ජනවාරි 22 ඉරිදා

ජනවාරි 22 ඉරිදා
ඊයේ හවස මාරවිල ගිහින් අද හවස ගෙදර ආවා. අම්මටත් අපි දැකලම ලෙඩ සුව වෙලා වගේ. අපේ කාමරේ පුස් ගඳේ බෑ. මං එදා හොඳට අස්කරල අතුගාල ආවත් කාමරේ අතුගාලවත් නෑ.  වහල දාල තිබුණු නිසා  පාළු ගතියයි.
නන්දනියි මායි කාමරේ ඇතුළෙ මොබ් කළා. මට මේ කාමරේ දාල යන්නත් දුකයි. ඒ තරමට අපි දෙන්න ඊයෙ රෑම ශුද්ධ කළානෙ. 
කුසල් නම් කෑගැහැව්වා. ඔය බෙඩ් සීට් එක අල්මාරියෙන් අරන් දාපුවහම ඇති කියලා. ඒත් ආපු දවසට  ලස්සනට තියන්න ඕනෑනෙ.

 


ජනවාරි 23 සඳුදා
ඊයෙ රෑ ගෙදර ඇවිත් අද උදේ නැගිටින්න හරි කම්මැළියි. කුසල් උදේම යදිචසඒක ගියා. මං ඇති වෙනකල් නිදා ගත්තා. අම්මත් ඇහැරෙව්වෙ නෑ. එයාටත් මහන්සි ඇති. අද හවස අපි පන්සල් ගියා බෙල්ලන්විල ගොඩක් වෙලා පන්සලේ ඉඳලා ගෙදර ආවා.  සතුටුයි.

 


 ජනවාරි 24 අඟහරුවාදා 
 අද එහා ගෙදර රෝෂිණී අක්කා ගෙදර ආවා.  එයා අලුත්ම විදිහට කේක් එකක් හැදුවලු. ගෙදර තියන පලතුරු දාලා. ඒක රසයි. එයා කිව්වෙ පත්තරෙන් බලලයි හැදුවෙ කියලා. හරි සොෆ්ට්. හරි රසයි. ගෙදර ඉන්න කාලෙ ආයෙත් එයත් එක්ක අලුත් කෑම ටිකක්  හදන්න හිතුවා. 

 


 ජනවාරි 25 බදාදා
 අද දවසම අම්මත් එක්ක එකතු වෙලා ගෙදර අස්කළා.  මාලනී මකුළු දැල් පිස දැම්මා. මට හවස ඇදුම වගෙයි. කුසල් කෑගැහැව්වා. ලෙඩ හදාගන්නව කියලා. ඒත් ඉතින් ඉස්සරත් මං අම්ම එක්ක එකතු වෙලා ගෙදර වැඩ කරනවනෙ. ගෙදර ඉන්න දවසට නිකන්ම ඔහේ හිටියොත් කවුද වගේ මහත් වේවි මං. ඒක කිව්වහම කුසල් කියනව එක්සසයිස්  කරන මැෂින් එකක් ගෙනත් දෙන්නම් කියල. ඕවා අපරාදෙ වියදම්.

 


ජනවාරි 26 බ්‍රහස්පතින්දා 
අද අම්මත් එක්ක මාර්කට් ගියා. ගෙදර  ඉන්න  කම්මැළිකමට. බඩු අරන් ආවෙ රෝස අයියගෙ ත්‍රීවීල් එකේ. තාත්ති  කියනව එහෙම එන්න එපාලු. කැබ් එකකින් එන්න තිබුණලු. ඒ බොරු සෝබන වියදම්....

 


ජනවාරි 27 සිකුරාදා
 ජීවිතය හරිම ඒකාකාරියි.  කුසල් ඉන්න කොට පාළු නොදැනුණත් එයත් දැන් ටික ටික ගෙදර ආවහම ටී. වී එකට හරි පොතක් කියවන්න හරි පටන් අරන්. මං එයා එනකල් බලාගෙන  ඉඳල ඉඳල  මටත් කේන්ති යනවා. එයා පොත් කියවන්න පටන් ගත්තම.


මං ටී.වී දාන්න හිතුවෙ උපාධි අපට ගුරු පත්වීම් දෙනවලු. කුසල් කතා නෑ. අම්මා නම් දාන්න කිව්වා. තාත්ති කුසල් කියන දෙයට කැමති වෙන්න  කියනවා. අනේ මංදා  පාඩම් කර කර  මැරුනෙ මොකටද? ගෙදර වේළි වේළි  ඉන්නද?

 


ජනවාරි 28 සෙනසුරාදා
අද හවස අපිට ඇාාසබට එකක්. මං ආසයි එයත් එක්ක ඒවට යන්න. ඒත් කුසල්ට කම්මැළියිලු. ඒ මගෙ යාළුවෙකුගෙ නිසාද  කියල මං එයාගෙන්  ඇහැව්වෙ දුකෙන්. ඒකටත් එයාට කේන්ති ගිහින්. අනේ මන්ද දැන් එයාට ඉස්සරට වඩා කේන්ති යනවා. මගෙ පාළුව මටම විඳ ගන්නයි වෙන්නෙ.
අපි දෙන්න ටිකක් අමනාපෙන් ඇාාසබට එකට ගියේ.  ඒත් ගියහම ඒ දුක නැතිව ගියා. අපි ගෙදර එනකොට රෑ 12.30 විතර වුණා. 

 

එයා නම් ඇත්තටම සීනි බෝලයක් Read Previous

එයා නම් ඇත්තටම සීනි බෝලයක්

වැව් මාළු සැමන් සම්බෝලය Read Next

වැව් මාළු සැමන් සම්බෝලය

Realted Post

Leave a comment