ජනවාරි 15 ඉරිදා

ජනවාරි 15 ඉරිදා
අම්මා ගෙදර එක්කරගෙන ආවා. එයා කියනවා හිතට හරි සැහැල්ලුයි කියලා. එයාගේ අම්මා හරි නීතිලු. අපේ ගෙදරදී අවුලක් ඇති කර ගනී කියලා බය හිතුණලු. පවු මගේ කුසල්.
අපි මාරවිිල එනකොට මෙහෙ ගෙදර බලාගත්ත නන්දනීල මිදුලවත් හරියට අතුගාලා නෑ. ගේට්ටුවෙන් කාර් එක ඇතුළු කළා විතරයි කුසල්ගේ අම්මාට නැති පණක් ඇවිත් වගේ කෑ ගහනවා. මුන් වැද්දෝ වගේ ගෙදර ඉඳලා, මුන්ට මොනවා දුන්නත් වැඩක් නෑ කියලා. කුසල් කෑගහන්න එපා කිව්වත් අම්මා වාහනෙන් බැහැලා ගෙට ඇතුළු වුණේ නන්දනීගේ හම ගැලවෙන තරමට කෑ ගහගෙන. 


ජනවාරි 16 සඳුදා
ඊයේ රෑ වෙනතුරු මාරවිල ඉඳලා ආවත් මට දුකයි වගේ. කොර ගහ ගහ අර ගෙදර තනියම. නන්දනීට කොච්චර බැන්නත් ඒ ගෑනි හොඳයි. අම්මාට ආදරෙයි. කුසල් එහෙම හිතලා හිත හදාගන්නවා. අද අපි හවස මාර්කට් ගිහින් ගෙදරට ඕන ඔක්කොම බඩු ගෙනත් දැම්මා. ඒවා දැකලා තාත්තිට දුකයි වගේ. කුසල්ට කෑ ගැහැව්වා.


ජනවාරි 17 අඟහරුවාදා
අද දවසම අවුල්. කුසල්ගේ හොස්පිට්ල් එකේ පුංචි දරුවෙක් මැරිලා නියුමෝනියාවෙන්. කුසල්ට හරි අවුල්. මටත් දුකයි. පොඩි එකෙක්නෙ. ගෙදර ඇවිල්ලාත් ඒ දරුවා ගැනමයි කියෙව්වේ. දරුවා නැති අම්මා කෙනෙකුට බෙහෙත් කරලා අවුරුදු ගාණකට පස්සේ ලැබුණ දරුවෙක් කියලා. මටත් හරි දුකයි.


ජනවාරි 18 බදාදා
හෙට මල්ලි ටි්‍රප් එකක් යනවා ඉස්කෝලෙන්. උදේ ඉඳන් අම්මාට කරදර කරනවා බත්මුලක් ඕනෑ ළමයි පස් දෙනෙකුට කියලා. ඒ ළමයි බෝඩ් වෙලා ඉන්න අයලු. අම්මාත් තාත්තිත් එක්ක මාර්කට් ගිහින් කුකුළු මස් ගෙනත් උදේම පොලොස් මාළුවක් දර ලිපේ තිබ්බේ හෙමින් ඉදුණාම රසයි කිය කියා. ඒ අතරේ මට කියලා කේක් එකකුත් හදවා ගත්තේ ජයටම ටි්‍රප් එක යන්න වගෙයි. කොල්ලට හරි සතුටුයි.
එයාලා පොළොන්නරුවේ ගිහින් එන්නේ හෙට. දවසක් රැයක් ගත කරන්න යනවා කියලා අම්මා කිව්වේ කොල්ලො එකතු වෙලා මොනවාත් බොන්නහෙම එපා කිය කියා. තාත්ති නම් මොනවාත් කියන්නෙ නෑ. අම්මා එහෙම කිව්ව එක හොඳයි. 


ජනවාරි 19 බ්‍රහස්පතින්දා
අද කුසල්ට නයිට්. මට කම්මැළියි. උදේ පාන්දරම කුසලුයි මමයි මල්ලිව ඉස්කෝලෙට ගිහින් බැස්සුවා ටි්‍රප් එක යන්න. අපි ඇවිත් දවල් වෙනතුරු නිදා ගත්තා. කුසල්ගේ අම්මා හිටියා නං අපිට මෙහෙම නිදියන්න ලැබෙන්නේ නෑ.
අද කුසල්ගේ අම්මා කෝල් කළා. ලෙඩ වට්ටෝරුවක් කියවගෙන කියවගෙන ගියා. ඒත් කුසල්ට යන්න නිවාඩු නෑනේ. ඇැනැබා එකක් නිසා ඉමිහ වෙනවා.


ජනවාරි 20 සිකුරාදා
උදේම කුසල් ගෙදර ආවා. එයා බසටයඑ නේ. එයා ඊයෙත් හුඟාක් ඇහැරලා හිටියා කියලා ඇවිත් ඇඟ සෝදගෙන උදේට කාලා නිදා ගත්තා. මටත් එයා ළඟට වෙලා ඉඳන් නින්ද ගියා. දවසම එයා ළඟට වෙලා ගත කළා. අද පාළු නෑ.


ජනවාරි 21 සෙනසුරාදා
අද හවස මාරවිල යනවා. අම්මාත් එන්නම් කිව්වා. ඊයේ රෑ වෙලා මල්ලි ගෙදර ආවේ. එයත් එන්නද අහනවා. එහෙම  ගියාම ඒ ගෙදර පාළු නෑ. නැත්නං ඉතිං හරි පාළුයිනෙ. කුසල්ගෙ අම්මාටත් සතුටු හිතෙයි කට්ටියම ගියාම.
අම්මා රෑට ඉදිආප්ප හදාගෙන යමු කිව්වා. ඒක හොඳයි. එතකොට එහෙට කරදරත් නෑ. ඒත් ඒ අම්මා ඒවා වැරදියට හිතයිද මන්දා.

 

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න Read Previous

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න

වැව් මාළු සැමන් සම්බෝලය Read Next

වැව් මාළු සැමන් සම්බෝලය

Realted Post

Leave a comment