බුකියෙ රුවැත්තියයි, ඩුප්ලිකේට් ඉෂාරායි

මේ වන විට බෙහෙවින්ම කතා බහට ලක් වන මතෘකාව සෙව්වන්දි අරභයා ගොණු වෙමින් තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සෙ විවිධ අයුරින් සංසරණය වන මෙම සිදු වීම ගැන කෙටි විස්තරයකි මේ.

ගණේමුල්ල සංජිව ඉකුත් පෙබරවාරි 19වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනය කළ අතර ඒ සදහා භාවිත කළ පිස්තෝලය අධිකරණ පරිශ්‍රයට රැගෙන විත් තිබුණේ නීතිඥයකු භාවිතා කරන පොතක් තුල සගවා ගෙනය. එය සිදු කරනු ලැබුවේ ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව විසින් බව පොලිසිය තහවුරු කර ගනිමින් විවිධ පුවත් පළ වුණේ ඇය සොයන මෙහෙයුමත් අරම්භ වෙමින්. නමුත් ඇය එදිනම පළා ගොස් තිබුණා.

 පළා ගිය ඇය සොයා දිගටම සිදු කරනු ලැබූ පරීක්ෂණ හමුවේ මේවන විට අනාවරණය වී තිබුණේ ඇය නේපාලයේ සගව සිටින බව. එම තොරතුරට අනුව වහාම ක්‍රියාත්මක වූ මෙරට ආරක්ෂක අංශ ඇය සොයා ඔක්තෝම්බර්  13වනදා මෙරටින් පිටත් වන්නේ නේපාලයට.  ඒ  නේපාලයේ බක්තපූර්හි  සුපිරි නිවසක කාමරයක කුලී පදනම මත ඇය රැදී සිටින තොරතුර මත. මෙම මෙහෙයුමට සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ තවත් පොලිස් නිලධාරියකු සම්බන්ද වී තිබුණා. ඔවුන් දෙපල  නේපාලයේ පොලිස් කණ්ඩායමක් සමග එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබුණා. 

ලද තොරතුරට අනුව අදාල නිවසට යන විට ඇය එම නිවසේ සිට ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයා දුටු සැණින්...
ඇය  :  " ආ ඕලුගල සර්" 
ඕලුගල මහතා : "ආ කෙල්ලෙ කොහොමද?" 
 යනුවෙන් පැවසු බව සදහන්. 

රොහාන් ඔලුගල මහතා නේපාල කාන්තා පොලිස් නිලධාරිනියකගේ  සහයෙන් සෙව්වන්දිව එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

"මට හිතුණා ඕලුගල සර් කොයිවෙලේ හරි ඇවිල්ලා මාව ඇරෙස්ට් කරයි කියලා. මාස 7ක් තිස්සේ මෙහෙ හිරවෙලා මට ඇති වෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වඩා ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහු වෙන නිසා මෙහෙට වෙලා හිටියා" ...  ඇය මෙලෙස පවසා තිබුණා. 

ඇය කුලියට ගත් නිවසේ අයිතිකරු පවසා තිබුණේ මෙම නිවසේ කාමරය කුලියට ගනිදිදී ඇය ඉන්දියානුවෙන් බවට පවසා ඇති බව.  වැඩි වශයෙන් කාමරය තුල සිට දිවි ගෙවා ඇති බවත් පැවසෙනවා. 

මුහුදු මාර්ගයෙන් පලා යාමට ලක්ෂ 66ක මුදලක් වැය කර සති දෙකක් ඉන්දියාවේ සිට පසුව ගොඩබිම් මාර්ගයෙන් ඇය නේපාලයට පැමිණ තිබුණා. නේපාලයේදී අත්අඩංගුවට පත් වූ කේ.ජේ බායි  නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඉෂාරාගේ තොරතුරු මෙලෙස ආරක්ෂක අංශ වෙත ලැබී ඇත.  කෙසේවෙතත් ඇයගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍යවලට  සම්බන්ද තවත් පාතාල අපරාධකරුවන් ගැන තොරතුරු අනාවරණය වී තිබෙනවා . 

ගම්පහ බබා, නුගේගොඩ පත්මේ, ජෆ්නා සුරේෂ්, සහ ඩුප්ලිකේට් ඉෂාරා ලෙසින් හදුන්වන තවත් කාන්තාවක් ගැන එලෙස තොරතුරු ලැබී තිබෙනවා. මෙම ඩුප්ලිකෙට් ඉෂාරා නම් වන කාන්තාව ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙවින්ම සමීප රුපයක් හිමි කාන්තාවක් වන අතර ඇයගේ ජායාරූපය යොදා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකසා ඉෂාරාව යුරෝපයට යැවීමේ  සුදානමක් ඇති බව ඒ අනුද වාර්තා වෙනවා .

කෙසේ වෙතත් මෙම අදාල සිදු වීම සම්බන්දයෙන් නේපාල් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔවුන් නේපාලය තුලදී කිසිදු අපරාදයක් සිදු කර නොමැති බැවින් නේපාලයෙන් පිටුවහල් කිරීමට නේපාල රජය කටයුතු කළ බව. 

  • අශන්ති වරුණසූරිය

බුකියෙ රුවැත්තියයි, ඩුප්ලිකේට් ඉෂාරායි Read Previous

බුකියෙ රුවැත්තියයි, ඩුප්ලිකේට් ඉෂාරායි

වයස හඟවන විටමින් Read Next

වයස හඟවන විටමින්

Realted Post

Leave a comment