මහනුවර ඇසළ පෙරහැරේ තෙවන කුඹල් පෙරහැරේ විවිධ අවස්ථාවන්
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ තුන්වන කුඹල් පෙරහැර වීථී සංචාරය කිරීමට පෙර,පෙරහර මාර්ගයන් සහ පෙරහැර නැරඹීමට පෙරහර මග දෙපස එක්රැස් වූ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම තම ,රාජකාරි වගකීම බවට පසක් කරගත් රජයේ ආරක්ෂක අංශ ,සිය රාජකාරිය ආරම්භ කල අවස්ථාව.
මහනුවර නගරයේ වැව රවුමේ රැඳී සිටින ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක පිහිනුම් ඒකකයේ පොලිස් නිලධාරින් සහ නිලධාරිනියන් විශේෂ බෝට්ටු සේවාව ක්‍රියාත්මක කරමින් විවිධ ආපදාවන්ට ලක්වූ රෝගීන් පවා බෝට්ටු මගින් නුවර වැව හරහා ප්‍රවාහණය කිරීමට දායකත්වය දැක්වූහ.
පොලිස් නිල සුනඛ ඒකකයේ නිලධාරින් සහ නිල සුනඛයන්ද පෙරහැර රාජකාරියේදී සුවිශේෂි නිහඬ සේවාවක් ඉටු කළහ.

Leave a comment