ජනවාරි 01 දා ඉරිදා
■ ජනවාරි 01 දා ඉරිදා
තවත් අලුත් අවුරුද්දක්. මේ අවුරුද්දෙදි අපිට වෙනසක් වේවිද? කුසල්ගේ අම්මා තාම අපේ ගෙදර. එයා හැම තිස්සේම ගෙදර මතක් කරනවා. වෙලාවකට අපේ අම්මටයි මටයි වාතයක්. කුසල්ට කියන්නත් බෑ. මොනවා කරන්නද කුසල් විතරනේ ඔය හැමදේටම.
■ ජනවාරි 02 සඳුදා
අපි ඊයේ රෑ හොටෙල් එකකට ගියා රෑ කෑමට. අම්මේ පුදුම සෙනඟක් හිටියේ. අපි පස්දෙනාට රෑ කෑම කුසල්ගෙන්. මිනිස්සු සල්ලි නෑ කිව්වට වාහන පෝලිම් ගහලා මේ ලොකු තරු පහේ හෝටල්වලට එන්නේ නිකන් කන්නද?
කුසල් නම් අපි බැඳපු අලුත නිසා වෙනසකටත් එක්ක කියලා යාළුවන්ගෙන් ලැබුණු ගිෆ්ට් වවුචරයකට අපි ගියේ.
කුසල්ගේ අම්මාට ඒකට තරහයි වගේ. එයාට යන්න බෑනේ. මොනවාටද පුතේ මේ වියදම් කාලේ සල්ලි නාස්ති කරන්නේ කියලා කියනවා මට ඇහුණා. ඒක හරි කෝලමක්නේ. මේ කාලේවත් අපිට සතුටු වෙන්න බැරිද? ඇරත් ඒ වවුචරයකටනේ. එයාලා දන්න වවුචර්.
■ ජනවාරි 03 අඟහරුවාදා
ඊයේ රෑ ගෙදර එනකොට 1.00 යි. කුසල්ගේ අම්මා අද මාත් එක්ක කතාවක් නෑ. විකාර. අපේ ගෙදර ඉඳන් මේ අලුත් පිට ඔහොම කෙනෙහිලිකම්වලට මං කැමැති නැහැ. තාමත් එයා හදන්නේ එයාගේ පුතා එයාට ඕන විදිහට තියාගන්න. එහෙම නං මොකටද බැන්දුවේ. ඔන්න ඕක නිසයි නැන්දම්මා ලේලි ගැටුම්. ඒත් මං කුසල්ගේ හිත රිදවන්නේ නෑ.
■ ජනවාරි 04 බදාදා
අදත් කුසල් වැඩ. එයා ගියාම මට හරි පාළුයි. අපේ ගෙදර වුනත්. මොනවා කරන්නද? එයා බසටයඑ ගියාම නම් ඉන්නම බෑ දැන්. මුළු ගෙදරම විතරක් නෙමෙයි කාමරේම ගිනි අරන් වගේ. මං එයාට කිව්වාම එයා හිනහා වෙනවා. ඉතිං මං ගෙදර ඉඳන්නේ යන්නේ කියලා.
එයාගේ යාළුවෝ එයා දැන් අඳින ෂර්ට් හරි ලස්සනයි කිව්වලු. එදා ඉස්සෙල්ලාම ඇන්දේ අපේ තාත්ති දුන්න ෂර්ට් එකක්නේ. ඒක හරි ගණන්. තාත්ති කිව්වේ 25000 ක් විතර කියලා. මං එහෙම කිව්වාම රට යන්න හරි බිස්නස් කරන්න හරි වෙනවාලු. ඒ වගේ ෂර්ට් අඳින්න. ආණ්ඩුවේ පඩිවලින් නම් ඉතිං ජීවිතේටම 1-2 යි. ඒ මඟුල් ගෙදරට කියලා හයියෙන් හිනහා වුණා.
■ ජනවාරි 05 බ්‍රහස්පතින්දා
අද කුසල්ට බසටයඑ. මට දවසම මුස්පේන්තුයි. අවුරුද්ද පටන් ගත් ගමන් බසටයඑ වැටුණානේ. මොනවා කරන්නද?
අද තාත්ති අපිට රෑ කෑමකට කතා කළා. එදා වගේ තරු පහේ හෝටලේකට නෙමේ. සාමාන්‍ය හොඳ හෝටලේකට යමු කියලා. මම බෑ කිව්වා. තාත්තිගේ මූණ අමුතු වුණා. කුසල්ට බසටයඑ කීවාම ආ එහෙනම් වෙන දවසක යමු කීවේ. මගේ මූණේ වෙනස දැකලාද කොහෙදෝ.
■ ජනවාරි 06 සිකුරාදා
අලුත් ඩයරියේ ලියන්නම වුණේ අපේ ප්‍රශ්නමයි. දැන් ඩයරි හරි අඩුයි. මට මේක දුන්නේ ලොකු මාමා. එයාට ලැබෙනවානේ. එයා බැංකුවක සාමාන්‍යාධිකාරී කෙනෙක්නේ. ඒත් ලොකු මාමත් කිව්වේ ඉස්සර වගේ ඩයරි කැලැන්ඩර නෑ කියලා. කොළ නෑනේ. ගණන්නේ. ඒ නිසා වෙන්න ඇති.
■ ජනවාරි 07 සෙනසුරාදා
අද කුසල් උදේ ගියාම ආයෙත් යන්නේ සඳුදාට. මම ආසම සෙනසුරාදාට. ඒත් හදිසි ලෙඩෙක් ආවොත් ඩොක්ටර්ස්ලා නැත්නම් එයාට යන්න වෙන වෙලාවලුත් තියෙනවා. මට තාම එහෙම දුකක් කඩාපාත් වුණේ නෑ. අම්මෝ ඒවගේ බෝම්බ නම් වැටෙන්න එපා. මේ දින දෙක ඇතුළේ.
Leave a comment