සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සාෆියා - ලංකාව රනින් සරසයි

මේ තවත් එක සුන්දර කතාවක ඇරඹුමක්. 

ඇය නමින් මොහොමඩ් සෆියා යාමික්. ඇය ගැන සිරිකත මේ විදියට කතා කරන්න හිතුවේ ඇයගේ තිබෙන විශේෂත්වය නිසාමයි. ඇයට පැමිණි අභියෝගයන්ට අභියෝග කරමින් ලංකා මාතාවගේ නාමය ඉහළින් තබන්නට ඇයට හැකියාව ලැබුණා. 

ඇය පාසැල් යන්නෙ " මහනුවර විහාර මහාදේවි බාලිකාවට". ඒක සිංහල බෞද්ධ පාසලක්.  ඇයගේ නම වගේම තවත් විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි ; ඇය සිංහලෙන් ඉගෙන ගන්නවා. 

 මළල ක්‍රීඩා කරන්න පටගන්නවා. ඒවට ගැලපෙන ඇදුම් අදිනවා. ඒවා එයාගෙ ආගමට, සම්ප්‍රදායට විරුද්ධ යි. අන්න එතනදි තමයි හොඳම කතාව පටන් ගන්නේ.   ඊට පස්සේ එයාගෙ පල්ලිය මේවට විරුද්ධ වෙනවා. ගෙදරටම ඇවිත් ඒව නවත්තන්න කියනවා. ඒත් එයාගෙ දෙමාපියන් සෆියා සමග හිටගන්නවා.  නමුත් සෆියාගේ ගමනට දෙමාපියන් බාධා කරන්නේ නැහැ. දෙමාපියන්ගේ ආශිර්වාදය එක්ක ඇය මලල ක්‍රීඩා කරනවා.  අද සෆියා දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව.  ඇය අනවශ්‍ය සම්ප්‍රදායන් තමන්ගේ ගමනට බාධාවක් කරගෙන නැහැ.

ඇය ශ්‍රී ලාoකික දැරියක්. ඒකයි විශේෂත්වය. මේ රටට අවශ්‍ය එහෙම ළමයි.  ඒ වගේම ඒ ආකාරයේ දෙමාපියන්. 

සිරිකත අපි ඔබට සුබ පතනවා 

 

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක් Read Previous

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය Read Next

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය

Realted Post

Leave a comment