දෙසැම්බර් 18 ඉරිදා
දෙසැම්බර් 18 ඉරිදා
අද උදේම කුසල් කිව්වා අම්ම බලන්න යමු කියලා. මට අපේ අම්මට ඒක කියන්නත් බය හිතුණා. නත්තලට මොනව හරි ගන්න යමු කියලත් එයා කිව්වා. ඒත් wedding එකට කියලා ගත්ත අලුත් ඇඳුම් ගොඩක් තියෙන නිසා මට shopping යන්නත් කම්මැළියි.
උදේට කෑම කාල අපි මාරවිල ගියා. අපිත් එක්ක මල්ලිත් ආවා. එයාගෙ විභාගෙ ඉවරයිනෙ. දැන් පොඩි එකා හරි ජොලියෙන් ඉන්නවා.
දෙසැම්බර් 19 සඳුදා
අද උදේ පාන්දර 5.00 නැගිටල අපි ගෙදර ආවා. අපිව බස්සපු ගමන් කුසල් hospital ගියා. එයාට මහන්සිත් ඇති. ඊයේ නිදා ගන්නත් ගොඩක් වෙලා ගියානෙ.
මල්ලි නම් එහෙ හිටියෙ කම්මැළිකමෙන් වගේ. ඒත් කුසල්ලගෙ ගෙදර පිටිපස්සෙන් මුහුද නිසා එයා කමලාවතිලගෙ පුතාලත් එක්ක මුහුද බලන්න ගියා. මට තාම මුහුද බලන්න යන්න බැරි වුණානෙ. ඊළඟ සැරේ ගෙදර ගියාම යන්න ඕන.
දෙසැම්බර් 20 අගහරුවාදා
අද උදේම පුංචි කතා බහක් කුස්සිය පැත්තෙන්. තාත්ති ආයෙත් කැලිෆෝනියා යන්න ඕනෑ කියලා. අම්මා කෑ ගහනවා ඔය තියෙන සල්ලි ඇති. මෙහෙ පුංචි බිස්නස් එකක් කරමු කියලා. තාත්තිට ඒව ඇහෙන්නෙ නෑ වගේ. මං බය වුණා. ඉස්සර වගේ රණ්ඩුවක් යයිද කියලා. එහෙම වුණොත් කුසල්ට එපා වෙයි මෙහෙ. කුසල් ආස ටිකක් නිහඬ පරිසරයකටලුනෙ.
දෙසැම්බර් 21 බදාදා
උදේම කුසල්ගෙ අම්මාගෙන් call එකක් ආවා. ගෙදර වැඩ කරන කමලාවතීගෙ මනුස්සයට ඩෙංගු හැදිලා hospital නතර කළා කියලා. දැන් කමලාවතීට ගෙදර වැඩට එන්නත් බැරිලු. අම්මා තනියම කිව්වා. කුසල් ඉස්සරහ ගෙදර රුවනි අක්කට call කරල ගෙදර පැත්ත බලන්න කිව්වා. ඒත් එයා ගණන් ගත්තෙ නෑ වගේ කතා කළේ. මට ඇහුණා. එයා ගත් කටටම කිව්වෙ නංගිට ඇවිත් ටික දවසක් ඉන්න පුළුවන්නෙ කියලා. අනේ මට කුසල් නැතිව ඒ පාළු ගෙදර ඉන්න බෑ. කොච්චර හොඳ වුණත් මට බයයි ඒ ගෙදර තනියම ඉන්න. මං බෑ කියල අඬනවා.
දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා
ඊයේ හවස අපි මාරවිල ආවා කුසල් 2.00ට hospital එකෙන් ඇවිත් ඒ ගමන්ම ආවෙ. එයාට හරි මහන්සියිලු. කමලාවතිගෙ මනුස්සය නිමල් බලන්න මාරවිල hospital එකටත් ගියා. ඒ මනුස්සයට එච්චරම අමාරු නැතිලු. ඒත් පරෙස්සම් වෙන්න ඕනැනෙ.
අනේ මන්ද මේ ගෙදර වැඩ කරන්නෙ කොහොමද කියලා. මං අම්මත් එක්ක රෑට කෑම හැදුවා. මේ අම්මා අපේ අම්ම වගේ නෙමෙයි. හැමදේම තිබුණත් දර ලිපේමයි උයන්න හදන්නෙ. කමලාවතී ඉව්වෙ දර ලිපේ කියලා. මට නම් බෑ ඕවා. මං වැඩකාරියක්යැ. මං ගලවල තිබුණු ගෑස් එක කුසල්ට කියලා හදාගෙන කෑම ඉව්වා. මං අම්ම කෑම හදනවට උදව් කරනකොට කුසල්ට හරි සතුටු පාටයි.
දෙසැම්බර් 23 සිකුරාදා
අදත් උදේම අපි මහරගම ආවා. මාව අපේ ගෙදර දාලා කුසල් වෑතර hospital එකට ගියා. කුසල්ගෙ අම්මගෙ තනියට කමලාවතී එයාලගෙ එහා ගෙදර නංගි එවලා. ඒ ගෑනි නං ටිකක් සැර පාටයි. අපේ කාමරේ බලන්න ආසයි කියල කාමරේට අවම අම්ම බොරුවක් කියල ඉක්මනට කුස්සියට යැව්වා. පවු මට දුකත් හිතුණා. අම්ම කිව්වෙ කමලාවතී පුරුදු කෙනා වුණාට එක එක ගෑනු කාමරවලට රිංගනවට එයා කැමති නෑ කියලා. තනියට ආ ගෑනිටත් ලොකුකම පෙන්නුව කියල මට හිතුණා.
දෙසැම්බර් 24 සෙනසුරාදා
අද කුසල්ගෙ ඩිරෙක්ටර්ගෙ ගෙදර නත්තල් පාටියකට අපිට යන්න වෙලා. අපි බැන්ද දවසෙමයි ඒ ආරාධනාව ලැබුණෙ ඒ පාටියට hospital එකේ ගොඩක් අයට ආරාධනා කරලා මට ඒවට යන්න නම් ආසයි.
Lunch නිසා මොනව ඇඳගෙන යන්නද මන්දා. කුසල් කැමති ඉතිං මං කොට ගවුමක් අඳිනවටනෙ.
party එකට ගිහින් හෙට ගොඩක් විස්තර මගෙ මේ ඩයරියෙ ලියන්න ලැබෙයි.
Leave a comment