Mrs. Earth Sri Lanka 2025 කිරුළ පැළඳි නදී


මෙවර Mrs. Earth Sri Lanka 2025  කිරුළු පැළඳි ඇය නමින් නදී ගයත්‍රී. ආදරණීය බිරිඳක්, ආදරණීය මවක් විදිහට ඇය ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ සිරිකත අපි සුහද කතාබහක නිරත වුණා. 

Mrs. Earth Sri Lanka- 2025 පැජෙන්ට් එකේ ජයග්‍රාහිකාවක් ලෙස මං කිරුළු පැළඳුවා. ඒ වගේම ඉරිදියේදී මන් බලාපොරොත්තු වෙනවා ඉන්ටනැශනල් තරගයට සම්බන්ධ වෙලා මගේ රටට කීර්තියක් ළඟා කර දෙන්න.

ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ ?

පාසල් යන අවධියේ සිරස රූපවාහිනී තරු මංසල, නේත්‍රා වැඩසටහන් ජයග්‍රහණයත් එක්ක මම නිරූපණ ක්ෂේත්‍රයට එනවා. දැනට වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටිනවා. දමයන්ති ෆොන්සේකා මහත්මියගේ වේදිකා නාට්‍යයකට සහ රූපවාහිනී පෝය නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් දායක වුණා එහෙම තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ.

රංගනයට දිගට ම සම්බන්ධ වීමට අදහසක් තියනවා ද?

නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මගේ පුතා තාම චූටි නිසා මම ඒව ප්‍රතිකේෂ්ප කළා. මොකද රංගන ක්ෂේත්‍රය කියන්නෙ ලොකු කැපකිරීමක් කරන්න ඕනි ක්ෂේත්‍රයක්. ඉදිරියේ දී රංගනය පිළිබඳ හැදෑරීමක් කරලා ඒවට සම්බන්ධ වීමට අදහසක් තියනවා.මම තෝරාබේරාගෙන තමා වැඩකටයුතු කරන්නේ. ඉතින් මට ගැළපෙන දෙයක් ලැබුණොත් මම ඒකට සම්බන්ධ වෙනවා.

බිරිඳක් විදිහට මේ ක්ෂේත්‍රයේ කටයුතු කරනවාට සැමියා කැමති ද?

අද මම මෙතන ඉන්නෙ මගෙ සැමියා නිසා. විවාහයෙන් පස්සේ ගොඩක් ගෑනු ළමයින්ගේ හීන හීනයක් ම වෙනවා. නමුත් මට මගේ හීන සැබෑ කරගන්න යෝධ ශක්තියක් වුණේ මගේ සැමියා.  සමහර අවස්ථාවල මගේ ඇඳුම පවා තෝරලා දුන්නේ එයා. අපි අපි දෙන්නව තේරුම් අරන් ජීවත් වෙනවා. රැකවරණය, ආදරය, ආරක්ෂාව බිරිඳක් විදිහට තමන්ට ලැබෙනවා නම් ඒක තමන්ට ඉදිරියට යන්න වටින දෙයක්.

බබා ලැබුණට පස්සේ ඇඟ මේන්ටේන් කරගත්තේ කොහොමද?

ඇත්තටම ලොකු කැපකිරීමක් කළා. දරුවන් ලැබුණා කියල අපි අපේ ලස්සන ගැන හිතන එක අඩුකරන්න ඕනි නෑ. අපි ලස්සනට හිටියම ඒක අපේ දරුවන්ට, සැමියාට ඒක ආභරණයක්. මං කෑමබීම, ව්‍යායාම ගැන ගොඩක් හිතනවා. තමන් තමන්ට ගොඩක් ආදරය කරන්න ඕන.

මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන තරුණියන්ට මොනවද කියන්න තියෙන්නේ ?

තමන් කරන දේ නිවැරදිව හදාරලා කරන්න. ඒ වගේ ම මුල අමතක කරන්න එපා. අනික තමා වෙලාවට වැඩ කරන්න. ක්ෂේත්‍රයේ ඉන්න වැඩිහිටියන්ට ගරු කරන්න. නිහතමානී වෙන්න. අනික් කෙනාට පුංචි හිනාවකින් හරි සංග්‍රහ කරන්න. තවත් කෙනෙක්ට උදව් කරන්න උදව්වක් බලාපොරොත්තු නොවී.

මේ තරඟයේ දී උදව් කරපු අය ගැනත් මතක් කළොත්.

විශේෂයෙන් මගෙ මහත්තයා නිශාන්ත සිරිවර්ධන මතක් කරන්න ඕනි. අනූෂි ගුණරත්න අක්කි මගේ ජයග්‍රහණයට ලොකු අත්වැලක් වුණා. ඒ වගේ ම චරිත් ගුණසේකර මල්ලී, ඉසුරු ගුණසේකර මල්ලී ගොඩක් ස්තූතියි. තව මගේ ආදරණීය අම්මා සහ ඩොක්ටර් ප්‍රමිලා රණසිංහ, එන්. සංජීව ඩයස් අයියා ස්තූතියි. තව ගොඩක් දෙනෙක් ඉන්නවා ඒ හැමෝටම ගොඩක් ස්තූතියි මේතාක් දුර එන්න මට අත්වැලක් වුණාට. 
හීන දකින්න, ඒ හීන සැබෑ වෙන තෙක් ඒ හීනය අතහරින්න එපා. 


සටහන - සහශ්‍රිකා දයානන්ද

කල්තොට දිය දහරාවේ සුන්දරත්වය සොයා Read Previous

කල්තොට දිය දහරාවේ සුන්දරත්වය සොයා

එච්.ආර්. ජෝතිපාල 38 වන අනුස්මරණයට; ’’සිරියාමේ සාරා’’ Read Next

එච්.ආර්. ජෝතිපාල 38 වන අනුස්මරණයට; ’’සිරියාමේ සාරා’’

Realted Post

Leave a comment