සකිසද පෙනේ සමනොළ ගල නැගෙනහිර

"සූර රද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල්  පතර
කරපුද වදින රැදි මුනි සිරි පා තඹර
සකිසද පෙනේ සමනොළ ගල නැගෙනහිර "
මේ උතුම් ශ්‍රී පාදස්ථානය ගැන සිංහල සාහිත්‍යයේ එන අලංකාර කවියකි.

ලෝක වාසී බෞද්ධයන් සෑම දෙනාගේම වන්දනා මානයට පාත්‍ර වන උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ සමනොළ කන්ද උදුවප් පුර පොහෝ දින වන්දනාමානයට විවෘත කරයි.සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට හා මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් ව කදු පංතියකින් වට වී ඇති ශ්‍රී පාදස්ථානය 
සෑම වසරකම දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්,මැයි  ලෙස මාස හයක කාලයක් බෞද්ධයන්ට වන්දනා මාන කරන්න අවස්ථාව සලසා දී ඇත.

ශ්‍රී පාදස්ථානය, සමනොළ කන්ද,සමනල කන්ද,සමන්ත කූඨ පර්වතය, රත්න ගිරි වැනි විවිධ නම් වලින් හදුන්වන ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට ලබා දෙන මාස හයක කාලය "වාරය "ලෙසත් වන්දනාමාන නොකරන කාලය "අවාරය "ලෙසත් හදුන්වයි.මෙහි පැමිණීම සදහා මාර්ග 6ක් පමණ පවති.රත්නපුර -පලාබද්දල , හැටන් -නල්ලතණ්නිය ,කුරැවිට- එරත්න,මූර්යාවත්ත- මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ගයි.වන්දනා කරුවන් අතර ප්‍රසිද්ධතම මාර්ග වන්නේ  හැටන් නල්ලතන්නිය මාර්ගය සහ රත්නපුර හරහා ගමන් කරන පලාබද්දල මාර්ගයි.

බුද්ධ වර්ෂ 236 ටත් පෙර සිටම පූජනීය ස්ථානයක් ලෙස හදුන්වන ශ්‍රී පාදස්ථානය පිළිබඳව විවිධ ජනප්‍රවාද සදහන් වන අතර බෞද්ධයන් අතර බුදුන් වහන්සේගේ සිරි පතුල සලකනු කර ඇති බවත් දමිළ ජනතාව පවසන ආකාරයට  පාදස්ථානයේ ඔවුන්ගේ ශිව දෙවියන්ගේ පාසල් ලකුණු සටහන් කොට ඇති බවත්, ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවටත් ආදී ලෙස විවිධ විශ්වාසයන් හා ජනප්‍රවාද පවතී. ශ්‍රී පාදස්ථානයට සමනල කන්ද ලෙස නම ලැබී ඇත්තේ සමනලයින් ඔවුන්ගේ වාර්ෂික සංක්‍රමණයේදී ශ්‍රී පදස්ථානයේ වාසය කරන නිසාවෙනි. ශ්‍රී පාදස්ථානය ඇති පරිසරයේ තුළ විවිධ ඖෂධ පැළෑටි වර්ග සහ මල් වර්ග පලතුරු ගස් වර්ග  වගේම ඒක දේශීය සතුන් පවතින කුඩා  දියඇලි සහ ජලය උල්පත්වල මසුන්ද , අලියා, කොටි, වලසා, දිවියා වැනි සතුන් ද මෙම පරිසරය තුළ ජීවත් වෙයි. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උඳුවප් පොහෝ දිනයේ දී ය. එයට විශේෂ හේතුව වන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවන වතාවට වැඩම කර ඇත්තේ උඳුවප් පොහෝ දිනයක වීම සහ උන්වහන්සේ තම සිරිපතුල සලකුණු කළ ඇත්තේ  උඳුවප් පොහෝ දිනයම වන නිසාවෙන් එය සිහි කරමින් සෑම වසරකම උඳුවප් පොහෝ දින සිරිපා වන්දනා, වාරය ආරම්භ කරයි.

