මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

මහනුවර  ප්‍රදේශයට  ඊයේ සවස් වරුවේ සිට ඇතිවී තිබෙන අධික වර්ෂාතත්ත්වයත් සමග ගැටඹේ සිට යටිහලගල  හල්ඔළුව  යන  මාර්ගයන්හී  ගල් පර්වත සහ පස්කඳු කඩා වැටී  අනතුරු දායක තත්ත්වයක  පවතියි.

මෙම මාර්ගයන්හී  හල්ඔළුව සීමා මාළකය අසළ කඳු පෙදෙසේ  ඉහළින් ගල්පර්වත කොටස් කඩා වැටී  ඇති බවත්  යටිහලගල  සීවලීකන්ද අවට  නායයාම් සක්‍රීය වී ඇතිබවත්  ප්‍රදේශවාසීන් පවසති.

මෙම මාර්ගයන්හී  පවතින ගල්පෙරළීම්  පස්කඳු කඩා වැටීම් නිසා රථවාහන ගමනා ගමනයද  අනතුරු දායක  තත්ත්වයක  පවතියි.
නායයෑම් අවදානම පවතින මෙම මාර්ගයන්හී  ගමනා  ගමනය අනතුරුදායක බැවින් එම මාර්ගයේ ගමන් කිරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවට දන්වා සිටී
කඩුගන්නාව  මාර්ගයේද මාර්ගයට  ඉහළ කඳු පෙදෙසින්  මාර්ගයට  පස්  සේදී     ඇදහැලීම නිසා  අනතුරුදායක  තත්ත්වයක් පවතින බව පොලීසිය පවසයි...

  • ජේ   ඒ  එල්   ජයසිංහ

මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳද? සීනිට වඩා හොඳ තේරීමක්ද? Read Previous

මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳද? සීනිට වඩා හොඳ තේරීමක්ද?

Set එකේ tension වැඩි කළ හොලිවුඩ් තරු Read Next

Set එකේ tension වැඩි කළ හොලිවුඩ් තරු

Realted Post

Leave a comment