ලෝක ළමා දිනය සමරමින්’’ සිහින සරුංගල් ’’ සිනමා අඹරට එක්වෙයි .
ප්‍රවීණ අංග රචනා ශිල්පි තාරක අධිකාරි සමගින් ළමා ලොවේ ජනප්‍රිය චරිතයක් වන උපුල් මාමා නොහොත් උපුල් වීරසිංහ එක්ව අධ්‍යක්ෂණය කරණ ලද ඔවුන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය " සිහින සරුංගල් " ළමා සිතුවම් පටය , ලෝක ළමා දිනයට සමගාමීව මෙම මස 26 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව ඇත . තම සීයාගේ සෙනෙහස් සෙවනේ හැදී වැඩෙන , දෙමව්පියන් අහිමි පාසැල් වියේ පසුවන දිරිය දරුවෙකුගේ ජීවන කතා පුවතක් "සිහින සරුංගල්" සඳහා පාදකව ඇත .මෙහි ළමා රංගන ශිල්පීන් වන මෙතික සෙනරත් , ඔමාෂි චාතූර්යා , සස්නිත දෙව්මුතු වන්නිආරච්චි , ලඛිඳි හෙසන්‍යා වීරසිංහ , සිතුම්දි විහස්නා අධිකාරි , සදිනි දිලස්නා අධිකාරි ප්‍රධාන ප්‍රවීණ රංගන ශිල්පීන්වන රොෂාන් රණවන , හේමසිරි ලියනගේ , ජනක රණසිංහ, ක්ලීටස් මෙන්ඩිස් , සතිස්චන්ද්‍ර එදිරිසිංහ , චමීර සිල්වා , කුමාර තිරිමාදුර , ආනන්ද අතුකෝරාළ , මනෝහාරි විමලතුංග , ශිරෝමිකා ප්‍රනාන්දු , උමා කරඳගොල්ල , උපුල් වීරසිංහ ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇති අතර , තිර රචනයෙන් සනත් භාෂ්වර කරුණාරත්න , කැමරාකරණයෙන් මංජුල පද්ම කුමාර , සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස් , ශබ්ද සැළසුම්කරණයෙන් තනුෂ්ක කහඳවල , සංගීත අධ්‍යක්ෂණයෙන් කිත්සිළු වික්‍රමසිංහ , අංග රචනයෙන් ජනක රණසිංහ සමගින් සකුෂ් රාජපක්ෂ , සහය අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් චන්දන එදිරිසිංහ , කලා අධ්‍යක්ෂණයෙන් චන්දන ප්‍රියංකර , ඇඳුම් නිර්මාණයෙන් ලක්මාල් අතුකෝරාළ , ගේය පද රචනයෙන් පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි , ගීත ගායනයෙන් ගමිත් නිසංස සහ ලඛිඳි හෙසන්‍යා වීරසිංහ එක්වී ඇති " සිහින සරුංගල් " නවීන් රත්නායක සමගින් රෝහණ වන්නිආරච්චි එක්ව නිෂ්පාදනය කර ඇත .
- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
Leave a comment