අවුරුදු හතකට පස්සෙ චිත්‍රපටියක රඟපෑවා Bandu Samarasinghe

දශක ගණනාවක සිට  සිංහල රිදී තිරයේ  හාස‍්‍ය රසය  ප්‍රේක්ෂකයන්ට  ලබාදුන්  රංගන ශිල්පීන්  අතර විශේෂිත තැනක්  හිමිවෙන කලාකරුවෙක් ගැනයි මේ කතාබහ. නොනැවතී වසර 48ක  කලා ජීවිතය තවමත් ඉදිරියට යමින්  ප්‍රේක්ෂකයන් අතර  දිදුලන තරුවක් වන ඔහු  බන්දු සමරසිංහ.  මේ  රසපිරි කතාබහ ඔහු සමගයි.

  • මේ දවස්වල මොකද කරන්නේ?

මේ දිනවල  දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ  බෆලෝ ට්‍රැවල්  චිත්‍රපටය තිරගත වෙමින් තිබෙනවා. ඒ වගේම පුරුදු ලෙස කාලය ගත කරනවා. 

  • කාලයක් ක්ෂේත්‍රයේ සිටියෙ නැහැ නේද?

මෙවර තිරගත වන චිත්‍රපටය  මම රංගනයෙන්  එක් වූ අනූ දෙවැනි චිත්‍රපටයයි. මගේ  චිත්‍රපටයක්  තිරගත වෙන්නෙ අවුරුදු හතකින්  පස්සේ. එකම ආකාරයකින් චිත්‍රපට වලට දායකත්වය ලබාදුන් නිසා  පොඩි විවේකයක් ගන්න  හිතුණා.

  • බෆලෝ ට්‍රැවල්ස්  චිත්‍රපටය ගැන මොකද හිතෙන්නෙ?

මෙය වෙනස් විදිහෙ නිර්මාණයක්. මෙම චිත්‍රපටයේ  මගේ චරිතය ගමක ජීවත්වන සරල පුද්ගලයෙකුගෙ  චරිතයක්.  මෙම නිර්මාණය ප්‍රෙක්ෂකයන් ආදරයෙන් වැළඳගනී කියා මට සිතෙනවා.

  • පවුලේ විස්තර ටිකකුත් කතා කරමු?

මම විවාහ වී වසර 48ක් වෙනවා. දුවයි පුතයි  ඉන්නවා. ඔවුන් දෙදෙනාම දැන් විවාහකයි. ඔවුන්ටත් දරුවන් සිටිනවා. ඔවුන් අද වනවිට රැකියාවල  නියුතු වී සිටිනවා.

  • ඔබගේ වැඩකටයුතුවලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇය මාව තේරුම් ගත් කෙනෙක්. අදටත් අපි දෙදෙනා සතුටින් ජීවිතයේ සැඳෑසමය ගත කරනවා. මගේ වැඩකටයුතු වලට පුළුවන් ආකාරයෙන් සහයෝගය දෙනවා.

  • බිරිඳත් සමග ගතකරන කාලය කොහොමද?

සමගියෙන් සතුටින් ගත කරනවා.  අපි දෙන්නටම එකම වෙලාවේ තරහ එන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට  පොඩි රඟපෑමක් දාලා  ශේප් වෙනවා. අපි දෙදෙනා අතර ප්‍රශ්න නැහැ. 

  • ඔබගේ සාමාන්‍ය  ජීවිතය  කොහොමද ගත කරන්නේ?

මම හරි ආසයි  මුනුපුරු මිනිබිරියන්ව වාහනේ දමාගෙන  පාසල් රැගෙන යන්න. එයාලත් එක්ක කාලය ගත කරන්න.  ඒ වගේම  මමයි බිරිඳයි පුළුවන් වෙලාවල්වලට හවසට පන්සල් යනවා. පන්සලේ වැඩකටයුතුවලට සහභාගී වෙනවා. සතුටින් කාලය ගතකරනවා. 

  • මේ දක්වා ආපු ගමන් මග ගැන මොකද හිතෙන්නේ?

හොඳයි. ආපස්සට හැරිලා බලද්දි ලොකු සතුටක් දැනෙනවා.

  • ඉදිරි බලාපොරොත්තු මොනවාද?

එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. ඉදිරියට වෙන විදිහට කටයුතු කරගෙන යනවා

  • ඔබත් සමගම හිටපු රංගන ශිල්පී  ටෙනිසන් කුරේගේ  අහිමිවීම ගැන මොකද හිතෙන්නේ?

රෑ ඩැනියෙල් දවල් මිගෙල් චිත්‍රපටයෙන් පසුව අප දෙදෙනාගේ  හමුවීම කතාබහට ලක්වුනා. ඔහු මගේ හොඳම හිතවතෙක්. ඔහුගේ අභාවය ගැන අදටත් හිතාගන්න බැහැ. හිතුවෙවත් නැති  ආකාරයට  යන්න අවශ්‍ය වෙලාවක නෙමෙයි ඔහු අපෙන් වෙන්ව  ගියේ. ඔහුගේ මරණය පිළිබඳ  පුවත ජාතික රෝහලින් මුලින්ම දැන්වූයේ මට.   ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් පුණ්‍ය කටයුතු  අදටත්  මම සිදු කරනවා. අදටත්  ඔහුගේ පවුලේ උදවිය සමග  සම්බන්ධතා පවත්වනවා. 

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පුටුව අමාත්‍ය සරෝජාට Read Previous

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පුටුව අමාත්‍ය සරෝජාට

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි Read Next

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

Realted Post

Leave a comment