නකල්ස් තුරු වියනෙන් කළුගඟට හරිත අනාගතයක්
ආයතනික නියෝජිතයන්, ගොවි ප්‍රජාව සහ තරුණ තරුණියන් 237ක් එක්ව කිලෝමීටර් 5ක මාර්ගයක් දෙපස දේශීය ශාක රෝපණය කරති.
දේශීය ශාක ආවරණය පුනරුත්ථාපනය කිරීම, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසර පද්ධතියක් ගොඩනැඟීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන “නකල්ස් තුරු වියන” (Knuckles Thuru Viyana) දේශීය ශාක රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගිය නොවැම්බර් 18 වැනිදා කළුගඟ ජලාශය ආශ්‍රිතව පැවැත්විණි.
GCF නකල්ස් ව්‍යාපෘතියේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුළු හවුල්කාර ආයතනවල සහයෝගයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන නියෝජිතයන්, ගොවි සංවිධාන සාමාජිකයන්, පුහුණුව ලබන තරුණ තරුණියන් සහ ව්‍යාපෘති ප්‍රතිලාභීන් ඇතුළු 237 දෙනෙකු එක්ව සිටියහ.
එහිදී කිලෝමීටර් පහක මාර්ගයක් දෙපස දේශීය ශාක රෝපණය කිරීම සිදුකෙරුණු අතර, ඒ තුළින් ප්‍රදේශයේ ස්වාභාවික වෘක්ෂලතා ආවරණය යළි ස්ථාපිත කිරීම, පරිසර සමතුලිතතාව ආරක්ෂා කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් හරිත පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ 2026 වාර්ෂික වැඩ සැලැස්මට අනුකූලව, GCF නකල්ස් ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචකයන්ට දායක වන පරිදි ජාතික ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
නකල්ස් පරිසර පද්ධතියේ වටිනාකම ආරක්ෂා කරමින් දේශීය ශාක සම්පත සංරක්ෂණය කිරීම සඳහා රාජ්‍ය ආයතන, ගොවි ප්‍රජාව සහ තරුණ පරපුර එකම අරමුණක් වෙනුවෙන් ඒකරාශී කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය.

Leave a comment