කතරගම පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත්

2025 ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ගේ සහභාගීත්වයෙන් 2025 සැප්තැම්බර් 29 වන දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී විශේෂ ආගමික උත්සවයක් පවත්වන ලදී.

මෙහිදී, යුද්ධ හමුදා ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් එම යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සඳහා පෙරහැරක් මගින්  කතරගම කිරිවෙහෙර සහ දේවාල පරිශ්‍රය  වෙත පැමිණෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ. 

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව Read Previous

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා... Read Next

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා...

Realted Post

Leave a comment