’’මාරියා ’’ නොවැම්බර් 21 තිරය කැළඹීමට සූදානම්

මෙරට  සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ සයුරේදී සම්පූර්ණ රූපගත කිරීම්  නිමකළ   සිනමා නිර්මාණය ලෙස ,  සිනමා වංශ කතාවට එක්වන , ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි  නාට්‍ය අධ්‍යක්ෂ   අරුණ  ජයවර්ධන විසින් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ ,     "මාරියා"  චිත්‍රපටය  එළැඹෙන නොවැම්බර් 21 වන දින සිට තිරගත වීමට නියමිතව ඇත . අන්තර්ජාතික සිනමා සම්මාන  උළෙලයන් රැසක් නියෝජනය කරමින් ඇගයීමට හා සම්මානයට පාත්‍ර වූ " මාරියා" ,  සම්මානනීය විශිෂ්ඨ රංගන ශිල්පීන් වූ  මහේන්ද්‍ර පෙරේරා ,හේමාල් රණසිංහ ,  අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ්,  ප්‍රියන්ත සිරි කුමාර , දසුන් පතිරණ සහ සුරන් දසනායක  ගේ  රංගනයෙන්  ඔපවත් වී ඇත . මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ     කිසිදු රංගන ශිල්පිනියක් මේ සඳහා දායකව නොමැතිවීමයි.

  ධීවර කර්මාන්තයේ නියැළෙන , ධීවරයන් පිරිසක් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් , බහුදින ධීවර යාත්‍රාවක් තුළ ,පුරා මසකට අධික කාලයක් ඉමක් නොපෙනෙන  මහ සයුරේ  සියළු රූපගත කිරීම් සිදු කළ " මාරියා"  චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන්  චන්න දේශප්‍රිය ,  දිය යට දර්ශන රූපගත කිරීමෙන් මැක්ලේන් ඇඩම්ස් , සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා , සහය අධ්‍යක්ෂණයෙන්  දමින්ද මඩවල , වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි , සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි , ගීතනු නිර්මාණයෙන් මංගල ගලප්පත්ති , ගීත ගායනයෙන් බිමල් ජයකොඩි , මහේන්ද්‍ර පෙරේරා , හේමාල්  රණසිංහ, අසාන් ඩයස්, දර්ශන්  ධර්මරාජ්,   ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ සහ සුරන් දස නායක ද ,  ගීත රචනයෙන් අරුණ ජයවර්ධන සමගින් අංජලී බුදවත්ත ජයවර්ධන , කලා අධ්‍යක්ෂණයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන්  සුනිල් ප්‍රේමරත්න , අංග රචනයෙන්  ප්‍රියංක තිලක් රත්නායක , නිෂ්පාදන කළමනාකරණයෙන් ගිහාන් පෙරේරා එක්ව ඇති " මාරියා" ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වෙයි.

ඇන්ටන් . ජේ . ප්‍රනාන්දු

රාවණ නැවත නැගිටීමක් කරළියට එන්නේ ඇයි ? Read Previous

රාවණ නැවත නැගිටීමක් කරළියට එන්නේ ඇයි ?

බෞද්ධයන්ට වැදගත් ඉල් පුණු පොහොදා Read Next

බෞද්ධයන්ට වැදගත් ඉල් පුණු පොහොදා

Realted Post

Leave a comment