ශ්‍රී පාදස්ථානය  කරුණා කිරීමේදී. 

ශ්‍රී පාදස්ථානයටම වෙන් වූ සංස්කෘතියක් සහ ශ්‍රීපාද ස්ථානය තුළදී පමණක් භාවිතා කරන එයටම ආවේණික වචන තිබේ .හාස් කම් වලින් පිරැණු ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා ගමන් කරන ඔබ ප්‍රථම වතාවට එහි ගමන් කරනවා නම් "කිරිකෝඩු"ලෙසත් ඔබ ට එක් වරකට වඩා එහි ගමන් කර තිබේ නම් "දඬුකෝඩු" ලෙසත් හඳුන්වයි.ගමන් කරනවා වෙනුවට "කරුණා කරනවා" යන්නත් ලෙස හදුන්වන අතර ගමන සඳහා මූලික වී ම කණ්ඩායම් සමග යන නායකයා "නඩේ ගුරා" ලෙසත් හදුන්වයි. කන්ද නගින අතරතුරදී ශ්‍රී පාදස්ථානය හා බැඳුණු විවිධ ජනකවි ගායනා කරමින් ගමන් කරන අතර පළමු වතාවට ශ්‍රී පාදය කරුණා කරන කිරි කෝඩු කාරයා කරැණා කිරීමට පෙර හමුවන සීත ගඟුලලෙන් නා පේවී යා යුතුය. ඉන් පසුව "ඉදිකටු පාන" ලෙස හඳුන්වන ස්ථානයේදී ඉදිකටු හා නූල් යොදාගනිමින්  නඩේ ගුරා විසින් තම නඩේ සිටින "කිරි කෝඩු කාරයින්ව " සමන් දෙවියන්ට  ආරක්ෂාකාරීව සමනල කන්ද වන්දනා මාන කරගනිමින් උවදුරක් නොමැතිව ගමන නිමා කිරීමට හැකියාව ලැබේවායි සිතමින් භාර කරමින්  ගෙත්තම්  කරනු ලබයි. සුමන සමන් දෙවියන් යනු සබරගමුව පළාතට හා ශ්‍රී පාදස්ථානයට  අධිපතිව වැඩ සිටින දෙවියන් වහන්සේ ලෙස බෞද්ධ පොතපත තුල සහ ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

ශ්‍රී පාද කන්ද මුදුනට කරැණා කිරීමේ දී  කට වරද්දා ගන්නා සැදැහැවතුන්ට ශ්‍රී පාදස්ථානයේ කරුණා කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි  ජනයා විශ්වාස කරන්නේ. ගමන් කිරීමේදී ඔබට තහනම් වචන කිහිපයක්  හමුවනු ඇත. "එපා, බෑ ,නෑ හොද නෑ ,"වගේ රිනාත්මක වචන පැවසීම නුසුදුසු යැයි කියයි.තව ද ශ්‍රී පාදස්ථානයේ සහ එහි අවට ඇති පරිසරයේ තිබෙන මල්,කොළ , පලතුරු  ,ශාක ඕනෑම දෙයක් නැවත පහළට රැගෙන ඒමට නොහැකි බවත් පවසයි. එසේ රැගෙන ආවොත් ඔබට  එහි ඇති වනාන්තරය තුළ අතරමන් වීමට හෝ උවදුරු වලට ලක් වීමට සිදුවන බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.කෙසේ වෙතත් දිනකට ලක්ෂ ගණනින් වන්දනා මාන කරන්නට පැමිණෙන ශ්‍රී පාදස්ථානයට වසර 2500 කට එහා ඉතිහාසයත් ඇති බව මූලාශ්‍ර  විමසා බැලිම් දී  හමුවේ. ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් ශ්‍රී පාද මුදුනෙහි ඇති ඝණ්ඨාරය තමා පැමිණි වාර ගණන අනුව නාද කරයි. 


