දෙසැම්බරයේදී පෘතුවිය ආසන්නයට එන 3I ATLAS පිටසක්වල වස්තුවක්?

 

දෙසැම්බර් 19වන දා පෘතුවිය ආසන්නයට පැමිණෙන 3I / ATLAS යනු කුමක්ද යන්න මේ වන විට කතාබහට ලක්වී ඇත.

මෙය ස්වාභාවික ධූමකේතුවක් බවට බොහෝ පරේක්ශකයින් පැවසුවත් මෙය කුමක්ද යන්න ගැන නාසා ආයතය තවමත් නිර්වචනයක් ලබා දී නැත.

මෙහි ඇති අමුතුම ලක්ෂණ නිසා මෙය පිටසක්වළින් එවන එකක්ද යන්නටත් සමහරු තර්ක කරමින් සිටිති. සාමාන්‍ය ධූමකේතුවක් සූර්‍යයාගේ ශක්තියට නතු වන බැවින් මෙම වස්තුව එලෙස සූර්ය ශක්තියට නැති නොවන්නක් නිසා මෙයට පිටසක්වල සම්බන්දයක් ඇත්දැයි මෙලෙස තර්කනයට ලක් වී තිබේ.

සූර්යයාගේ ගුරුත්වයට අසු නොවන මෙම වස්තුව හෝ ධූමකේතුව ගුරුත්වයට නතු නොවේ. මෙවන් තත්ත්වයක් හමුවේ  පිටතින් පැමිණෙන වස්තුවක් සූර්යයාගේ ගුරුත්වයට අභියෝග කරමින් වෙනත් පතයක ගමන් කරීම පිළිබද විශ්වය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින විද්‍යාඥයන් විසින් විවිධ මත පළ කර ඇත. 

සෞරග්‍රහ මණ්ඩලයේ දැනට පවතින සමහර නීති බිඳ දමන මෙකී අමුතු වස්තුව සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පැමිණි අන්තර් තාරකා වස්තුවක් ලෙසටත් හදුන්වයි. 

මීට කලින් මෙවැනි වස්තු දෙකක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුලත් වී ඇත. ඒ නිසාම මෙය  3I / ATLAS නම් වේ. 2025 ජූලි පළවෙනිදා පළමු ඇට්ලස් එක ඇතුලු වී ඇත. ඇට්ලස් නම් යන්ත්‍රනයට සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ඇතුලු වන මොනයම් දෙයක් වෙතොත් එය හසු වේ. එයට සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල් වෙන ඕනෑම වස්තුවක් හඳුනා ගැනිමේ හැකියාව ඇත. 

තත්පරේට කිලෝමීටර් හැටක වේගයෙන් ගමන් කරන මෙම ත්‍රිඅයි ඇට්ලස් අතිශය වේගවත් වස්තුවකි. හාවඩ් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥයින් පවා පවසන්නේ මීට කලින් සොයාගත් ත්‍රී අයි ඇට්ලස්වලට වඩා මෙම තාරකා වස්තුව වෙනස් සහ විශාල බවයි.

මෙහි ඇති ආසාමාන්‍යතා නිසා ලොව තාරකා විද්‍යාඥෙන් පුදුමට පත්වෙමින් සිටිති. කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් තිබීම නිසා මෙලෙස මෙය අනෙක් වස්තූන්ගෙන් වෙනස් වේ.

කෙසේ වෙතත් අපි මේ ගැන කළ විමසුමේදී තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා පැවසුවේ මේ පිළිබඳව තවම ස්ථිර  විමසුමක් හෝ නිගමනයක් නොමැති බැවින් මේ සම්බන්ධයෙන් විස්තරයක් කිව නොහැකි බවයි.

අශන්ති වරුණසූරිය

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment