කුරුණෑගල ඓතිහාසික විල්බාව පත්තිනි මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා

කුරුණෑගල ඓතිහාසික  විල්බාව පත්තිනි මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාලහාමිලාගේ  ප්‍රදීප් බණ්ඩාර දෙහිගම මහතා ඊයේ(22)දා තේරි පත් විය.

අදාළ නිලවරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

විල්බාව පත්තිනි දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස පත්වු ප්‍රදීප් දෙහිගමවෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන අතර  දක්ෂ ව්‍යවසායකයෙක් වන අතර සමාජ සේවයේ නිරත වෙමින් කටයුතු කරන අතර මාතලේ දඹුල්ල පන්නම්පිටිය විදුහලේ  මෙන්ම  මාතලේ ශාන්ත තෝමස් විදුහලේ  කිර්තිමත් ආදි සිසුවෙකි.

 බෞද්ධ සංවිධාන  ඇතුළු විවිධ සංවිධාන වල සාමාජිකත්වය හා නිල දරමින් සමාජ සේවාවන් රැසක් සිදුකරනු ලබයි.

දෙහිගම පරපුරෙන් තිදෙනකු උතුම් දළදා වහන්සේලේ භාරකාරත්වය හෙවත් දියවඩන නිලමේ ධුරය දරා තිබෙන අතර  වර්ෂ 1825 - 1821 දක්වා සිටි දියවඩන නිලමේ දෙහිගම ලොකු බණ්ඩා , 1828 -1835 දක්වා දියවඩන නිලමේ ධුරය දැරු කුඩා දෙහිගම හා 1848 සිට 1862 දක්වා දියවඩන නිලමේ ධුරය දැරු ලොකු බණ්ඩාර දෙහිගම අභිනව බස්නායක නිලමේ ප්‍රදීප් බණ්ඩාර දෙහිගම මහතාගේ  පරපුර වන අතර  මෙහි අවසන් වරට දෙහිගම පරපුරෙන් දියවඩන නිලමේධුරය දැරු ලොකු බණ්ඩාර දෙහිගම නිලමේවරයාගේ නම දළදා ඉතිහාසයේ වෙනම ලියවෙන්නක් වන අතර ඉංග්‍රීසි න් විසින් 1848 දි දියවඩන නිලමේධුරය දුරු දූල්ලෑව අධිකාරම නිලයෙන් පහකළ පසු ඉංග්‍රීසින්ගේ කමිටුවෙන් දියවඩන නිලමේ ධුරයට පත්කළේ ලොකු බණ්ඩාර දෙහිගමය. 

වික්ටෝරියා මහ රැජිනගේ නියෝගය පරිදි දළදා වහන්සෙයළික් මහනාහිමිවරුන්ට හා දියවඩන නිලමේට නිල වශයෙන් ලිඛිතව භාරදුන්නෙ 1853දිය.එහිදි එම ලේඛනයට අත්සන් තබා දළදා වහන්සේයළිත් අප වෙත බාරගත්තේ ලොකු බණ්ඩාර දෙහිගම දිවනඩන නිලමේ වරයාය.

මෙම දියවඩන නිලමේ හා භට ඉහත සිටි දෙහිගම දියවඩන නිලමේවරුන් ප්‍රදීප් බණ්ඩාර දෙහිගම නව බස්නායක නිලමේවරයාගේ මී මුත්තණුවෝ වෙති.

මෙවර නිලවරණයේ දී බස්නායක නිළමේ ධූරය සඳහා තිදෙනෙකු ඉදිරිපත් වු අතර තවකාලික භාරකාර ලෙස කටයුතු කළ  නියංගොඩ, පොතුහැර පදිංචි අරවින්ද දොඹගහවත්ත සහ මාතලේ පදිංචි ප්‍රදීප් දෙහිගම යන මහත්වරුන් ඉදිරිපත් වු අතර වැඩිම ඡන්ද ලබාගෙන දෙහිගම මහතා  බස්නායක නිලමේ තනතුරුට පත් විය.

ඡායාරුපය.
නව බස්නායක නිලමේ ප්‍රදිප් බණ්ඩාර දෙහිගම

ඇමති සරෝජා සහ NCPA අතර හමුවක් Read Previous

ඇමති සරෝජා සහ NCPA අතර හමුවක්

තරුණකම රැකගෙන වයසට නොයා ඉන්න උදව් වන රහස් ආහාර 6ක් Read Next

තරුණකම රැකගෙන වයසට නොයා ඉන්න උදව් වන රහස් ආහාර 6ක්

Realted Post

Leave a comment