කීර්ති පැස්කුවල් ඔස්කා නව සභාපති ධූරයට පත්වේ.

2002 වසරේ අප්‍රියෙල් මස 10 වන දින ආරම්භ කරන ලද මෙම සංවිධානයේ ආරම්භක සභාපතිවරයා ලෙස වසර විසි එකක් පුරාවට කටයුතු මෙහෙයවන ලද්දේ  එහි නිර්මාතෘ ජයන්ත ධර්මදාස මහතා  විසිනි .සංගීත ක්ෂේත්‍රයේ  නියැලී සිටින ගායක ගායිකාවන් , වාද්‍ය ශිල්පීන් සහ සංගීත කන්ඩායම් වලින් ගීත නිර්මාණක කේන්ද්‍රය සමන්විත වෙයි. මෙම සංවිධානය අංක GA 173 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියා පදිංචිව ඇති අතර , 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනතේ ප්‍රතිපාදන අනුව , සංගීත ක්ෂේත්‍රයේ සාමුහික සංගමයක් ලෙස ( Collective Management Organization -CMO) ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල කාර්යාලයේ ද ලියා පදිංචිව ඇත . ඒ අනුව 2023/2024 ප්‍රවර්තන වර්ෂය තුල අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස   , කීර්ති පැස්කුවල් (සභාපති ), සන්තුෂ් වීරමන් ( උප සභාපති ) රූකාන්ත ගුණතිලක , නිරෝශා විරාජිනී , ප්‍රදීපා ධර්මදාස , සොහාන් වීරසිංහ , රෝහණ බෝගොඩ , කසුන් කල්හාර , දයාන් විතාරණ   සහ අනුරාධා නන්දසිරි යන කලාකරුවන් තේරි පත්ව ඇත .

   සියළුම විද්‍යුත් නාළිකාවන් තුල ප්‍රචාරය වන ගීත සඳහා කතෘ භාග මුදල් ලබාගෙන අදාල ශිල්පීන් වෙත ගෙවීම මෙම සංගමයේ මූලික කාර්‍යභාරය වේ. ඒ අනුව මේතාක් දුරට කරගෙන ආ එම වැඩ පිළිවෙල වඩාත් ක්‍රමවත්ව හා සක්‍රීය ලෙසින් ඉදිරියට පවත්වාගෙන යමින් , මේ දක්වා ලබා ගැනීමට නොහැකි වූ කතෘ භාග මුදල් ලබා ගැනීම සඳහා වේගවත් වැඩ පිළිවෙලක් සැකසීම , ශිල්පීන්ගේ ගීත ඇතුලත්   දත්ත ගබඩාවක් සකස් කිරීම , ගායන ක්ෂේත්‍රයට සම්භන්ධ සියළුම ගායක ගායිකාවන් සඳහා මෙහි සාමාජිකත්වය නොමිලේ  ලබාදීම ඇතුළුව සියළුම සාමාජික සාමාජිකාවන් සඳහා වඩාත් ආකර්ශණීය මෙන්ම අර්ථාන්විත වැඩ පිළිවෙළක් සැකසීම නව සභාපතිවරයාගේ අරමුණ වේ.

 - ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Beverly Hills Polo Club, Miss Grand Sri Lanka 2026 Read Previous

Beverly Hills Polo Club, Miss Grand Sri Lanka 2026

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ Read Next

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ

Realted Post

Leave a comment