දෑතේ විස්කම් 2026

ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මාණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ දේශීය නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන සඳහා පුළුල් වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන Wisdom of Hands – 2026 ජාත්‍යන්තර අත්කම් නිර්මාණ හා වෙළෙඳ ප්‍රදර්ශනය මේ මස 22, 23 සහ 24 යන දිනවල කොළඹ මහජන පුස්තකාල ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

“Ceylon Craft Communities SL” සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ පාරම්පරික අත්කම් නිර්මාණ හා ශිල්පීය කර්මාන්ත ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක කොටසකි.

දේශීය අත්කම් නිර්මාණකරුවන්ට, ශිල්පීන්ට සහ කලාකරුවන්ට තම නිර්මාණ හා නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමටත්, ඒවා සඳහා නව වෙළෙඳ අවස්ථා උදාකර ගැනීමටත් මෙම ප්‍රදර්ශනය මඟින් අවස්ථාව සැලසෙන බව සංවිධායකයෝ පවසති.

එමෙන්ම, ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදීම, දේශීය ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය ඇගයීම සහ ඔවුන්ගේ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීම ද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.

අත්කම් නිර්මාණ ක්ෂේත්‍රයේ නියැළී සිටින ශිල්පීන්ගේ වෘත්තීය සංවර්ධනයට සහ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වැඩි පිළිගැනීමක් ලබා ගැනීමට ද මෙම ප්‍රදර්ශනය වැදගත් වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දේශීය අත්කම් නිර්මාණවල වටිනාකම ඉස්මතු කරමින් ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී කර්මාන්තය නව මංපෙත් කරා යොමු කිරීම මෙම ප්‍රදර්ශනයේ අපේක්ෂාවයි.

දෑතේ විස්කම් 2026 Read Previous

දෑතේ විස්කම් 2026

දෑතේ විස්කම් 2026 Read Next

දෑතේ විස්කම් 2026

Realted Post

Leave a comment