඈ හඬා 
වැටුණාය. අවසානයේ සිත සනසා ගත් මීනු ආදරයෙන් ඔහුට සමුදුන්නාය. ඒ කෙසේ වෙතත් නිවසේ මෙහෙකාරිය සහ මෙහෙකරුවන් දෙදෙනාත් සමග තනිවූ ඈ ඔහු නැවත එන තෙක්ම ජංගම දුරකතනයෙන් ඔහු සමග කාලය ගත කළාය. සිව් දිනකට පසු ඔහු නැවත ආවේය. ආයෙත් ඈ සතුටින් ඉපිල ගියාය. සතුටු කඳුළු මැදින් ඈ ඔහු බදා ගත්තාය.

’අප්පේ හැටි. හොඳමට කැත වෙලා. දැන් අඬන්න එපා. මීට පස්සේ මම කොහේ ගියත් මගේ නෝනාව එක්කගෙන තමයි යන්නේ. හරිනේ” ඈ සමග තුරු`ළු වී දිගු වේලාවක් ආගිය තොරතුරු කතා කළ ඔහු නානකාමරය වෙත යන්නේ “නාගෙන එන්නම් බබා” කියමිනි. මීනු, ඔහු රැගෙන ආ ගමන් මල්ලේ තිබූ විවිධ තෑගි භෝග, ටොෆි චොකලට් අතරින් අභිෂේක්ගේ ජංගම දුරකතනය අතට ගත්තේ “ගත්තු ෆොටෝස් ටික බලමු කෝ මෙයාගේ” යනුවෙන් සිතමිනි. එහෙත් ඈට ලැබුණේ පින්තූර නොව කිසිදා නොදකින්නට සිතූ ආදර කෙටි පණීවිඩ ගණනාවකි.

’‘මයි ලව්. දැං ඔයා ඈතට යනවා මගෙන්. ටික දවසක ඉඳලා මට ඒක තේරුණා. මට ඔයා නැතිවෙනවා. මම කොච්චර කිව්වත් ඔයා අහන්නේ නෑ. ඔය ගෑනි අතහැරලා මා ළඟට එන්න. අපි ඉස්සර වගේ අපේම ලෝකේ අපි ඉමු. අපි පොරොන්දු වුණේ එහෙම නේද? අම්මලගේ වුමනාවට බඳිනවා කිව්වා. දැන් ඒ ගෑනි නැතුවම බැරිවෙලා. ඔයා මා ළඟට ආවේ නැත්නම් මම ඔය ගෑනි මරනවා”

’‘දෙයියනේ...” මීනු අන්දමන්ද වී ගියාය. මේ කෙටි පණීවිඩ ඒ මොහොතේ ලද ඒවාය. ඈ හඬන්නට වූවාය.

“දැන් ඇඬුවා ඇති මිස්. ඉතිං ඊට පස්සේ මොකද වුණේ කියන්නකෝ?” පැමිණිල්ල සටහන් කරගන්නා පොලිස් නිලධාරියා මීනුගෙන් ඇසුවාය. “මම ඒ නම්බර් එක අරගෙන ඒ කෙනා එක්ක චැට් කරන්න ගත්තා. දවස් දෙක තුනක් යද්දි ඒ නාඳුනන කෙනා මා එක්ක ගොඩක් ළං වුණා. එයාගේ නම “දිල්’ කියලා එයා කිව්වේ. මම එයාට කිව්වේ මම කොල්ලෙක් කියලා. එයා කිව්වා එයා මැරිකරලා ඉන්නේ කියලා. එයාගේ හස්බන්ඩ් විදිහට එයා මට කිව්වේ අභිෂේක්ගේ විස්තර, එයයි අභීගේ පින්තූරත් මට වට්ස් අප් කළා. අභී එක්ක එකට ඉන්න පින්තූර වගයකුත් මට එව්වා. ඒත් ඒකේ එයාගේ රූපේ පැහැදිලිව පෙනුණේ නැහැ.”

“ඊට පස්සේ,?”

