මත් ද්‍රව්‍ය අරන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 322ක් පොලීසියට කොටුවෙයි

හෙරොයින් අයිෂ් කුෂ් ,හෑෂ්  වැනි රටේම මත් ද්‍රව්‍ය අරන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණි  322ක් පොලීසියට කොටුවෙයි


ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග,ශ්‍රීපාදස්ථානය වන්දන මාන කිරීමට විවිධ පලාත් වලින් පැමිණි පුද්ගලයන්   322  ක් ,හදීසි  පරීක්ෂාවට ලක් කල අවස්ථාවේ ඔවුන් සතුව ,හෙරොයින් ,අයිෂ් ,හෑෂ් ,කුෂ් , මාවා ,ගංජා    මදන මොදක ගුලි  සහ  මත් පෙති තිබී  අත් අඩංගුවට ගත් බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර වරද කරුවන් වීම නිසා ඔවුන්ගෙන් රුපියල් විසි ලක්ෂ හැටපන්  දහසක  දඩ මුදල් අයකරගත් බවත්  පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

හැටන් පොලිස් කොට්ඨාශයේ හැටන් ,පොල්පිටිය , ගිණිගත්හේන  ,නල්ලතන්නිය යන ස්ථාන වලදී පොලිස් කණ්ඩායම් යොදවා කල වැටලීම්  වලදී සහ සෝදිසි වලදී  මත්ද්‍රව්‍ය රැගෙන  ශ්‍රීපාද වනිදනාවේ පැමිණි මෙම  මත් ද්‍රව්‍ය  ඇබ්බැහි  වූවන් අත් අඩංගුව⁣ට  ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය  පවසයි.


ජේ  ඒ  එල්  ජයසිංහ

මනසින් සවිමත් – දරුවන් පොහොසත් Read Previous

මනසින් සවිමත් – දරුවන් පොහොසත්

දරුවාගේ බුද්ධි වර්ධනයට මවගේ ආහාරයෙන් ලැබෙන ශක්තිය Read Next

දරුවාගේ බුද්ධි වර්ධනයට මවගේ ආහාරයෙන් ලැබෙන ශක්තිය

Realted Post

Leave a comment