වයසට යන්න බයවෙන්නෙපා

හැම දශකයක්ම කලින් එකට වඩා හොඳ එකක්  කරගන්න 

බිලියනපති එලොන් මස්ක්ගේ මව Maye Musk පොතක් ලියල A Woman Makes A Plan: Advice for a Lifetime of Adventure, Beauty, and Success. කියල. 
ඇය Model & dietician කෙනෙක්.
මේ ඇගේ පොතෙන් උපුටනයක් 

"ඇයි මම වයසට යන්න බය නැත්තේ?
සමහර විට මගේ ජීවිතයේ සෑම දශකයක්ම පෙර එකට වඩා හොඳ වූ නිසා විය හැකිය.
මගේ 20 ගණන්වලදී, මම පුදුමාකාර දරුවන් තිදෙනෙකු බිහි කළාය යන්න හැර අන් සියල්ල භයානක වුණා.  මගේ සැමියා මට වාචිකව වගේම ශාරීරිකවත් පීඩා කළා.

මගේ වයස 30 ගණන්වලදී ලේසි වුනේ නෑ මම දික්කසාද වෙලා, මගේම දරුවන් ඇති දැඩි කළා.

මගේ 40 ගණන්වලදී මගේ සියලු උත්සාහයන් කැප වුණේ දිවි ගලවා ගැනීමට පමණයි.

මට 50 දශකයේ නිව්යෝර්ක් ගොස් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උත්සාහ කළා.

60 ගණන්වලදී, මගේ ජීවිතය අඩු වැඩි වශයෙන් බැලන්ස් වුණා, දරුවන්, මුණුබුරන්, සහ වැඩ සමග

දැන් 70 දශකයේ මම වෙන කවරදාටත් වඩා ජීවිතය සතුටින් ගත කරනවා. මට ඒක හිතාගන්නවත් බැරි වුනා, ඒත් මම දැන් ඇත්තටම සතුටුයි.

මගේ ජීවිතය නාට්‍යාකාර ලෙස වෙනස් වූ සෑම අවස්ථාවක්ම: මගේම ව්‍යාපාරයක්, දික්කසාද වීම, වෙනත් නගරයකට, රටකට, මහාද්වීපයකට යාම ආදිය මුලදී බියජනක වුනා. මගේ දරුවන් රාත්‍රී ආහාරය සඳහා රටකජු බටර් සැන්ඩ්විච් පමණක් අනුභව කරන තත්ත්වයට පත් වුනා.

සතියකට වරක් තමයි කුකුළු මස් මිලට ගන්න පුලුවන් වුණේ. මම එය අර්තාපල් සහ එළවළු සමග පිසූ දවස් අපට සැබෑ නිවාඩු දින වුණා!

නමුත් මේ වගේ අවස්ථාවන් අගය කරන්න, සියලු යහපත් දේ භුක්ති විඳීමට මට ඉගැන්නුවේ මමම සහ මගේ දරුවන්.

ඔබට බොහෝ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන්න වෙයි, ඔබේ ජීවිතය සැමවිටම ඔබට අවශ්‍ය ආකාරයට සිදු නොවනු ඇත, නමුත් ඔබට එය සැමවිටම වෙනස් කරන්න පුළුවන්.

දුක්ඛිත පෞද්ගලික ජීවිතයක හෝ නරක රැකියාවක සිරවී සිටීමට කිසිම අවශ්‍යතාවයක් නෑ!

වයසට යන්න බය වෙන්න එපා. ජීවිතය විඳින්න පුරුදු වෙන්න, ඕනෑම වයසකදී ඔබේ ජීවිතය වඩාත් හොඳ වෙන්න අවස්ථා තියෙනවා."

  • සුජීව ප්‍රේමරත්න

SIRIKATHA BRIDAL Read Previous

SIRIKATHA BRIDAL

මගේ පළමු ලිපිය පළවුණේ සිරිකත පත්තරේ  - අම්මා ගැන කතා කරන කිංස්ලි Read Next

මගේ පළමු ලිපිය පළවුණේ සිරිකත පත්තරේ - අම්මා ගැන කතා කරන කිංස්ලි

Realted Post

Leave a comment