මෙයාලා තමයි 2000 දශකයේ ලෝකෙම ලස්සන

2000 දශකයේ විලාසිතා යළිත් ලොව පුරා ජනප්‍රිය වෙමින් තිබෙනවා. පහළ ඉණ සහිත ඩෙනිම් කලිසම්, දිලිසෙන බූට්ස් සහ වෙනස්ම හැඩයේ කොණ්ඩා විලාසිතාවල සිට එදා ජනප්‍රිය වූ බොහෝ විලාසිතා අද නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

විශේෂයෙන්ම හොලිවුඩයේ මේ පැරණි විලාසිතා රැල්ලට අලුත් ජීවයක් ලැබී තිබීමත් සමඟ, 2000 දශකයේ ලොව වඩාත් ආකර්ෂණීය කාන්තාවන් පිළිබඳව නැවතත් අවධානය යොමු වී තිබෙනවා.

ජෙසිකා ඇල්බා, මේගන් ෆොක්ස් සහ ජෙනිෆර් ඇනිස්ටන් වැනි සුප්‍රසිද්ධ නිළියන් එදා සඟරා කවර, දැන්වීම් පෝස්ටර් සහ රතු පලස් උත්සවවල නිතරම දක්නට ලැබුණු තරු බවට පත්ව සිටියා. ඔවුන්ගේ රූමත් බව, විලාසිතා සහ ආකර්ෂණීය පෙනුම එකල ලොව පුරා රසිකයන්ගේ අවධානය දිනාගත් අතර, අදටත් ඔවුන් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වී සිටිනවා.

එදා තරුණ පරපුරේ විලාසිතා ලෝකය හැඩගැස්වූ මේ සුන්දර තාරකාවන් අතරින් අදටත් මතකයේ රැඳී සිටින කාන්තාවන් 30 දෙනකුගේ රූපලාවණ්‍ය ගමන දෙස නැවත හැරී බැලීමට මෙය කදිම අවස්ථාවක්.

අශන්ති වරුණසූරිය 

දිගු කලක් නිරෝගීව ජීවත් වෙන්න ආහාර පුරුදු තුනක් Read Previous

දිගු කලක් නිරෝගීව ජීවත් වෙන්න ආහාර පුරුදු තුනක්

අල්ලක් ඇතුළේ හංගන්න පුළුවන් හාවෙක් Read Next

අල්ලක් ඇතුළේ හංගන්න පුළුවන් හාවෙක්

Realted Post

Leave a comment