මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිය සේවාදායකයින්ට විශ්වසනීය සහ වෘත්තීය කොටස් වෙළඳපළ තැරැව්කාර සේවාවන් අඛණ්ඩව ලබා දීම සඳහාත්, ව්‍යාපාරයේ ඉදිරි වර්ධනයට රුකුලක් වීම සඳහාත්, රිචඩ් පීරිස් සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම විසින් සිය නායකත්වය සවිබල ගන්වා තිබේ.

ඒ අනුව, සමාගම විසින්, කොටස් වෙළඳපල සහ ආයෝජන සේවා ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් සමුදායක් සහිත පුද්ගලයින්ව සමාගමේ ප්‍රධාන කළමනාකරණ තනතුරු සඳහා පිළිගෙන තිබේ. ඒ අනුව එම පත්වීම් ක්‍රියාත්මක වීමත් සමඟ, කොළඹ කොටස් වෙළඳපල (CSE) විසින්, රිචඩ් පීරිස් සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම සඳහා කොටස් වෙළඳපළ කටයුතු අත්හිටුවන ලෙසට නිකුත් කිරීමට සිටි නියෝගය අවලංගු කර ඇති අතර, ඒ අනුව නැවතත් සමාගමට සිය කොටස් වෙළඳපල මෙහෙයුම් ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබේ.

රිචඩ් පීරිස් සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම සඳහා මෙසේ සවිබල ගන්වන ලද නායකත්ව ව්‍යූහය, නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීම ඔස්සේ ශක්තිමත් වී තිබෙන අතර, සමාගමේ පරිපාලනය, නියාමනයන් සඳහා දක්වන අනුකූලතාවය සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු සේවාවක් සිය සේවාදායකයින් හට ලබා දීම සඳහා සමාගමේ පවතින කැපවීමට තවදුරටත් රුකුලක් ලබාදෙන පළපුරුදු වෘත්තිකයන් පිරිසක්, ප්‍රධාන කළමනාකරණ තනතුරු සඳහාද පත් කර ඇත.

කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 17,000 ක් සමඟ, ශ්‍රී ලංකාව තුළ දීර්ඝකාලීන සහ ගෞරවනීය ඉතිහාසයක් හොබවමින් ස්ථාපනය වී තිබෙන විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරිස් සමූහය (ආර්පිකෝ) මගින්, රිචඩ් පීරිස් සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම සඳහා සහාය ලබාදේ. රිචඩ් පීරිස් සමූහය විසින් ලබාදෙන එම සහාය, නව නායකත්වයක් සහ දිගුකාලීන වර්ධන අභිලාෂයන් සමඟ ඉදිරියට යමින් සිටින රිචඩ් පීරිස් සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම වෙත සවිමත් පදනමක් සපයනු ඇත.

මෙම නව වෙනස පිළිබඳව රිචඩ් පීරිස් සෙකියුරිටීස් (පුද්ගලික) සමාගමේ කළමනාකාරිත්වය විසින් මෙසේ අදහස් දක්වන ලදී. “සවිබල ගැන්වුණු කණ්ඩායමක් සමගින්, අපගේ සේවාදායකයින්ට වෘත්තීයභාවයකින් හා විශ්වසනීයත්වයකින් යුතුව අඛණ්ඩව සේවය සැපයීම සඳහා වූ පැහැදිලි කැපවීමකින් යුතුව මෙම නව පරිච්ඡේදය ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටු වන්නෙමු. පරිපාලනයේ සහ නියාමන අනුකූලතාවයේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින් සේවාදායකයින් හට විශිෂ්ට අත්දැකීමක් ලබා දීම අපගේ අවධානයේ කේන්ද්‍රය වී තිබේ. රිචඩ් පීරිස් සමූහය විසින් ලබාදෙන සහයෝගය සහ, අපගේ නව නායකත්ව කණ්ඩායමේ අත්දැකීම්ද සමඟ, අපගේ සේවාදායකයින් අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය තවදුරටත් ගොඩනැංවීමට අපි බලාපොරොත්තු වන්නෙමු.”

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue Read Next

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue

Realted Post

Leave a comment