ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ  සහ එම කාර්යාලයේ ඉහළ නිලධාරින්ගේ නිල මුද්‍රා ව්‍යාජව සකස් කර  නුවරඑළිය ප්‍රදේශයේ ජනතාවට  රජයේ රැකියා  සහ ඉඩම් ඇතුලු වෙනත් ප්‍රතිලාභ ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ ගනනින් මුදල් එකතු කර  වංචා කල අපූරූ වංචනිකයන් දෙදෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මියගේ පැමිණිළි මත ,නුවරඑළිය පොලිස් මූලස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වංචනිකයන් දෙදෙනා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධීකාරී වරයාගේ සහ සැලසුම් අධ්‍යක්ෂක වරයාගේද ව්‍යාජ අත්සන් යොදා ,මෙම කූඨ ජාවාරම කරගෙන ගොස් ඇතිබව නුවරඑළිය පොලීසීය පවසයි.

සැකකරුවන්ට මුදල් ලබා දුන් පිරිස් මෙම වංචාව පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වරියට කරන ලද ලිඛිත දැනුම් දීම මත මෙම වංචාව  අනාවරණය කරගත්බව  නුවරඑළිය පොලීසිය පවසයි. නුවරඑළිය පොලිස් මූලස්ථානය සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණ පවත්වයි.

 

ජේ   ඒ  එල්  ජයසිංහ..

Global CIO Forum Read Previous

Global CIO Forum

ලෝක ළමා දිනය 2026 වෙනුවෙන් ජාතික සතියක් Read Next

ලෝක ළමා දිනය 2026 වෙනුවෙන් ජාතික සතියක්

Realted Post

Leave a comment