රාත්‍රී කාලයේදී ශ්‍රී පාද කන්ද කරුණා කිරීම අපූරු අත්දැකීමක්. විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ මාර්ගය පහළ සිට බලන වන්දනාකරුවන්ට අහස වෙත ඇති මාර්ගයක් ලෙසත්,කන්ද මුදුනේ සිට බලන අයෙකුට පහළ ඇති කදු පන්ති,ඉදි කිරීම් ගොඩ නැගිලි, නිවාස ආදිය මනරම් දර්ශනයක් මවා පායි. බොහෝ දෙනා ශ්‍රි පාද කදු මුදුනේ දී දකින්න ප්‍රිය කරන තවත් දර්ශනයකි."ඉර සේවය"ඉරු උදා වීමේදී රු එළිය ශ්‍රී පාද කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවනැල්ලක් පෙන්නුම් කරයි. ඒ සමගම හිරු ඉහළට නැගීම සහ සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කිරීම  නිසා මැවෙන චමත්කාර ජනක දර්ශනය ඉර සේවය ලෙස හඳුන්වයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය රචිත දීපවංශය, මහාවංශය වැනි පුරාතන ග්‍රන්ථ තුළ ශ්‍රී පාදස්ථානය ගැන සඳහන් වන අතර ඒ කාලය තුළදී "සමන්ත කූඨ"ලෙසින් හඳුන්වා ඇත. විවිධ පොත් පත්, ලේඛන වල සඳහන් වන පරිදි ශ්‍රී පාදස්ථානය සංවර්ධනය කිරීමට වන්දනාමාන කිරීමට ශ්‍රී ලංකාව තුළ විසූ සෑම රජ කෙනෙකුම ක්‍රියාකළ ඇති අතර  රාවණා රජු ලංකාව  පාලනය කරන සමයෙහි තම අගනුවර ලෙස ශ්‍රී පාදස්ථානය පවත්වාගෙන ගිය බවටද ජනප්‍රවාද තුළ සඳහන් වේ.

කෙසේ වෙතත් ඈත අතීතයේත් බෞද්ධ ජනතාව පමණක් නොව ඉබන් බතුතා, ජෝන් ඩේව් ජෝන් ඩේව්, ඉතාලි ජාතික වෙළෙන්දෙක් වන මාකෝ පෝලෝ ,  විදේශීය පුද්ගලයින්ගේ සටහන් තුළත් උතුම් ශ්‍රී පාදස්ථානය ගැන සඳහන් වන අතර වර්තමානය තුලත් බෞද්ධයින් මෙන්ම විදේශීය සංචාරකයන්ගේත් ගරු බුහුමනට ලක්ව ඇති ස්ථානයකි.

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වැනි වූ ශ්‍රී පාදස්ථානය කරුණා  කරන්න යන ඔබ එහි ඇති ඓතිහාසික වටිනාකමකින් යුතු වස්තූන් වලට සහ එහි ඇති ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියට හානි නොකිරීමට වගබලා ගන්න. මන්ද සිරිපා වාරය අවසන් වීමෙන් පසු එහි පරිසරයට ටොන් ගණනින් ප්ලාස්ටික්, කැලිකසල, අප ද්‍රව්‍ය සැදැහැවත් ඔබ  බැහැර කර ඇති නිසාවෙනි. ඓතිහාසික සහ පුරාණමය වටිනාකමකින් යුතු මෙන්ම ලංකාවේ සුවිශේෂී පරිසර පද්ධතියක් නිසාවෙන්ද ශ්‍රී පාදස්ථානය කරැණා කරන ඔබ එහි ඇති පරිසරයට   හානි නොවන අයුරින් බුදුන් වහන්සේගේ  උතුම් වූ ශ්‍රී පාද පමණක් වන්දනා මාන කර සැදැහැවත් පා සටහන් පමණක් තබා එන්න.

  • සටහන  දුල්ෂරා මධුවන්ති.

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර Read Previous

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර

කදුලට සවියක් Read Next

කදුලට සවියක්

Realted Post

Leave a comment