මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක්

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් මැයි 30, 31 හා ජුනි 01 හා 02 යන දිනවල  වෙසක් කලාපයක්  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව  මාතලේ දිස්ත්‍රික් ලේකම්  ප්‍රසන්න මදනායක මහතා පැවසීය. 
 
ඒ අනුව මාතලේ මුත්තුමාරි අම්මාන් දෙවස්ථානය අසල සිට මාතලේ මහරෝහල දක්වාත්, කූඹියන්ගොඩ  විහාරස්ථානය දක්වාත් මාර්ගය දෙපස  වෙසක් කූඩුවලින් සැරසීමට නියමිතයි. ධර්මපාල මාවත හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය ආශ්‍රිතව විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු විවිධ  ආයතනවලින්  නිර්මාණය  කරන ලද විශාල ප්‍රමාණයේ  වෙසක් කූඩු 17ක්  ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මැයි 30 දින හා 31 දින  දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී භක්ති ගීත  ගායනයක්ද පැවැත්වීමට නියමිතය. 
 
මාතලේ අඹගහමුල බස් නැවතුම  පරිශ්‍රයේ හා  කූඹියන්ගොඩ විහාරස්ථාන පරිශ්‍රයේ  අලංකාර තොරණ   ප්‍රදර්ශනය කෙරේ.  මෙම කාලය තුල බත් ඇතුළු විවිධ ආහාර  දන්සැල්  29ක් ක්‍රියාත්මක කෙරේ.  විවිධ  ජන ප්‍රජාවන් නියෝජනය කරන  සංහිදියාවේ නගරයේ වෙසක් සමයේ   විවිධ ආගමික ස්ථානවල මැදිහත්වීමෙන් දන්සල් ලබාදීමට ද  පියවර ගෙන තිබේ. 
 
මෙම දින හතරක් පුරා පැවැත්වෙන  වෙසක් කලාපයක සදහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගි වනු  ඇති බවත් ඔහුන්ට අවශ්‍ය පහසුකම්  සැපැයීමට   අදාල අංශ සමග කටයුතු කරන බවත්  දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.
 
මාතලේ මහේෂ් කිර්තිරත්න 

මත් ද්‍රව්‍ය අරන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණි  322ක් පොලීසියට කොටුවෙයි Read Previous

මත් ද්‍රව්‍ය අරන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 322ක් පොලීසියට කොටුවෙයි

මත් ද්‍රව්‍ය අරන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණි  322ක් පොලීසියට කොටුවෙයි Read Next

මත් ද්‍රව්‍ය අරන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 322ක් පොලීසියට කොටුවෙයි

Realted Post

Leave a comment