අනුරාධපුර සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි
15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියම කර තිබුණා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පසුගිය මැයි අටවනදා දහවල් පෞද්ගලික රෝහලක් වෙත ගොස් සැකකාර හිමිනම නිරීක්ෂණයට ලක් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එහිදී සැකකාර හිමි නම මැයි 12 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් එවනවිට ප්‍රතිකාර ලබමින් සිටින පෞද්ගලික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙසටද තවදුරටත් නියෝග කෙරුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ මැයි 08 වැනිදා රාත්‍රියේදී කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබු බවයි.
අනතුරුව බාලවයස්කාර දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ මුදලට චේතනාන්විතව ම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න පසුගිය 22 වැනිදා නියෝග කළා.
ඒ අනුව සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් ද නියම කළේ ය. සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදේශගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද සැකකාර හිමියන්ට තරයේ අවවාද කෙරිණි.
විත්තියේ නීතිඥයාගේ කරුණු දැක්වීම
නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන කටයුතු අවසන්ව ඇති බව ය. ඒ අනුව, විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බව ද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේ ය.
පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන්ව ඇති බවත්, විමර්ශනවල උදෘත නීතිපතිවරයාට යවා ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර ඇති පසුබිමක තම සේවාදායක හිමිනමට ඇප ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බව ය.
නිතීය හා සාමය අමත්‍යංශයේ ලේකම්වරයා මෙම විමර්ශනවලට බලපෑම් කරන බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා, තම සේවාදායක හිමිනම මේ දක්වා සියලු විමර්ශනවලට සහය දක්වා ඇති අතර, කිසිදු බලපෑමක් සිදු කොට නොමැති බව ද අවධාරණය කළේ ය. සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් දීර්ඝ වේලාවක් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥවරයා ඉන් අනතුරුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ඕනෑ ම ඇප කොන්දේසියක් මත තම සේවාදායක හිමිනම මුදාහරින ලෙස ය. බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට කළ බවට තම සේවාදායක හිමිනමට එරෙහිව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ ය.
ශාසන ශෝධන වැඩපිළිවෙළ අවශ්‍යතාව අවධාරණය කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහනාහිමිවරුන් වෙත සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
එම සිදුවීම අද (28) ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ මෙසේය.
උපුටා ගැනීම
"බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවතිය රඳා පවතින්නේ ධර්ම විනය දෙක මත බව අපි දනිමු. ඒ නිසාම ශාසන ඉතිහාසය පුරා ශාසනයේ අර්බුද පැන නැගුණු අවස්ථාවේද කලින් කළ ශාසන චෝදන ක්‍රියාවලින් හරහා බුදු දහමේ සුරක්‍ෂිතතාව තහවුරු කරගෙන මෙතෙක් කලක් රැගෙන ආවේය. පළමු ධර්ම සංගායනාවේ සිට මහනුවර යුගයේ වැළිවිට අසරණ සරණ සරණංකර සඟරාජ නාහිමියන් දක්වා වූ යුගය තුළ සිදුකළ ශාසන චෝදන වැඩපිළිවෙල නිසා බුදු දහමේ චිරස්ථිතිය තහවුරු බව පැහැදිලිය. යටත් විජිත යුගයෙන් පසුව 1956 බණ්ඩාරනායක පාලන කාලයේ බුදුදහමේ යහ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවද එතුමාගේ ඝාතනයෙන් පසු එම වැඩ පිළිවෙළද සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත."
වැඩිදුර කරුණු දැක්වූ වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක තවදුරටත් පවසා සිටින්නේ එම වැඩපිළිවෙල සඳහා අවශ්‍ය සංවිධානය සහ පහසුකම් සැපයීමට ජ්‍යෙෂ්ඨ ගිහින් බෞද්ධ නායකයන් කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.
එමෙන්ම ධර්මධර විනයදර ස්වාමීන් වහන්සේලාගේ සහය දෙනවා නම් ධර්මයේ වේශයෙන් ධර්මය විකෘති කරන බලවේගවලට අතීත රජ දවස ගත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ වෙසක් උත්සවය අමතමින් මාතර දී කියා සිටියා.
වැඩිදුරු කරුණු දැක්වූ ජනපතිවරයා සඳහන් කරන්නේ සඟරුවනේ ආශිර්වාදය ලැබේනම් රජ කාලයේ ක්‍රියාමාර්ග ගනත් තමන් සූදානම් බවයි.
සටහන - කසුනි විජේසිංහ

Leave a comment