පිළිකාවට තිත? රුසියාවේ පිළිකානාෂක එන්නත සාර්ථකයි

පිළිකාව යනු ලොව මෙතෙක් හඳුනාගත් දරුණම රෝගය වන අතර එය සම්පූර්ණයෙන්ම සුව කිරීමට නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. 

ඒ අනුව පිළිකාව සඳහා ප්‍රතිකාර ක්‍රමයක් සොයමින් සිටි රුසියාව එහි සාර්ථකත්වය අත්පත් කරගෙන සිටිනවා. 

ඒ අනුව පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක බවත් එය භාවිතයට සූදානම් බවත් රුසියාව පවසනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීම නිසා දැන් මෙය ප්‍රතිකාර සඳහා යොදාගැනීමට හැකි වන බවයි.

ෆෙඩරල් වෛද්‍ය හා ජීවවිද්‍යා ඒජන්සියේ ප්‍රධානී වෙරෝනිකා ක්වොටොසොවා පවසන්නේ මේ වනවිට මෙම එන්නත ආරක්ෂිත සහ ප්‍රබල ලෙස ක්‍රියාකරන බවට පූර්ණ සායනික අත්හදාබැලීම්වලින් සනාථ වී ඇති බවයි. නැ‍ඟ‍ෙනහිර ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ එන්නත භාවිතයට මුදාහැරීම වෙනුවෙන් අවශ්‍ය නිල අවසරය අපේක්ෂාවෙන් පසුවන බවයි.

පූර්ව සායනික පරීක්ෂණවලදී එන්නත ආරක්ෂිත බව යළි යළිත් තහවුරු වූ බවත් ඇය කියාසිටියා. 

කොවිඩ් එන්නතක් ලෙස භාවිත කළ mRNA එන්නතට යොදාගත් තාක්ෂණයම භාවිත කරමින් වැඩිදියුණු කරන ලද පිළිකා ප්‍රතිකාර එන්නත Enteromix පිළිකා එන්නත ලෙස දැනට හඳුන්වනවා. 

ඒ අනුව එම එන්නත පිළිකා ගැටිතිවල ප්‍රමණය අඩුකිරීමටත් එහි වර්ධන වේගය අඩාල කිරීමටත් 60% සිට 80%ක් දක්වා හැකියාව පවතින බවට සනාථ වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

සටහන - කසුනි විජේසිංහ 

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Previous

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Next

ලස්සනට අඳින්න කැමති ඔයාට

Realted Post

Leave a comment