1
3

මකර

මකර - අනාගත සුබසිද්ධියට යමක්  
මෙය ඔබට ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවන අතර සතියේ අවසන් දින 4 ශුභඵලදායී වනු ඇත. එහිදී ඔබට ගතට සිතට සැපත සතුට ගෙනදෙන කාර්යයන් රැසක් සිදුවන්නේය. අධ්‍යාපන කටයුතු රාජකාරිය බාධාවකින් තොරව කෙරෙන අතර ඉගෙන ගත් දෙය ක්‍රියාවට පමුණුවා බලන සතියක් ද වේ. නිකරුණේ කාලය නොගෙවා නිතර වැඩක යෙදෙමින් අනාගත සුබසිද්ධියට යමක් කරගනී. 
ඔබ මෙම සතියේ සැලසුම් සහගතව පෙර සූදානමකින් යුතුව කටයුතු කරන නිසා තම වැඩ වැරදී යන්නේ නැත. මේ සතිය තුළ අන්‍යයන්ට උදව් උපකාර කරන්නට යෑමෙන් පසුතැවීමට ලක්වන නිසා ඒ කෙරේ දෙවරක් තෙවරක් සිතන්න. සතියේ ආරම්භක දින තුන ශුභඵල හීනයි. නොයෙක් බාහිර කරදර නිසා හිතට සැප අඩුවෙයි. 
 
Share to WhatsApp

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.