යක්ෂාව වේශය ළඟදීම තිරයට
මෙරට සිංහල සිනමා වංශ කතාවේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන 70 ' දශකයෙන් පසුව එහි තවත් කඩඉමක් වූ 90' දශකයේ සිනමාවේ ජනප්‍රියම පෙම්වතුන් යුවළක් ලෙස සැළකෙන සනත් - සබීතා එදා මැවූ සොඳුරු සිනමා රසාස්වාදය යළි වර්තමාන තිරයට රැගෙන එන යක්ෂාව වේශය චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතව ඇත.
මෙහි කතාව, තිර රචනය, සංස්කරණය සහ නිෂ්පාදන අධ්‍යක්ෂණය නිමල් තෙන්නකෝන් විසින් සිදුකර ඇති අතර, මෙය ඔහුගේ දෙවන වෘත්තාන්ත සිනමා නිර්මාණයයි .සනත් ගුණතිලක, සබීතා පෙරේරා, අශෝක පීරිස් ඉන්ද්‍රජිත් නාවින්න, සුනිල් ප්‍රේම කුමාර , මංගලා කරුණාරත්න, මාලනී රණසිංහ, සමන් ජයලත්, මල්ලිකා ප්‍රේමචන්ද්‍ර, සුසිලා රත්නායක, රෝහිත මාන්නගේ ,සෝමා ලියනගේ ,සමන් බොකළවල, තිස්ස උඩංගමුව, ශ්‍රීනාත් මල්දෙණිය , ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් යක්ෂාව වේශය සඳහා රංගනයෙන් දායකව ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් බන්දුල කුරේ, සංගීත අධ්‍යක්ෂණයෙන් චන්ද්‍රසේන තෙන්නකෝන් සමගින් සුදේශ් මානගොඩගේ ,අංග රචනයෙන් ඊබට් විජේසිංහ , සහය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය හා පාලිත ලක්ෂ්මන් ද සිල්වා ,ශබ්ද පරිපාලනයෙන් ලයනල් ගුණරත්න , ගී පද රචනයෙන් ලූෂන් බුලත්සිංහල සමගින් ආචාර්ය සුමේද ජයසේන එක්වී ඇති.
මෙහි , සුදේශ් මානගොඩගේ, දමයන්ති ජයසූරිය සහ උදය කුමාර තෙන්නකෝන් එක්වී ගීත ගායනා කර ඇත. නිෂ්පාදන විධායක ලෙස රංජිත් ලියනාරච්චි ද ,නිෂ්පාදන සැලසුම් හා කළමනාකරණයෙන් උදය කුමාර තෙන්නකෝන් කටයුතු කර ඇති යක්ෂාව වේශය ,ලංකාවේ උතුර-දකුණ ගිනියම් කළ 80'- 90' දශකයන් හී සිදුවුන සත්‍ය හා බිහිසුණු සාමාජීය මෙන්ම දේශපාලන සිදුවීම් රාශියක් ඇසුරින් නිර්මාණය වී ඇත. මෙය ස්ප්‍රයිට්ස් මීඩියා ප්‍රඩක්ෂන් ඉදිරිපත් කිරීමකි.

Leave a comment