අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

රජය විසින් අසාධාරණ ලෙස ඉහළ දැමූ ඉන්ධන මිල වහා අඩු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ඔහු අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 70ක් පමණ වූ අවස්ථාවේදී මිලදී ගත් පැරණි තෙල් සංචිතවලට පවා නව මිල සූත්‍රය යටතේ ඉහළ මිලක් අය කිරීම ජනතාවට සිදුවන බරපතල අසාධාරණයක් බවයි.

මැදපෙරදිග උද්ගත වූ හදිසි යුදමය තත්ත්වය උපයෝගී කරගෙන රජය ඉන්ධන මිල සූත්‍රය වෙනස් කර පාරිභෝගිකයන්ගෙන් අධික මිලක් අය කිරීම අන්ත දූෂිත ක්‍රියාවක් බවත් ඔහු පැවසීය.

තවද තෙල් මිල ඉහළ යන බව පදනම් කරගෙන ඉන්ධන මිල වැඩි කළද, මේ වනවිට ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල නැවත පහළ යමින් පවතින බැවින් එම වැඩිවීම සාධාරණීකරණය කළ නොහැකි බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

මෙම තීරණය හේතුවෙන් ජනතාව මත බදු බර වැඩිවීමක් සිදුව ඇති අතර, ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට සහ කුඩා නිෂ්පාදකයන්ටද දැඩි ආර්ථික පීඩනයක් එල්ල වන බවද ඔහු සඳහන් කළේය.

එබැවින් අසාධාරණ ඉන්ධන මිල වැඩි කිරීම වහා හකුලාගෙන, සාධාරණ හා ජනතාවට සහන සැලසෙන ක්‍රමවේදයක් යටතේ ඉන්ධන මිල තීරණය කිරීමට රජය කටයුතු කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන මිළ ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට – ත්‍රිරෝද, පාසල් වෑන් සහ පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට සූදානම් Read Previous

ඉන්ධන මිළ ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට – ත්‍රිරෝද, පාසල් වෑන් සහ පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට සූදානම්

අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස Read Next

අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

Realted Post

Leave a comment