පෙබරවාරි 05 ඉරිදා

පෙබරවාරි 05 ඉරිදා
ඊයේ නිදහස සැමරුවා. කන්නවත් නැති අපේ රටේ කෝටි ගණන් වියදම් කරලා මහා ඉහළින්. ඒක තමයි වල්බූරු නිදහස කියලා මට හිතෙන්නේ. අද අම්මලා කන්න නෑ කියලා දරුවොත් එක්ක දිවි නසා ගන්නවා. මෙහෙ නිදහස සමරනවා. ඇත්තටම මං මේ විගඩං ඩයරියේ හරි ලියලා හිත හදා ගන්නවා.
තාත්ති පිටරටක රස්සාවක් කළේ නැත්නම් අපිටත් ඉන්න වෙන්නේ හාමතේ. කෝ අද කාලේ ජීවත් වෙන්න සල්ලි. සාමාන්‍ය විදියට ගත්තත් මගේ වෙඩිං එකටත් කොච්චර සල්ලි ගියාද?


පෙබරවාරි 06 සඳුදා
අද කුසල් රෑ වැඩ. ඔය දවස එක්ක මම හරිම තරහයි. අද රෑ මහ මූසලයි. ඒත් ඉතිං මං මොනවා කරන්නද? අම්මට නම් ගාණක් නෑ. මට මේ රෑට කෑ ගහලා අඬන්න හිතෙනවා.
කුසල් රෑ වැඩට යනකොට මට දුකයි පාළුයි කිව්වාම එයා ‘තොත්ත බබා’ කියලා හිනා වෙනවා. ඔහොම තමා පිරිමි බැන්දට පස්සේ අපිව ගණන් ගන්නේ නෑ.


පෙබරවාරි 07 අඟහරුවාදා
ඊයේ සුධීරා අක්කා ඩුබායි ගියා. එයාගේ ඔෆිස් එකෙන්. දවස් කීපයකට. එයාට වගේ මටත් එහෙමවත් නිදහසක් තිබුණා නම්. අපරාදේ මං කැම්පස් ගිහින් මේ ගෙවන ජීවිතේ. මට රස්සාවක් කරන්නත් ආසයි. පාන්දර නැගිටලා යන්නත් කම්මැළියි. මට රස්සාවක් කරන්න ඕනේ කිව්වම කුසල් කියන්නේ උගත්කම අහක යන්නේ නෑ ඔයා ගෙදර ඉඳන් හොඳට ළමයි හදාගන්න කියලා. 


පෙබරවාරි 08 බදාදා
අද සතුටු දවසක්. කුසල් ඊයේ බසටයඑ කරලා උදේම ගෙදර ආවා. ඒත් එයා අද දවස වැඩිපුර ගත කරන්නේ නින්දෙනේ. මහන්සියි කියලා ගෙදර ආව ගමන්ම වොෂ් දාලා උදේට හරියට කෑමක්වත් ගන්නේ නැතිව නිදා ගත්තා. පුංචි බබෙකුට අමාරුවෙලා ගොඩක් වෙලා එහෙම මෙහෙට ජ්කක කරලා  ෂක්‍ඹ දැම්මාලු. ඒකට පාන්දර වෙනකල් දැඟලුවා කියලා නිදා ගත්තා. අම්මේ...එයාට ඇඳට වැටුණු ගමන්ම ගොරව ගොරව නින්ද යනවා. මට ඒකටත් තරහයි.


පෙබරවාරි 09 බ්‍රහස්පතින්දා
අද කුසල්ට වැඩ උදේ. එයා හෙට නිවාඩු. යාළුවෙකුගේ බබාගේ ඉසරඑය ා්හ කියලා. එයා ගෙදර ඉන්න කොට මට ගෙදරම පිරිලා වාගේ. මං ඒක එහා ගෙදර රුචිරක්කාට කිව්වාම පාළුව යන්නත් එක්ක බබෙක් හදන්නලු. අනේ දැන්ම බෑ. මට නිදහසේ ටික කලක් ඉන්න ඕනේ. තවම බැඳලා මාස පහයිනේ.


පෙබරවාරි 10 සිකුරාදා
උදේම ලොකු මාමා ජ්කක කළා. නැන්දා වැටිලා කකුල කැඩිලා කියලා. අද ඉසරඑය ා්හ පාටි වගේම එහෙත් යන්න ඕනේ. නැත්නම් ඉරිදා වෙනකල් කුසල්ට වැඩනේ.
එහා ගෙදර රුචිරා අක්කා රෝෂිණී අක්කා එක්ක රණ්ඩු කරගෙන. රෝෂිණී ඉතිං ටිකක් කටනේ. රුචිරා අක්කාගේ මල්ලිගෙ නෝනානේ. එයා ලස්සනට අඳිනවා. කේක් හදලා හම්බ කරනවා. රුචිර අක්කා මොනවාවත් කරන්නේ නෑනේ. ඒක වෙන්න ඇති. හැබැයි මෙතෙක් කල් හොඳට හිටියා. නෑනලා වුණත්. මං ඉතිං දෙන්නටම කිව්වේ ඉවසන්න කියලා. අම්මත් හරියට දෙන්නාටම අවවාද කළා. අම්මා කියන්නේ ඔය මාග්‍රට් ඇන්ටිගෙ ගතිගුණලු. එයා ආව කාලේ අම්මා එක්ක දෙල් ගෙඩියටයි, පොල් ගෙඩියටයි හැමදේටම රණ්ඩු කළා ලු. දැන් නංගි කියාගෙන ආවාට. එහෙනම් ඉතිං හොඳ වැඩේ. මාග්‍රට් ඇන්ටිට පරණ මතක අලුත් වෙන්නත් එක්ක.


පෙබරවාරි 11 සෙනසුරාදා
අදත් තාත්තා මහරගම ගියා. පියදාසත් හරි ආසාවෙන් ඒ ගමන යනවා. ඇයි දෙන්නා වැඩ කරලා හොඳට කාලා බීලා එනවානේ. තාත්ති ඒ වගේ මිනිස්සුන්ට හරියට සලකනවා. මාත් ආසයි ඒ ගතිවලට නම්. අම්මා නම් ටිකක් ආඩම්බරයි. එච්චර ගණන් ගන්නේ නෑ. වැඩට එන මිනිස්සුන්ව. එහෙම හොඳ නෑ කියලා මං එදා කිව්වාම අම්මා මටත් කෑගැහුවා. ඊයේ ඉසරඑය ා්හ ච්රඑහ එකත් හරි ෂෝක්. ඒත් අම්මාට ටිකක් අවුල් අපි නැන්දා බලන්න ගියේ නෑ කියලා. ඉරිදාටවත් යනවා. කුසල්ට වෙන වැඩක් වැටුනේ නැතිනම්.

 

රිෂානා’’ ජාත්‍යන්තරයට Read Previous

රිෂානා’’ ජාත්‍යන්තරයට

ජීවිතය සතුටින් තබන රසකාරක Read Next

ජීවිතය සතුටින් තබන රසකාරක

Realted Post

Leave a comment