ලංකාවට ළඟම තියෙන ඉන්දියාවේ හොල්මන් නගරය ගැන ඔයාලා දන්නවද?
ලංකාවේ ඉදන් බැලුවාම ඉන්දියාවට ළඟම තැන, රාම රාවණා කතාවටත් මේ තැන සම්බන්ධයි. මේ දවස් වල ටිකක් වැඩිපුර ඉන්දියාවේ අය ලංකාවේ දූපත් වල අයිතිය ගැන කතා කරනවා. මේ කතාව ඉන්දියාවට අයිති අන්තිම තැන ගැන. මෙතන ඉදන් ඉස්සරහට තියෙන සියලුම භූමිය අයිති අපටයි.
ධනුෂ්කෝඩි කියන්නේ ඉන්දියාවේ අන්තිම නගරය. මේ නගරය රාමේෂ්වරම්වල තමයි පිහිටලා තියෙන්නේ. මේ ධනුෂ්කෝඩි සංචාරක ආකර්ෂණය ඉතා ඉහළ ප්‍රදේශයක් විදියට හඳුන්වන්න පුලුවන්. මෙතනින් ඉන්දියාවේ මහමාර්ග අවසන් වන්නේ.
ධනුෂ්කෝඩි වල ඉදන් බැලුවාම ලංකාව හා ඉන්දීයාව අතර දුර කිලෝමීර්ට 25- 27 ක් විතර වෙනවා. රාම රාවණා කතාවේ එන රාම සේතු පාලම හදන්න පටන් අරගෙන තියෙන්නෙත් මෙතන ඉදන් කියලා තමයි ජනප්‍රවාද වල සඳහන් වන්නේ. රාම කුමාරයා රාම සේතු පාලම හදන්න ඉන්දියාවේ සිට ලංකාව දෙසට ඊතලයක් විදලා තියෙනවා. ඒ ඊතලය විද්ද ස්ථානය තමයි ධනුෂ්කෝඩි කියලා හඳුන්වන්නේ.
කොතරම් ඉහළ සංචාරක ආකර්ෂණයක් තිබුණත් මේක අතහැර දැමූ නගරයක් කිව්වොත් ඔබ පිළිගන්නවද?
1964 වර්ෂයේදී සුළි සුළඟක් නිසා මෙම නගරය තුළ විශාල ජනසංහාරයක් සිදු වුණා. ධනුෂ්කෝඩි දක්වා ඒ කාලේ දුම්රිය මාර්ගයක් තිබිලා තියෙනවා. ධනුෂ්කෝඩි දක්වා දුම්රියෙන් එන මගීන් එතැන සිට ඉතා සුළු දුරක් මුහුදු මාර්ගයෙන් පැමිණි ලංකාවට ළඟා වෙලා තියෙනවා. 1964 දී මේ සුළි සුළඟින් ධනුෂ්කෝඩි දක්වා ආපු දුම්රියක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. මේ ස්වභාවික විපතින් පස්සේ මේ නගරය මිනිස්සු අතහැර දාලා තියෙනවා. මේක ghost town එකක් ඒ කියන්නේ හොල්මන් නගරයක් කියලත් ඒ අවට මිනිස්සු හදුන්වනවා.
ඒ විතරක් නෙවෙයි ඉතින් හවස 6න් පස්සේ ධනුෂ්කෝඩිවල කිසිම කෙනෙක්ට රැදිලා ඉන්න තහනම්.
සටහන - සුහංසි වීරසිංහ
Leave a comment