මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට නගරයේ අවමංගල්‍ය ශාලාවක්

මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට එම සභාවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගේ එකඟත්වය මත,මෙතෙක්  කිසිදා  නොතිබූ  අංග සම්පූර්ණ අවමංගල්‍ය ශාලාවක් ,සියලු පහසුකම් සහිතව  නාගරික ජනතාවගේ  සේවාව සඳහා   විවෘත කරනු ලැබීය,

මහනුවර නගරයේ  වෙසෙන අඩු ආදායම් ලාභී නගර වැසියෙකුට තම පවුලේ සමීපතමයෙක් මියගිය අවස්ථාවක මෘත දේහය තබන්නට ඉඩ පහසුකම් නොමැති අවස්ථාවක ,මෙම අවමංගල්‍ය ශාලාව මුදල් අය නොකර  නොමිළේ ලබදෙන බව ,මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි  විජේනායක මහතා  කීය,

මහනුවර මහයියාව   පොදු සුසාන  භූමිය අසල ,මහනුවර මහ නගර සභාව සතු ගොඩනැගිල්ලක මෙම නව අවමංගල්‍ය ශාලාව ඉදිකර  පසුගියදා   ජනතා සේවයට    ලබා දෙන ලදි,සාධාරණ  සහන මුදලක් අයකරමින් මෙම  ශාලාව නාගරික ජනතාවට ලබාදෙන බව මහනුවර මහ නගර සභාව පවසයි,

නව අවමංගල්‍ය  ශාලාව විවෘතකිරීමේ  අවස්ථාවට මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේවායක,නියෝජ්‍ය පුරපති රුවන් කුමාර ගලපිටිය ,විපක්ෂ නායක  ලලන්ත පීරීස්   යන මහත්වරු සහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරු ,මන්ත්‍රීවරියන් නගර සභාවේ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

ජේ   ඒ  එල්  ජයසිංහ

බෙංගාල බොක්කේ පීඩනය වැඩි වෙයි! ඉදිරි පැය 24, වැසි සහ තද සුළං Read Previous

බෙංගාල බොක්කේ පීඩනය වැඩි වෙයි! ඉදිරි පැය 24, වැසි සහ තද සුළං

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Next

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

Realted Post

Leave a comment