තුලා

තුලා -  සංචාරක විනෝද ගමන් 
සතියේ මුල් දින 4 සුබදායී වෙනස්කම්වලට හේතු යෙදුනත් සතියේ අවසන් දින 3 විවිධ අවහිර බාධා වැඩකටයුතු ප්‍රමාදවීම් මධ්‍යයේ කටයුතු කිරීමට සිදු වේ. පොදුවේ ඔබට මෙම සතියේ යහපත් මෙන්ම ප්‍රයෝජනවත් කටයුතුවල යෙදීමට ද හැකි වේ. එසේම කලක් ඇසුරු කළ හැකි ප්‍රයෝජනවත් මිතුරු මිතුරියන් ද ඇසුරට ලැබේ. තමා ඇසුරු කරන අය හා විරුද්ධ ලිංගිකයන් සමග සංචාරක විනෝද ගමන් බිමන්හි නියුතු වීමටත් අවස්ථාව සැලසේ. ඇසුරු කරන කෙනකුගේ හදිසි රෝහල් ගතවීමක් හේතුවෙන් අමතර මුදල් වියදමක් දැරීමට යමක් සිදුවෙයි. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් යමෙක් සමග මත භේදයක් ඇතිවීමට ඉඩ ඇත. 

මිථුන Read Previous

මිථුන

කටක Read Next

කටක

Realted Post

Leave a comment