ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න
ලෝකාන්ත ප්‍රපාතයෙන් ඇදවැටුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යාව යුද හමුදා මැදිහත්වීමෙන් මුදා ගැනේ
ලෝකාන්ත නිරීක්ෂණ ස්ථානයේ සිට ප්‍රපාතයකට ඇදවැටුණු කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිසක් විසින් නිරුපද්‍රිතව මුදවා ගෙන රෝහල් ගත කර තිබෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ ස්ථානගත කර ඇති 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ කමාන්ඩෝ රෙජිමේන්තු භටපිරිස් එක්ව මෙම ජීවිතාරක්ෂක මෙහෙයුම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (20) පෙරවරු 10.45 ට පමණ නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් සිදුකළ දැනුම්දීමක් මත ක්‍රියාත්මක වූ හමුදා භට පිරිස විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුළ සිද්ධිය වූ ස්ථානයට ළඟා වී තිබෙනවා.
එහිදී ලෝකාන්ත නැරඹුම් ස්ථානයේ සිට අඩි 100 ක් පමණ පහළට
කඹ ආධාරයෙන් ප්‍රපාත බිත්තිය ඔස්සේ ගමන් කර ශිෂ්‍යාව සුරක්ෂිතව ඉහළට රැගෙන ඒමට ඔවුන් කටයුතු කර තිබුණා.
ප්‍රපාතයෙන් මුදාගත් ශිෂ්‍යාව පසුව කිලෝමීටර් 5 ක් පමණ දුරක් පාගමනින් ලෝකාන්තයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය වෙත රැගෙන එන ලදී. එහිදී 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් ඇයව නුවරඑළිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම ශිෂ්‍යාව කොළඹ විශ්ව විද්‍යාලයයට අයත් තවත් පිරිසක් සමග සංචාරයක නිරත වෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවයි තව දුරටත් වාර්තා වන්නේ.

Leave a comment