“මේ දෙන්නා එහේ මෙහේ යද්දි එයා මට මැසේජ් එවනවා. අපි අරහේ යනවා මෙහෙ යනවා කියලා. මමත් ඒ දෙන්නා ගිය ගොඩක් තැන්වලට ගියා. ඒත් මට දෙන්නව අතට අල්ල ගන්න බැරි වුණා. ගොඩක් වෙලාවට අභී එයාගේ වාහනේ යන්නේ තනියම. මම අභීව ෆලෝ කරනවා කියලා එයා දැනගෙන හිටියේ නෑ. ඇත්තම කියනවා නම් අභී මට ගොඩක් ආදරය කළා. මට තේරුණ විදිහට මාව මැරි කරන්න කලින් අභීගේ තිබුණ සම්බන්ධයක් වෙන්න ඇති. එයා දැන් ඒක අමතක කරන්න හදනවා වෙන්න ඇති කියලා මම හිතුවා. අපේ ජීවිත විනාශ කරන්න ආපූ මේ ගෑනි කවුද කියලයි මට හොයා ගන්න ඕන වුණේ.” දිනක්, දිල්ගෙන් ආ පණිවිඩයකට තිගැස්සුණු මීනු වහාම තම මෝටර් රථයේ නැඟුණාය. ’‘අපි ගල්කිස්සේ බීජ් යනවා. ඊට පස්සේ අද රෑ ඩිනර් එකට යනවා. අද රෑ මගේ හස්බන්ඩ් එක්ක තමයි මම ඉන්නේ. ඔයා අද මට චැට් කරන්න එපා වස්තුව හොඳේ”

“මම එයා එක්ක ටිකක් චැට් කරලා එයාලා ඉන්න ලෝකේෂන් එක හොයා ගත්තා. ඊට පස්සේ මම එතනට යද්දී ටිකක් රෑ වෙලා. ඒ හෝටලයේ වාහන නවත්තන තැන අභීගේ වාහනේ නවත්තලා තිබුණා. අභී මට කිව්වේ ඔෆිස් එකේ වැඩකට කොළඹින් පිට යනවා කියලා. මම එයාට කෝල් කළා. එතකොට එයා කිව්වේ නුවර ඉන්නේ කියලා. මම රෑ එකොළහ විතර වෙනකල් එතන හිටියා. එකපාරටම හෝටලේ පැත්තෙන් අභී තවත් කෙනෙක් එක්ක එනවා මම දැක්කා.”

“දෙයියනේ මේ මිනිහෙක් නේ.” මීනු හඩා වැටෙන්නට වූවාය.

“ඒ දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ වාහනේ ඇතුළට නැගලා හැසිරුණේ. බලන්න ලැජ්ජයි. මම කඩාගෙන එයාලා ළඟට ගියා. මාව දැක්ක ගමන් අභී හොඳට බය වුණා. මම වාහනෙන් එළියට එයාව ඇදලා එයාට ගහගෙන ගහගෙන ගියා. එයා කිව්වේ මට සමාවෙන්න මීනු මම මේ හැම දේම අත්හැරලා ඔයා ළඟම ඉන්නවා කියලා විතරයි. මම එයාට ආදරේ කළේ පණ වගේ. මට අන්තිමට මගේ අම්මා තාත්තත් නැතිවුණා. අද මම ලෝකෙට මුහුණ දෙන්න බැරිව ලැජ්ජාවෙන් ඉන්නේ. ගැහැනියක් වුණා නම් සමාව දෙනවා. ඒත් මට එයා එපා.”

(පොලිස් පැමිණීල්ලෙන් පසු ඈ ගියේ අධිකරණය හමුවටය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී මට ඈ හමුවෙද්දී ඕ, සිය දික්කසාදය ඉල්ලා අධිකරණය හමුවට ගොස් තිබුණාය.)

’මට දුක එයාගේ ඒ වගේ සම්බන්ධයක් තිබුණා නම් ඇයි මම වගේ අහිසංක කෙල්ලෙක් අල්ලගත්තේ. මට මගේ ජීවිතේම නැතිවුණා.” ඈ හැඬූ කඳුළින් කීවාය.

සත්‍ය සිද්ධියක් ඇසුරින් නම් ගම් මනඃකල්පිතයි

නිමන්ති රණසිංහ


 

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Previous

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Next

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

Realted Post

Leave a comment