ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම කිරීමට පියවර

රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි  "සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශීලී අනාගත පරපුරක්" පිළිබඳ ප්‍රතිපත්තිමය බැඳියාවෙහි ප්‍රධාන අංගයක් වන දරුවන්ට සිදුවන අපයෝජන සහ සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන්  ආරක්ෂා කිරීම සඳහා "දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්ව කටයුතු කරමු" (Work Together to Safeguard Children) යන තේමාව යටතේ ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා 2025.05.26 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

ඒ අනුව,
▪️කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් ගේ සභාපතීත්වයෙන්,

▪️ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය

▪️අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

▪️සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 

▪️අධිකරණ අමාත්‍යාංශය 

▪️ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය 

▪️පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව 

▪️ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
යන ආයතනයන් හි ⁣නියෝජිතයින්ගේ
සාමාජිකත්වයෙන් යුතුව ස්ථාපිත කරන ලද  ස්ථාවර ජාතික කමිටුවේ පළමු හමුව පසුගිය (04) වන දින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම ජාතික කමිටුවේ ප්‍රධාන කාර්යයභාරයන් ලෙස,
▪️දරුවන්ට සිදුවන අපයෝජන සහ සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශයීය සමබන්ධීකරණය හා මැදිහත්වීමට අදාළව දැනට පවතින ගැටළු සහ බාධා හඳුනාගැනීම.

▪️එම ගැටළු සහ බාධා සඳහා තිරසර විසඳුම් සෙවීමට යෝජනාවලියක් සැකසීම.

▪️"දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්ව කටයුතු කරමු" (Work Together to Safeguard Children) තේමාව යටතේ, එක් එක් පාර්ශවකරුවන්ගේ වගකීම් හා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම බහු ආංශික මැදිහත්වීමට අදාළ යාන්ත්‍රණය සැකසීම.

▪️දරුවන්ට සිදුවන අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නඩත්තු කරන ජාතික දත්ත පද්ධතියේ අඩුපාඩුකම් පිළිබඳව සමාලෝචනය කර වැඩි දියුණු කිරීම සඳහා නිර්දේශ ලබාදීම.

▪️දරුවන්ට සිදුවන අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට මැදිහත්වීම. 

දැක්විය හැකි අතර මෙම ජාතික කමිටුවේ තීරණ හා යෝජනා ත්‍රෛමාසිකව කාන්තා සහ ළමා කටයුතු විෂයභාර අමාත්‍ය මගින් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සිදුවේ.

⁣මෙම හමුවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන) නිල්මිණි හේරත් මහත්මිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම් උදාරා ටී. දික්කුඹුර මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මිය, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධ්‍යක්ෂ ඉන්දික සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා CERT ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂන ඉංජිනේරු ශම්මි හේවාමද්දුම මහත්මිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය එක්ව සිටියහ.

මෙරට තුන්වරක් රාජ්‍යත්වය හිමි වූ හෙළ රැජිණ ලීලාවතී Read Previous

මෙරට තුන්වරක් රාජ්‍යත්වය හිමි වූ හෙළ රැජිණ ලීලාවතී

ගොක් කොළ කලාවෙන් සිය නිර්මාණ සිදු කරන  ගිහි පැවිදි සහෝදරයන් දෙදෙනෙක් Read Next

ගොක් කොළ කලාවෙන් සිය නිර්මාණ සිදු කරන ගිහි පැවිදි සහෝදරයන් දෙදෙනෙක්

Realted Post

Leave a comment