දිට්වා යන්න ගියාම සෙම්බුවත්තේ ලස්සන

දිට්වා සුළි කුණාටුවෙන් පසු මාතලේ සුන්දර සංචාරක ගමනාන්තයක් වන සෙම්බුවත්ත සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සඳහා මේ වන වන විට විවෘතව පවතින බව ඇල්කඩුව වැවිලි සමාගම පවසයි. 

පවුලේ සාමාජිකයින්, මිතුරන් හෝ ආදරණීයයන් සමඟ නැවතත් ස්වභාවික පරිසරයට සමීපව විවේකය ගත කිරිමට සෙම්බුවත්ත සංචාරක කලාපය වෙත පැමිණෙන සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

සෙම්බුවත්ත සංචාරක කලාපය නැරඹීමට පැමිණෙන  අය සදහා ,තේ වතුයායක මැද පිහිටා ඇති  සුන්දර බංගලාව තුළ සුවපහසු, සන්සුන් හා මතකයන් රැගෙන යන නවාතැන් අත්දැකීමක් ලබාගත හැක.

සුවදෙන වටපිටාව ,නිදහස්  පරිසරය, ස්වභාව සෞන්දර්යයෙන් වටවුණු විවේකය, සෙම්බුවත්තට පහසු ප්‍රවේශය

දෛනික කාර්යබහුල ජීවිතයෙන් විවේකයක් ලබා ස්වභාව සෞන්දර්යයට සමීපව සුවදෙන නවාතැන් අත්දැකීමක් සදහා  පොලෝ බංගලාවේ නවාතැන් පහසුකම් ද  තිබේ 

සංචාරය සඳහා පැමිණීමේදී  කාර් රථ, වැන් රථ, ජිප්‍ රථ හෝ කුඩා බස්රථ වලින් පැමිණෙන්නේ නම් මාතලේ කන්දෙනුවර මාර්ගයෙන් පැමිණෙන  ඉල්ලා සිටින බවද ඇල්කඩුව වැවිලි  සමාගම පවසයි.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් Read Previous

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Next

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

Realted Post

Leave a comment