තිහෙන් පස්සෙ සමට වෙන දේ
රුව ගැන හිතනවා නම් අවම වශයෙන් අවුරුදු 30 පසු වෙනකම් ඉන්න එපා. අවුරුදු විසිපහක් විසිහයත් වයසේදී සිට රුව ගැන සැලකිලිමත්වීම වැදගත් වෙනවා.
අවුරුදු 30න් පස්සේ දරුවන් රැකියාව නිසා ඔබ බොහෝ කාර්යබහුල වීම හේතුවෙන් නීදි මැරීම, පෝෂිදායී ආහාර නොගැනීම, ආහාර වේලවල් මගහැරී යාම, වතුර පානය අඩුවීම, නින්දේ දුර්වලකම්, මානසික පීඩන වැනි හේතූන් බොහෝ බලපානවා . ඒ නිසා අවුරුදු විසිපහක් විසිහයත් වයසේ සිට රුව ගැන සැලකිලිමත් වෙන්න පටන්ගන්න.
තිහෙන් පස්සේ රූපයේ පෙන්වන හානිකර ලක්ෂණ.
සමේ කොලොජන් නිෂ්පාදනය අවම වීම නිසා සම රැලි වැටීම, පිග්මන්ටේෂන් තත්ත්වයන් මතුවීම, සම එල්ලා වැටීම, ඒකාකාරී පැහැය ගිලිහී යාම, සමේ දීප්තිය අවම වීම, මලානික ස්වභාවයක් ගැනීම වැනි ගැටලු මතුවීමට පුළුවන්.
මෙවැනි ගැටලු මත වුවොත් ඔබ ක්ෂණික තීරණ ගන්න එපා.
මෙවැනි ගැටලු මතුවීමෙන් බොහෝ දෙනා කරන්නේ තමන්ට නොගැළපෙන නිෂ්පාදන තෝරාගැනීම සිදුකර තිබුනටත් වඩා සමෙහි සංකූලතා මතුකර ගැනීමයි. ඔබ හිටියටත් වඩා වයස පෙනුමක් ඔබට ලබාදෙයි. එම නිෂ්පාදන භාවිතා කිරීමට යාමෙන් ඔබේ නිරෝගී සෞඛ්‍යයටත් එය බලපෑමක් කර රෝගී තත්ත්වයන් වලට ගොඳුරු වීමේ අවධානමක් ඒවට පුළුවන්.
ආහාර රටාවේ වැදගත්කම.
බාහිර සත්කාර වගේම ආහාරපාන වලින් ගිලිහුණු තාරුණ්‍ය නැවත ඔබට ළඟා කර ගැනීමට බොහෝ උපකාරී වෙනවා. එතනදි සමබල ආහාර වේලක් ලබා ගැනීමට ඔබ නිතරම වග බලා ගත යුතුයි.
පේ්‍ර ,දෙළුම්, ගස් ලබු, කෙසෙල්, නෙල්ලි, දොඩම්, වෙරළු, ගොටුකොළ ,වට්ටක්කා, මුකුණු වැන්න, කැරට් ,පිපිඤ්ඤා වැනි විටමින් ඛනිජ බහුල ආහාර වේලක් දිනපතා ලබා ගැනීම වැදගත් වන අතර හොඳින් ජලය පානය කිරීමට ඔබ වග බලා ගත යුතුයි.
සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය, ආනන්දි දින මිත්‍රාරච්චි.

Leave a comment