සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

මේ උෂ්ණාධික දේශගුණයේ සැහැල්ලු ඇඳුම් අඳින්න කවුරුත් කැමතියි.සැහැල්ලුවට පහසුවට අඳින්න කැමති තරුණියන්ට උචිත ගවුමක් මහන්නයි මේ සූදානම.

අවශ්‍ය මිමි

  • උරහිස 

  • පපුව වට

  • ඉණ වට

  • ඉණ දක්වා උස

  • ඇඳුමේ උස

  • අත දිග

හැට්ටය කර කොටස (කඳ කොටස)

  • විවරයක් නොමැති නිසා රෙද්දදෙ කට නමාගන්න.
  • උරහිස මිම්ම දෙකට බෙදා අඟල් 1/2ක් එකතු කර ඉහළින් තිරස් අතට ලකුණු කර අඟල් 1 1/2ක් පහත්කර උරහිස් රේඛාව ඇඳගන්න.
  • හතරට බෙදා අඟල් 1 1/2 ක් එකතු කරගත් පපුව වට මිම්ම රැගල් රේඛාවේ  ලකුණු කරන්න. ඉණ මිම්ම ද 4න් බෙදා අඟල් 1 1/2ක් එකතු කර ඉණ රේඛාව ලකුණු කරන්න.
  • ‘වී’ කරක් යොදා ඇති බැවින් රැගල් රේඛාවට වඩා අඟල් 1ක් පහළට කර ගැඹුර ලකුණු කරගන්න. පිටුපස පළුවද ඉහත ආකාරයටම ඇඳගන්න. කර ගැඹුර පමණක් අඟල් 1 1/2ක් පහත් කර ඉතිරි සියල්ල ම ඉදිරිපස ආකාරයට කපාගන්න.

අත

උරහිස පෙදෙසෙ හි අතෙහි රැලි නැති වුණත් අත්කට රැලි සහිත නිසා සාමාන්‍ය අත කපන ආකාරයටම රෙ දි නමාගන්න. එහි අත්ක ට පැත්තෙන් නමාගත් ප්‍රමාණයට අඟල් 1 ක් අඩුකර සාමාන්‍ය ආකාරයට කපාගන්න.

සාය

මෙය තට්ටු දෙකකින් යුක්ත වුවද යට කොටසක් ඉණට සවි වී ඇති නිසා එය සාය අවශ්‍ය උසටම ගන්න.

රූප සටහනේ පෙන්වා ඇති ආකාරයට උඩින් ඇති කොටසට වඩා උසින් හා දිගින් යට කොටස දෙ ගුණයකින් වැඩි විය යුතුය.

මසන ආකාරය

  • කරට පේසින් තබා මසාගන්න.
  • අත් කටට අඟල් 2ක් මහත පටියක් ගෙන එය දෙ කට නමා අත්ක ට රැලිකර එයට අල්ලා ගන්න.
  • උරහිස් මූට්ටු කර අත්දෙක ඇඳුමට අල්ලා ගන්න.
  • සාය කොටස් දෙ ක වෙන් වෙන්ව රැලි කර පසුව එක මත එක තබා එයද මසාගන්න.
  • කඳ කොටසට ඩාට් කිසිවක් නොමසා ඉහත රැලිකරගත් සාය කොටසට අල්ලා ගන්න.
  • අඟල් 4ක් මහත ඉණ වට මිම්ම මෙන් අඟල් 1 1/2 ක් දිග පටියක් ගෙන එය අඟල් 2 ක් මහත සිටින සේ මසාගන්න.
  • පටිය ඉණ ප්‍රදේශයේ එක් ස්ථානයට තබා මසාගන්න. එය ගැට ගැසීමෙන් ඉණෙ හි හැඩය මතු කරවාගත හැකිය

පාසැල් යන ඔබට Read Previous

පාසැල් යන ඔබට

Doctor යි - ඔබයි Read Next

Doctor යි - ඔබයි

Realted Post

Leave a comment