අරියානා ග්‍රාන්ඩේ කලාවට සමුදෙයි

ඉදිරි කලා කටයුතුවලින් සහ ප්‍රසිද්ධ මාධ්‍යයේ පෙනී සිටීම්වලින් තමා තාවකාලිකව ඉවත් වන බව ලෝකප්‍රකට අමරිකානු ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක වන අරියානා ග්‍රාන්ඩේ පවසනවා. 

ඒ සිය ශරීර පෙනුම සම්බන්ධයෙන් එල්ල වන දැඩි මහජන විවේචන සහ කතාබහ හමුවේයි.

ඇයගේ අටවැනි සංගීත ඇල්බමය වන "පේටල්" හි වීඩියෝ පටය නිකුත් වීමත් සමඟ අරියානා ග්‍රාන්ඩේ පිළිබඳව නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. 

තැන්ක්‍යු නෙක්ස්ට්, ගෝඩ් ඊස් අ වුමන්, සයිඩ් ටු සයිඩ් වැනි ගීත ඔස්සේ ලොවක් වසඟ කළ මේ වනවිට 33 වන වියෙහි පසුවන ඇය පිළිබඳව බොහෝ රසිකයින් විවේචන එල්ල කරනු ලැබුවේ ආසන්න වසර කිහිපය තුළ  හදිසියේ ඇගේ ශරීරයේ ඇති වූ අසාමාන්‍ය කෙසඟබව නිසයි.  

මෙම අඛණ්ඩ මහජන අවධානය සහ විවේචන හේතුවෙන්, දැනට පැවැත්වෙන ලෝක සංගීත සංචාරය අවසන් වූ වහාම දීර්ඝ විවේකයක් ගැනීමට අරියානා තීරණය කළ බව ඇයගේ ප්‍රකාශකයා තහවුරු කරනවා. 

සෞඛ්‍ය සම්පන්න බව විවිධ ස්වරූපවලින් පැවතිය හැකි බැවින්, අන් අයගේ ශරීර පෙනුම සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වළකින ලෙසත්, වඩාත් කාරුණිකව හැසිරෙන ලෙසත් අරියානා ග්‍රාන්ඩේ රසිකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

සටහන - කසුනි විජේසිංහ 

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ Read Previous

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන  කර්මාන්තශාලාවක්  පල්ලේකැලේ  ආරම්භ  කිරීමට පියවර Read Next

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පල්ලේකැලේ ආරම්භ කිරීමට පියවර

Realted Post

Leave a comment