කාලය හරහා ගමන් කළ හැකි කුහර සොයාගෙන

අපේ Time Travel කතා මාලාවේ තවක් එක් කතාවකි මේ. වැනිම තවත් එක් නව සොයා ගැනීමකි.  විශ්වයක ස්ථාන දෙකක් එකට සම්බන්ධ කරන අතුරු මාර්ගය ගැන නොයෙකුත් කතා අප අසා ඇත්තෙමු. 

එලෙස විශ්වයෙන් තවත් විශ්වයකට ගිය අයුරු දැක්වෙන සිදුවීම් අලලා ගොඩ නැගුණ ප්‍රබන්ධ කතා, ටීවී සිරිස් වගේම චිත්‍රපටවලින්ද ඇත. අවකාශය හා කාලය සම්බන්ධ කරන එවන් කුහර පණු කුහර ලෙස හදුන්වයි. මේක තවමත් එක් න්‍යායාත්මක අදහසක් වුවත්, මෙය විද්‍යාඥයින්ට අපගේ විශ්වය ගැන නව අවබෝධයක් ලබා දෙන තවත් ප්‍රවේශයකි.

මේ සම්බන්ධයෙන් Juan Maldacena & Alexey Milekhin, සිදු කර ඇති පරෙක්ෂණ නිබන්ධනයක් වන"Humanly traversable wormholes", Phys. Rev. D 103, 066007 (2021)ක පැවසෙන්නේ මෙය සත්‍යක් බවයි. ඒ අනුව පරේක්ෂණ නිබන්ධනයට අනුව විද්‍යාඥයින්ගේ අදහස වන්නේ මෙවැනි පණු කුහර හරහා ගමන් කළ හැකි බවයි. ඒත් එවැනි පණු කුහරයක් හරහා ගමන් කිරීමට පෙර ඉතාමත් සුපරීක්ෂාකාරී විය යුතු බවද පරේක්ෂකයින් පවසයි. 

විද්‍යාඥ ජුවාන් මැල්ඩසේනා සහ ඇලෙක්සි මිලේකින් පවසන්නේ අවකාශයට අමතර මානයක් එකතු කළහොත් මෙලෙස පණු කුහරයක් විවෘතව තබාගත හැකි බවයි. මෙය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර මේ ගැන ගවේෂණ පරෙක්ෂණ කරන්නන්ට මෙම වචන හුරු පුරුදු වුවත් සමහරෙක්ට මෙය නුහුරු අත්දැකීමක් ගෙන දෙන්නක් වනු ඇත. 

කෙසේවෙතත් මෙම විද්‍යාඥන් දෙදෙනාගේ ගණනයන්ට අනුව ක්වොන්ටම් ශක්තිය (Quantum Energy) භාවිතා කිරීමෙන් විනාශ නොවෙන අවකාශයෙන් පණු කුහරයක් නිර්මාණය කළ හැකිය. 

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේදී පවා කියවෙන මෙම පණු කුහර බොහෝ විට විනාඩියක කාලයකදී පමණ කඩා වැටීම හෝ ගමන් කළ හැකි තරම් විශාල නොවන බව සදහන්වේ. 

එවැනිම මෙම පර්යේෂණය මඟින් පෙන්වන්නේ කලකට පෙර කළ නොහැකි දෙයක් යැයි සිතූ අවකාශය හරහා ගමන් කිරීම, දැන් මෙම පණු කුහර (Traversable Wormhole) හරහා සිදු කළ හැකි බවට නිගමනය කර තිබේ.

අශන්ති වරුණසූරිය

බෞද්ධයන්ට වැදගත් ඉල් පුණු පොහොදා Read Previous

බෞද්ධයන්ට වැදගත් ඉල් පුණු පොහොදා

’’මාරියා ’’ නොවැම්බර් 21 තිරය කැළඹීමට සූදානම් Read Next

’’මාරියා ’’ නොවැම්බර් 21 තිරය කැළඹීමට සූදානම්

Realted Post

Leave a comment