දෙසැම්බර් 11 ඉරිදා

දෙසැම්බර් 11 ඉරිදා
ඊයේ උදේම අම්මා එහා ගෙදර නන්දනීට අපිට දවල්ට උයලා දෙන්න කියලා තාත්ති එක්ක ලොකු මාමලගේ ගෙදර ගියා.  අදත් නෑ. අද හවසට එනවා කියලා තාත්ති කිව්වේ. අම්මා කතා නෑ. අනේ මන්දා මට මොකක්ද වගේ මල්ලිත් අහනවා ඇයි අම්මලා ඊයේ ගෙදර ආවේ නැත්තේ කියලා.
ඉස්සරත් අම්ම වසයිනේ. අපි මෙහෙ පදිංචියට ආව ගමන් මෙහෙම වුණාම කුසල්ටත් අවුල්. කුසල් ඇහැව්වා ඇයි අම්මාට කේන්ති ගියේ කියලා. සිද්ධිය කිව්වාම එයාගේ මූණ වෙනස් වුණා. හරියට අපිට එහෙමවත් කියන්න බැරිදා කියනවා වගේ.


දෙසැම්බර් 12 සදුඳා
ඊයේ රෑ අම්මලා ආවා. අම්මාගේ මූණ අමුතුයි. තාත්ති නම් ඕවා ගණන් ගන්නේ නෑ. ලොකු මාමලා අපිට ගොඩක් ලෑස්ති වෙලාලු. අපිට එන්න වෙලාවක් නැත්නම් තෑග්ග දෙන්න කියලා අම්මාට දුන්නාලු. ඒ අපි ආවාම දෙන්න තියාගෙන හිටපු එකලු. අම්මා වේගයෙන් කියවගෙන ගියා. අම්මාට දුක එයාගේ ලොකු අයියානේ. ඉතිං ඒකේ වැරැද්ද අපේද? අම්මා අපෙන් නිකමටවත් අහලා නොවෙයිනේ ගමන් යන්න ලෑස්ති කරලා තියෙන්නේ. මට හරි දුකයි. අපි දෙන්නා ආව ගමන් මේ ගෙදර අවුල්.


දෙසැම්බර් 13 අඟහරුවාදා
ඊයෙ රෑ මං හොඳටම ඇඬුවා. කුසල්ටත් අවුල්. එයත් හොස්පිටල් ඉඳන් ඇවිත් කාමරේට වෙලා මගේ ඔළුව අත ගගා හිටියා. තාත්ති වෙනදා වගේ කාමරේට ඇවිත් මට විහිළු කළා. පුංචි බබා වගේ අඬනවා කියලා. දැන් ඔය වගේ දේවල් ගණන් ගන්න එපාලු. ඒ අතර එයා හින්ට් එකකුත් පාස් කළා. ‘මේ මං ඉන්නේ කන් ඇහෙන්නේ නෑ වගේ කාංචනා මොනවා කීවත්’ කියලා. එයාගේ ප්‍රශ්නෙ වෙනයි. මං එහෙම දෙයක් කරලයැ අම්මා තරහෙන් ඉන්නේ.
මං ඇහැව්වා ලොකු මාමා දුන්න තෑගි ගෙනාවද කියලා. ඒ මට ගන්න නෙවෙයි. ලැජ්ජයිනේ එහෙමනං. තාත්ති කිව්වා ළඟදි අපි එනවා කියලා අම්මා කිව්වාලු. මාමලා අම්මා වගේ නෑ. 


දෙසැම්බර් 14 බදාඳා
අද අපි බැන්දට පස්සේ කුසල් නයිට් කරනවා. එයාගේ යාළුවෝ හිනහා වුණාලු. වයිෆ් අඬයිද කියලා. කුසල් කිව්වාද දන්නේ නෑ. එදා පාටිය නිසා අම්මා තරහා වෙලා මං ඇඬුවා කියලා. එහෙම නං මං එයා එක්ක තරහායි. මට ලැජ්ජා කරනවාට. කතා නොකරම ඉන්නවා.
දැන් අම්මා ඉස්සර වාගේ. හැබැයි ඇාාසබට ඩසිසඑ ගැන කතා කරන්නේ නෑ. එයා මඟුල් ගෙදරට හදපු වෙඩිං කේක් වැඩිපුර තියාගෙන අපේ නෑදෑ ගෙවල්වලට ටික ටික ගෙනියන්න. දැන් කතාවක්වත් නෑ. මං කුසල්ට කිව්වා ලබන ඇැනැබා එකේ අපි ලොකු මාමලාගෙයි, චූටි මාමලාගෙයි ගෙදර යමු කියලා. ඒ ගමන එයා අම්මා බලන්න යමුලු.


දෙසැම්බර් 15 බ්‍රහස්පතින්දා
අද උදේම චූටි පුංචිලා ආවා. කුසල් තාම ගෙදර ආවේ නෑ. ඊයේ රෑ පුංචි බබෙකුට අසනීප වෙලා ගෙනත්. රෑ එළිවෙනකොට මැරුණාලු. එයා හරි දුකෙන් කිව්වා. මේ කාලේ ශ්වසන රෝග වැඩි නිසා වාට්ටුවේ හෙම්බිරිස්සා කැස්ස උණ ලෙඩ්ඩු පිරිලාලු. ළමයි කෑ ගහන නිසා රෑ එළිවෙනකල් පොඩ්ඩක්වත් නිදාගත්තේ නැතිලු. එළිවෙනකල් ළමයි 5- 6 ක් විතර වාට්ටුවට ගෙනාවලු.
එයා ගෙදර ආව ගමන් නාලා නින්දට ගියා. මං ඔළුව අත ගගා ළඟට වෙලා හිටපු නිසා එයා පැය ගාණක් හොඳට නිදා ගත්තා. 


දෙසැම්බර් 16 සිකුරාදා
අද කුසල්ගේ අම්මා කතා කළා. ගෙදර හරි පාළුයි කියලාමයි කියන්නේ. ඉතිං ඉස්සරත් එහෙමනේ කීවාම කියනවා දුව ආවාට පස්සේ දැන් ගෙදර වෙනස් වුණානේ කියලා. පවු......ඒ අම්මා හරි හොඳයි.
මං කිව්වා දවසක් දෙකක් ඉන්න ඔය ගෙදර වහලා අපේ ගෙදර එන්න කියලා. එන්න ආසයිලු. ඒත් වහලා එන්න බයයි කිව්වේ. මේ කාලේ හරියට හොරු ඉන්න නිසා. පවු තනියම ඉඳන් ඒවත් හිතනවා. කමලාවතීට විතරක් ගෙදර බාරදීලා එන්න බෑනේ.


දෙසැම්බර් 17 සෙනසුරාදා
නත්තලුත් ළඟයි. මේ සැරේ අපේ ජීවිත වෙනස්නේ. කුසල් එක්ක කොහේ හරි යන්න ඕනෑ. ඒත් අම්මට තරහා යයිද දන්නේ නෑ. වෙඩිං එකෙන් පස්සේ නෑ ගෙවල්වලටත් තාම ගියේ නැති නිසා. ඒත් කුසල්ට වෙලාවක් නෑනේ. කොහොම හරි ඒවායෙත් යන්න ඕනෑ. නැත්තං අපේ අම්මාට ආයෙත් ඩෝං....යයි.

රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු Read Previous

රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු

හැඩට වැඩට අඳින්න කැමති ඔබට Read Next

හැඩට වැඩට අඳින්න කැමති ඔබට

Realted Post

Leave a comment