මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද

මහනුවර    ඓතිහාසික ඇසළ  මහා පෙරහැරේ  අවසන් රන්දෝලි පෙරහර  27 වන දින   රාත්‍රී  06  පසුවී විනාඩි 43 ට  , උතුරු දිශාභිමුඛව   පෙරහැර පිටත්ව දළදා වීදීය  ,යටිනුවර වීදීය  ,කන්දේ වීදීය  ,ඩී එස් සේනානායක වීදීය ඔස්සේ රජවීදීයෙන් ඉහලට විත් ගෙවදීමට  නියමිතය,

පසුව අගෝස්තු    27 වන දින රාත්‍රී   01  පසුවී විනාඩි  28  ට  උතුරු දිශාභිමුඛව ශ්‍රී දන්ත ධාතූ මන්දිරයේ  පෙරහැර  සමග සිව් දේවාලයන්හිී  පෙරහැරත් සමග පිටත්ව  දළදා වීදීය , ඩී එස් සේනානායක වීදීය   ඔස්සේ  ගෙඩිගේ රාජ මහා විහාරයට (ආදාහන මළුව)  ගොස් සිරිත්  ප්‍රකාර  දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්  දේවාලවන්හී  පෙරහැර ආපසු  දේවාලවලට  පැමිණ දේව පූජාව පැවැත්වීමෙන් පසුව  කටුකැලේ වීදීය දිගේ ගැටඹේ  තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්ස්වය  සිදුකොට  ආපසු ගණදෙවි  කෝවිලට  පැමිණ දේව පූජාව ඉටුකරනු  ලබයි.

දේව පූජාව සිදුකිරීමෙන් පසුව කටුකැලේ වීදීය දිගේ ගැටඹේ  මහවැළි ගංතොටට  ගොස් දියකැපීමේ මංගලෝත්ස්වය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටුකෙරෙයි. 

ජේ ඒ එල්  ජයසිංහ

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව Read Previous

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment