හැම දෙයක් ගැනම හරිම සීරියස් - දුෂේනි

ටෙලි තිරයේ තාරකාවියක් වූ දුෂේනි මියුරංගී මේ දවස්වල තවත් කතා බහට ලක් වෙලා. ඒ ඇයගේ නවතම සිනමාපටයත් සමගින්. බෙහෙවින්ම කාර්යබහුලව සිටින මොහොතක සිරිකත අප සමග ඇය මෙලෙස දොඩමලු වුණා. 

දුශේනි කියන්නේ මොනවගේ කෙනෙක් ද?

මම හරිම සරල  සාමාන්‍ය විදියට ජීවත් වෙන්න කැමති සරල කෙනෙක් 

රිදී තිරයට එක්වන නවතම සිනමා සිත්තම "සිංහබාහු" කොහොමද ඒ අත්දැකීම ඔබට දැනෙන්නේ ? 

සිංහබාහු කියලා කියන්නේ මගේ පළවෙනි සිනමා අත්දැකීම. පුළුල් තිරයක ඉදිරිපත් කරන ප්‍රථම අද්දැකීම. ඒක මට අලුත්ම අත්දැකීමක් වුණා.  

ඔබේ පළමු සිනමා අත්දැකීම සඳහා එක්වන අනෙකුත් කලාකරුවන්ගෙන් ලැබුණ සහයෝගය කොහොමද ?

විශේෂයෙන්ම කියන්න ඕන සෝමරත්න දිසානායකයන් සහ රේණුකා බාලසූරිය මහත්මිය වැනි ප්‍රවීණයන් සමග වැඩ කරන්න ලැබුණු පළමු චිත්‍රපටය. ඒ පිළිබඳව ලොකු සතුටක් තිබෙනවා . ඒ වගේ ම අපේ රංගන ශිල්පීන් සජිත ඇන්තනී, අකිල ඇන්තනී, යශෝධා විමලධර්මසූරිය  වැනි ‍ෙත්‍රයේ දැවැන්තයින් බොහොමයක් සමග මගේ පළමු චිත්‍රපටයේම වැඩකරන්න ලැබීම මම හිතනවා ලොකු වාසනාවක් කියලා. ඔවුන් ඇතුළු චිත්‍රපටයේ බොහෝමයක් දෙනා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.   

මීළඟට  ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන ඔබේ අලුත්ම සිනමා නිර්මාණ මොනවද?

මීළඟට ශමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කරන "සිහින නෙළුම් මල්" එන්න තියෙන මගේ  අලුත් සිනමා නිර්මාණයක්. ඒක නුදුරේම තිරගතවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක "සිංහබාහු" චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස් කතා මූලයක් එක්ක දිවෙන චිත්‍රපටයක්. සිංහබාහු කියන්නේ අපේ ඓතිහාසික කතන්දරයක්. "සිහින නෙළුම් මල්" කියන්නේ වර්තමාන කාලයේ චිත්‍රපටයක්.  

ඔබ මෑතකදී රයිගම් ටෙලීස් 2023 ජනප්‍රියම නිළිය සම්මානය දිනාගනිමින් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබා ගත්තා. ඒ ගැන මතක් ක‍ළොත්.

ඒ පිළිබඳව ලොකු සංතෝසයක් තිබෙනවා .මොකද සම්මාන උලෙළවල් කීපයකම ජනප්‍රිය සම්මානය හිමිකරගන්න පුලළුවන් වුණ. ජනප්‍රියම සම්මානය  කියලා කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ සම්මානයක්.  ඉතින් ඒ වගේ සම්මානයක් නොකඩවා මගේ අතේ තියෙනවා කියලා කියන්නේ ප්‍රේක්ෂක ආදරය ගොඩාක් ඉහළින් මගෙත් එක්ක ඉන්නවා කියන එක. සමහරක් විට ඊළඟ කාල වකවානුවක් වන විට සම්මානයක් නැති වුණත් ප්‍රේක්ශයන්ගේ ආදරය ඒ විදියටම තියෙයි කියලා විශ්වාසය මට තියෙනවා .ඒ නිසා දැනට ඒවා ලැබෙන කොටත් සන්තෝසයි. කවදාහරි නොලැබෙන කොටත් සන්තෝසයි කියලා සමානාත්මතාවයකින් මම ඉන්නවා. 

ඔබ මේ වනවිට ටෙලි තිරයේ තාරකාවියක්. ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන ටෙලි නිර්මාණ මොනවද?  

දැනට ස්වර්ණවාහිනියේ විකාශය වන ශිවගුරුනාදන් මහතාගේ සහ සද්ධාමංගලසූරිය බණ්ඩාර මහතාගේ "සල්ලි පොකුරු" ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. මෙගා ටෙලි නාට්‍ය සල්ලි පොකුරු විතරක් වෙයි. ඊට අමතරව ඉදිරියට කොටස් අඩු ටෙලි නාට්‍යයකින් රංගනයට දායකත්වය ලබාදෙනවා. ඊට අමතරව  මම හිතන්නෑ මේ කාලවකවානුවේදී තවත් මෙගා ටෙලිනාට්‍යයකින් මම එළියට එයි කියලා. 

       

  • ඡායාරූප - ඉන්දික මල්ලවාරච්චි

දරුවාට ලස්සන දත් Read Previous

දරුවාට ලස්සන දත්

පැණි රස සීනිවල තිත්ත ඇත්ත Read Next

පැණි රස සීනිවල තිත්ත ඇත්ත

Realted Post

Leave a comment